ගෝඨාභය දෙවියෙකු බවට පත්වීම. – Gammiris
COLUMN

ගෝඨාභය දෙවියෙකු බවට පත්වීම.

Summary

සිත්ගන්නා ප්‍රපංචයක් සිදුවෙමින් තිබේ. ලංකාවේ වැසියන් විසින් ගෝඨාභය ජනපති සර්වබලධාරී සර්වව්‍යාපී සියල්ලදත් මහාකාරුණික දෙවියයෙකු බවට සම්මත කරමින් තිබේ. කොරෝනා වසංගතය විසින් සමස්ත මානව ශිෂ්ටාචාරයම තුෂ්නිම්භූත කර පරසක්වළ ගසා ඇත. මිලියන ගණන් මිනිසුන් මියගොස් තවත් මිලියන ගණනක් ලෙඩ වී ඇත. කර්මාන්ත බිඳවැටී රැකියා අහිමි වී මිලියන ගණන් මිනිසුන් අසරණ වී ඇත. ලොව බලගතුම දේශපාලන නායකයන් කරකියා ගන්නට දෙයක් නොමැතිව වික්ෂිප්තව ඇත.

සිත්ගන්නා ප්‍රපංචයක් සිදුවෙමින් තිබේ. ලංකාවේ වැසියන් විසින් ගෝඨාභය ජනපති සර්වබලධාරී සර්වව්‍යාපී සියල්ලදත් මහාකාරුණික දෙවියයෙකු බවට සම්මත කරමින් තිබේ. කොරෝනා වසංගතය විසින් සමස්ත මානව ශිෂ්ටාචාරයම තුෂ්නිම්භූත කර පරසක්වළ ගසා ඇත. මිලියන ගණන් මිනිසුන් මියගොස් තවත් මිලියන ගණනක් ලෙඩ වී ඇත. කර්මාන්ත බිඳවැටී රැකියා අහිමි වී මිලියන ගණන් මිනිසුන් අසරණ වී ඇත. ලොව බලගතුම දේශපාලන නායකයන් කරකියා ගන්නට දෙයක් නොමැතිව වික්ෂිප්තව ඇත.

නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන්ට විසඳුමක් දීගත නොහැකිව සිරවී ඇත. දෙවියන්ගේ මිහිපිට නියෝජිතයන් සිය දෙවියන්ගෙන් පිහිටක් ලබාගැනීමට නොහැකිව මුළුගැන්වී ඇත. කොටින්ම දෙවියන්වහන්සේ පවා අතුරුදන්ව ඇත. නමුත් ඒ වෙනුවට ලංකාවේ වැසියන් නව දෙවියෙකු නිර්මාණය කරගෙන ඇත. එනම් ලංකාවේ වත්මන් ජනපති ගෝඨාභය මහතාය. කිසිම ජගතෙකුට කරන්නට නොහැකි දේ ගෝඨාභය ජනපති විසින් ඔවුන්ට කරදිය හැකි යැයි ඔවුන් විශ්වාස කිරීමට පටන්ගෙන ඇත. පිටස්තර ලෝකයම කඩාගෙන වැටෙමින් තිබියදී ගෝඨාභය ජනපති විසින් ලංකාව පමණක් පෙර තිබූ ලෙසින් නොව කවදාවත් නොතිබූ සුරපුරයක් අයුරින් පවත්වාගත යුතු යැයි වැඩිපුරම කියන්නේ JVP කාරයන්ය. ඔවුන් එසේ බලාපොරොත්තු වී තිබීමෙන් පෙන්වන්නේ ඔවුන් ගෝඨාභය සර්වබලධාරී දෙවියෙකු ලෙස දැඩිව සලකා ඇති බවය.

එය ඉතාම සිත්ගන්නා සුලු විශ්වාසයකි. ඔවුන්ට අනුව ගෝඨාභය සියල්ල දන්නා දෙවියෙකි. ඔවුන්ට අනුව ගෝඨාභය යනු අනාගතය ගැන නිශ්චිතව දන්නා සර්වකාලික දෙවියෙකි. ඔවුන්ට අනුව ගෝඨාභය යනු ඕනෑම වැසියෙකුගේ සිත් දන්නා සර්වකායික දෙවියෙකි. ඔවුන්ට අනුව ගෝඨාභය යනු සියලු ප්‍රශ්න ඇසුරු සැනින් විසඳන කරුණාවන්ත දෙවියෙකි. ඔවුන්ට අනුව ගෝඨාභය යනු ඕනෑම සම්පතක් මැවිය හැකි මහා බ්‍රහ්මයෙකි. සාම්ප්‍රදායික දෙවියන්වහන්සේලා අහෝසි වී යනවිට ඔවුන් ගෝඨාභය ජනපතිව එම තනතුරට පත්කරගෙන තිබේ. අපෙන් ඇතැමෙක් ජනරජයට මිනිස් ජනපතිවරයෙකු තෝරාගන්නා විට බොලේ අතිශය බහුතරයක් වැසියන් විසින් සර්වබලධාරී දෙවියෙකු තෝරාගෙන ඇත! දැන් ඔවුන් ගෙවන සෑම තත්පරයක්ම ගෙවන්නේ එම දෙවියන් ඇසුරෙහිය. ඔවුන් උදැසන නැගිටින්නෙත් රාත්‍රියේ නින්දට යන්නෙත් ඒ දෙක අතර කරන හැම කෙහෙල්මලක්ම කරන්නේත් ගෝඨාභය දෙවියන්ගේ නාමයෙනි. මා වඩාත් අමන්දානන්දයට පත්වන කාරණය වන්නේ ස්වයංප්‍රකාශිත අදේවවාදීන් සහ නිරාගමිකයන් බොහෝ දෙනෙකු මෙම නව සර්වබලධාරී දෙවියන් කෙරෙහි ෆැන්ටසියකින් බැඳී සිටීමය. ඔවුන් තරම් මෙම දෙවියන් කෙරෙහි යාඥා කරන වෙනත් කිසිවෙකු නැති තරම්ය. ඔවුන්ගේ සියලු කතාවල ආරම්භයත් අවසානයත් ගෝඨාභය දෙවියන්වහන්සේය.

ඔවුන් විසින් කඩාකප්පල්කාරී වැඩ සිදුකර බලා සිටින්නේ එම දෙවියන් විසින් ඒවා නැවත හරිගස්සවන තෙක්ය. ඔවුන් තම දෙවියන් සොයමින් යන්නේ එලෙසය. මෙවැනි බහුජන විශ්වාස වැඩි වී වැඩි වී ගොස් කිසියම් මොහොතක සමාජ සම්මතයන් බවට පත්වේ. මට පෙනෙන්නේ ඊළඟට වෙන්නට යන්නේ එයයි. මේක නම් මරු වැඩක්… ධර්මය අපට මග වේවා!

Leave a Reply

Your email address will not be published.