COLUMN

ගෑස් පෝලිම නවත්තන්න බැරිද ?

Summary

ගෑස් පෝලිම හැමදාම දික් වෙනවා මිසක් කෙටි වීමක් නෑ. මෙච්චර වැඩ්ඩෝ ඉන්න ලංකාවේ ඇයි අපිට තාම බැරි හරි ඇප් එකක් හදලා පෝලිම නැති කරන්න ?

අපිට ඕනා ගෑස් තියෙනවාද නැද්ද, නැත්නම් ගෑස් ආවද නැද්ද කියලා බලන ඇප් එකක්ද, ඒත් නැත්නම් ගෑස් ඕඩර් කරලා, පෝලිමේ නොයිද, ගෑස් ආපු වෙලාවට ගිහින් ගන්න පුලුවන් ටයිප් එකේ ඇප් එකක්ද ?

ගෑස් පෝලිම හැමදාම දික් වෙනවා මිසක් කෙටි වීමක් නෑ. මෙච්චර වැඩ්ඩෝ ඉන්න ලංකාවේ ඇයි අපිට තාම බැරි හරි ඇප් එකක් හදලා පෝලිම නැති කරන්න ?

අපිට ඕනා ගෑස් තියෙනවාද නැද්ද, නැත්නම් ගෑස් ආවද නැද්ද කියලා බලන ඇප් එකක්ද, ඒත් නැත්නම් ගෑස් ඕඩර් කරලා, පෝලිමේ නොයිද, ගෑස් ආපු වෙලාවට ගිහින් ගන්න පුලුවන් ටයිප් එකේ ඇප් එකක්ද ?

ඉතින් මේක පුංචිම පුංචි අයිඩියා එකක් විතරයි:

  1. ඕනම කෙනෙක් ගෑස් සමාගමේ පෝටල් එකට ගිහින් ගෑස් යූසර් කෙනෙක් ලෙස ලියාපදිංචි වෙනවා.
  2. ඒකෙදි නම, ලිපිනය, දුරකතනය, පලාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගෑස් ඒජන්සිය, ඒවගේ අදාල තොරතුරැ දෙනවා.
  3. ඒ යූසර්ට් ගෑස් එකක් ඕනා උනාම එයා පෝටල් එකට ගිහින් ඔන්ලයින් ඕඩර් එක ප්ලේස් කරනවා.
  4. සමාගම රික්වෙස්ට් එක රෙකෝඩ් කරලා යූසර්ට SMS මැසේජ් එකක් එවනවා එම්ටි සිලින්ඩර් එක ලගම ගෑස් ඒජන්සියට බාරදෙන්න කියලා.
  5. යූසර් එම්ටි සිලින්ඩර් එක ඒජන්සියට බාරදුන්නම, සිස්ටම් එකෙන් එයා ප්‍රයෝරිටි රික්වෙස්ට්ර් කෙනෙක් ලෙස අප්ඩේට් කරගන්නවා.
  6. ගෑස් සමාගම සිලින්ඩර් බාරදුන්න හැම යූසර් කෙනෙක්ම ඒ අයගේ ඇනවුම් ප්‍රයෝරිටි එක, සිලින්ඩරේ බාර දුන් දිනය, වෙලාවත් එක්ක පලාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒජන්සිය අනුව සෝර්ට් කරනවා.
  7. ඒ අනුව හැම කෙනාටම පලාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒජන්සිය අනුව වේටින් ලිස්ට් එකේ නම්බර් ‍එක SMS කරනවා.
  8. යූසර් එදාම ඕන්නං සල්ලිත් ගෙවලා වැඩේ සෙටල් කරලම දාලා ගෙදර යනවා, නැත්නම් පස්සේ සල්ලි ගෙවන්න බලාගෙන ගෙදර යනවා.
  9. ගෑස් සමාගම ගෑස් තොග ලැබෙන අනුව, යූසර්ලා ඇනවුම් කල දවස, ඒ ඒ පලාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒජන්සිය අනුව ඩිමාන්ඩ් එක ඇනලයිස් කරලා සිලින්ඩර් බෙදාහරිනවා.
  10. ඒ ගමන්ම, බෙදා හරින සිලින්ඩර් ගාන අනුව, ගෑස් සමාගම යූසර්ට SMS එකක් යවනවා මේ දවසේ, මේ වෙලාවට තමන්ගේ ගෑස් එක අදාල ඒජන්සියෙන් ගන්න කියලා.
  11. කවුරුහරි යූසර් කෙනෙක් ගෑස් එක ඒ දිනයේ, ඒ වෙලාවට නොගත්තොත් හරි සල්ලි ගෙවලා නැත්නම් හරි, යම් ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා.
  12. ඒත් නැත්නම් ඒජන්සිය ඒක සිස්ටම් එකේ අප්ඩේට් කරනවා, එතකොට සමාගම වේටින් ලිස්ට් එකේ උඩම ඉන්න අනික් කෙනාට SMS එකක් යවනවා.
  13. ඒ ඒ පලාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒජන්සිය අනුව ඩිමාන්ඩ් එක ඇනලයිස් කරලා සිලින්ඩර් කීයක් එක් එක් ඒජන්සියට ‍යවනවාද කියන එක තීරනය කරන්න විනිවිද ෆෝමියුලා එකක් හදනවා.

මේ වගේ පුංචි සීන් එකකින් මිනිස්සුන්ට විශ්වාසයක් එනවා තමන්ගේ ගෑස් එක අඩුම ගනේ මේ දවසේ ලැබෙනවා කියලා. එතකොට මිනිස්සු පෝලිමේ කාලේ කන එකත්, පෝලිමේ ගහ මරාගන්න එකත්, පාරවල් වහන එකත් වගේම එක එක ඒජන්සිය ගෑස් තමන්ගේ හිතුමතයට බෙදන එකත් නවතිනවා. මේවගේ එකක් නැත්නම් එක හදන එකත්, තියෙනවානම් ඒක මාකට් කරලා ගන්න එකත් කරන්නැතිව මොනා කලත් ගෑස් පෝලිමේ දිගයි, මිනිස්සු බනින එකයි, පාරවල් වහන එකයි ටීවී එකේ යන තවත් නිවුස් එකක් විතරයි. ලංකාව හෙටත් සංවර්ධන වෙමින් පවතින රටකි. ඔය කතාව අපි අපේ අනාගත පරපුරටත් උරුම කරලා යමුද ? නැත්නම් පොඩ්ඩක් හරි වෙනස් කරමුද ?

Leave a Reply

Your email address will not be published.