COLUMN

ගෙදරදීම ”හොඳ ළමයි” සාදා ගනිමු..!

Summary

සෑම දෙමව්පියෙක්ම කැමතියි තමන්ගෙ දරුවන් හොඳින් හැදෙනව බලන්න. පිට අය ඔවුන් ගැන හොඳ කියනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේමයි ළමයි දක්ෂ වෙනවටත් මව් පියන් හරි ආසයි. මේ කරුණු දෙක චතුස්කෝටිකයි ද..? හොඳ-දක්ෂ… නරක-දක්ෂ… හොඳ-අදක්ෂ සහ නරක-අදක්ෂ වශයෙන්..? ළමයින් ගැන සංවාදය මෙවැනි මාන දෙකකින් ගෙනියන්න බැහැ ඔවුන් එතරම්ම සංකීර්ණ සත්ව කොට්ඨාශයක්. නමුත් මම කැමතියි ඉපදෙන හැම ළමයම ”හොඳ” කියන අක්ෂයේ ඉහළ අගයක ඉන්නවට. මම ළඟදී ගියපු රුපවාහිනී සාකච්චාවක වැඩ සිටිය ස්වාමීන් වහන්සේ කීව ළමයි ප්‍රභාෂ්වරයි කියා. ඉපදුන විගස කිසිම නරකකින් කිලිටි වී නැති බවයි ඉන් මම තේරුං ගත්තෙ. ටිකෙන් ටික සමාජ බලපෑමෙන් ඒ වගේම පරිසරයෙන් ඔවුන්ගේ ප්‍රභාව ක්ෂය වෙනවලු.

සෑම දෙමව්පියෙක්ම කැමතියි තමන්ගෙ දරුවන් හොඳින් හැදෙනව බලන්න. පිට අය ඔවුන් ගැන හොඳ කියනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේමයි ළමයි දක්ෂ වෙනවටත් මව් පියන් හරි ආසයි. මේ කරුණු දෙක චතුස්කෝටිකයි ද..? හොඳ-දක්ෂ… නරක-දක්ෂ… හොඳ-අදක්ෂ සහ නරක-අදක්ෂ වශයෙන්..? ළමයින් ගැන සංවාදය මෙවැනි මාන දෙකකින් ගෙනියන්න බැහැ ඔවුන් එතරම්ම සංකීර්ණ සත්ව කොට්ඨාශයක්. නමුත් මම කැමතියි ඉපදෙන හැම ළමයම ”හොඳ” කියන අක්ෂයේ ඉහළ අගයක ඉන්නවට. මම ළඟදී ගියපු රුපවාහිනී සාකච්චාවක වැඩ සිටිය ස්වාමීන් වහන්සේ කීව ළමයි ප්රභාෂ්වරයි කියා. ඉපදුන විගස කිසිම නරකකින් කිලිටි වී නැති බවයි ඉන් මම තේරුං ගත්තෙ. ටිකෙන් ටික සමාජ බලපෑමෙන් ඒ වගේම පරිසරයෙන් ඔවුන්ගේ ප්රභාව ක්ෂය වෙනවලු.
මට ඒ දවස්වල හිටියෙ දරුවන් දෙදෙනයි. වැඩිමල් පුතා සහ බාල දියණිය – පරතරය මාස 15යි. ඔවුන් සාමාන්යයෙන් සමගියෙන් ජීවත් උනත් පොඩ්ඩ බැරි වෙනකොට රණ්ඩු වෙන ජෝඩුවක්. පොඩි පොඩි දේ ට. නමුත් උන් හොඳ ළමයි. මේ ඒ බව මට දැනුනු දවස ගැන…
රුපවාහිනී ප්රවෘත්ති බලමින් සිටිය මගේ අම්මත් තාත්තත් සමග පොඩිඋන් දෙදෙනා. නිරන්තරයෙන් මතභේද ඇතිකරගෙන කෑ කෝ ගහන මේ දෙදෙනා නිසා ප්රවෘත්ති නැරඹීම හරිම අමාරුවෙන් තමයි මගේ දෙමව්පියන් කරන්නෙ. එදත් ඔවුන් මහත් කලහයක් ඇතිකරගෙන තිබෙන බව ඈත කාමරයේ සිට පරිඝනකයේ වැඩ කරමින් උන් මට තේරුණා. ඒක හරිම නරක වැඩක්..! එහෙම කරන්නේ කොහොමද.? කවුරු කරපු ජරා වැඩක්ද..? වැනි අවලාද රැසක් මහා හඬින් නගමින් නඩුව ආව මගේ විනිශ්චය සභාවට..!
“තාත්තෙ..! තාත්තෙ.!! ඒක හරිම නරක වැඩක් නේද..?” මගෙන් ඔවුන් අසනව. මම ඇසුව “මොන වැඩේද..?” කියා.
අර දිවියව අල්ලන්න කරපු වැඩේ..!
ඉතින් PeoTV නොතිබුන ඒ දවස්වල රාත්රී ඉංග්රීසි ප්රවෘත්තිත් බලලයි මට විනිශ්චය දෙන්න උනේ. කතාව මේකයි…
නෝවුඩ් ප්රදේශය කළඹවමින් දිවියෙක් ගම් වැදිල. ඌ නිතරම නිවෙස්වලට පැනල සුරතල් සතුන්, කුකුළන් සහ හරක් පැටවුන්ද පැහැර ගනිමින් මහත් භීතියක් ඇති කරලලු. ඉතින් බලධාරීන් ඌව අල්ලන්න උගුලක් අටවා ඇම සඳහා කොහෙන්දෝ බල්ලෙක් ගෙනත් පණ පිටින් බිලි දීමට සැරසිලා. ඉතා කලාතුරකින් හෝ යම් කිසි දෙයකට එකඟ නොවෙන මගේ පුත් සහ දියණිය පුර්ණ එකඟතාවක මේ වැඩේ තරයේ හෙලා දැකීමට..!
මේ ඔවුන්ගේ මත…
ඌ මොන වරදක් කරාටද මරන්න යන්නෙ..?
ඇයි දිවියව සිහි නැතිකරල අල්ලගන්න බැරිද..?
දැක්කද ඒ බල්ල ඉන්න විදිය… හරිම පවු ඌ…
දැන් රෑ ඌ තනියම ඉන්නකොට දිවිය ලඟට එනකොට ඌ මොනතරම් බය වෙයිද..?
බැඳලා නිසා ඌට දුවගන්නත් බැහැ…
මේ විරෝධතාකරුවන් කොතරම් සටන්කාමි උනත් ඒ කාලේ නිදිය ගත්තේ අපේ ඇඳේමයි..! ඉතින් මේ අසාධාරණයට විරුද්ධ කතා කියමින් ඔවුන් නින්දට ගියේ හරිම දුකෙන්. ඔවුන්ට මේ නරක වැඩේ කොහොමටවත් අනුමත කරන්න බැරිවුණා… හිත හදාගන්නත් බැරි උනා ඇයි මිනිස්සු මේ තරම් නරක කියල.
මෙවැනි දේ ගැන ඔවුන්ට මේ තරම් දැඩි මතයක් ඇති වුනේ කොහොමද..? මම කල්පනා කළා. අපේ ගෙදර විධිය වෙන්න ඇති. ඔවුන් හරි වැරැද්ද තේරුං ගන්න වටපිටාව, බොහෝ දේ වගේම ඇසුරු කරන හැමෝම දායක වෙන්න ඇති. විශේෂයෙන්ම අපේ අම්මගේ සාධාරණ තීරණ. නමුත් මම හිතනවා, ඔවුන් ඉතා කුඩා කාලයේ සිට අපේ ගෙදර සිටි බළල් සුරතලුන් එක්ක තිබුණු ගනුදෙනුව මේ සියල්ලටම වඩා මේ අරගලය සඳහා ඔවුන්ව පොළඹවන්න ඇතැයි කියා… මම කල්පනා කරා හිටපු අය ගැන… බූස් සහ බෑස් (ජෝඩුවක්), කැටලිස්ට්, Psst. (ව්යවහාරයට බිස්ට බිස්ට) සිට දැන් මෙහි ඉන්න කේට් (kat-e) හෙවත් සුදු පූස් සහ කැට්රිනා (kat-rina) හෙවත් කළු පූස්. බල්ල කයි (kye) අමතක කරන්න බැහැ කොහොමටත් – වසර දහයක් කියන්නෙ ලොකු කාලයක්. මේ සෑම සුරතලේකුගෙන්ම ඔවුන් ඉගෙනගත් වැදගත් ම දේ තමයි empathy – අනුන්ගේ හැඟීම් තමන්ගේ ලෙසටම දැනීම සහ තේරුම් ගැනීම. විශේෂයෙන්ම අනුන්ගේ දුක් දොම්නස් තමන්ගේ ලෙස දැනීම. මා හොඳින් නිරීක්ෂණය කර තිබෙනවා කුඩා ළමුන් ලෝකෙ හැම දේම තමන්ට ඕන විදියට වෙන්නේ නෑ කියල දැනගන්නේ සුරතල් සතුන්ගෙන්. ඒ සුරතල් සතුන් ගෙදර අය, විශේෂයෙන්ම දෙමව්පියන් තරම් කීකරු හෝ අවනත නැති නිසා..!දොස්තරල හුඟක් අය දෙමව්පියන්ට උපදෙස් දෙනව මම දන්නව සුරතල් සතුන් ගෙදරට ගේන්න එපා කියල. ඇදුම – හතිය වගේ ලෙඩ හැදෙනව – සතුන් නිසා ඔවුන් කියාවි. නමුත් සුරතල් සතුන් ළමයින්ගෙ ආකල්ප වර්ධනයට නම් ගොඩක් ධනාත්මකයි මම හිතන්නෙ. විශේෂයෙන් ඔවුන් දුක ඉගෙනගන්නේ ඒවගේ සතකු අපිව හැර දා යන දවසට. මට සතුටුයි ඔවුන් දෙදෙනා දිවියාගේ ඇම වෙච්ච බල්ල ගැන කම්පා වීම ගැන. ඔවුන් හරි වැරදි තේරෙන හොඳ ළමයි වෙලා ඉබේටම… අනුන්ගෙ දුක තේරුම් ගැනීම මේ වගේ දුෂ්කර අවස්ථාවක රටේ තියෙන්නම ඕනෙ දෙයක්. අපි අතර, ඊටත් වඩා අපේ නායකයින් අතරෙත්. එතකොට ප්රශ්න විසඳන්න ලේසියි.
මේ පින්තුරේ ගත්තෙ මම. අසාර්ථක family portrait එකක්. අළුත් සාමාජිකයා චුටි දූ විතරයි කළු පූස් හොඳින් හසුරවාගන්නේ. අපි සුදු පූස් සහ කළු පූස් වඩා ගත් එක kye ට උඩ පනින්න හේතුවක් උනා. අපේ නෝනට kye මෙල්ල කරගන්න බැරිඋනා. සුදු පූස් පැන ගියා, … පින්තුරය ආවෙ ඉතිං මෙහෙම තමයි….
Leave a Reply

Your email address will not be published.