COLUMN

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ උදය ගම්මන්පිල ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පාවා දුන්නාද…?

Summary

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සිදු කලේ කුමක්ද…?
මෙම තෙල් ටැංකි අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. එහෙත් එම තෙල් ටැංකි ශ්‍රී ලංකා රාජ්‍ය යටතේ තබා ගැනීමද සිදු කළ යුතුය.

මේ තෙල් ටැංකි කතාවෙ ඉතිහාසය 1920 වසර දක්වා දිවයන්නකි. බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ මෙම තෙල් ටැංකි ඉදිකරන ලදී. අක්කර 827 ක භූමි ප්‍රමාණයක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100ක් මෙහි ඇත. දෙවන ලෝක යුධ සමයේ 1942 අප්‍රේල් මස 9 වනදා එල්ල වුණු ජපන් ගුවන් ප්‍රහාරයකින එක් ටැංකියක් විනාශ විය.

මේ තෙල් ටැංකි සඳහා ඉන්දියාව මැදිහත් වන්නේ කවදා ද..?
1987 ජුලි 29 වන දින ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි සහ ලංකාවේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන අතර හුවමාරු වූ ලිපියකින් එහි 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට එකඟ විය. ( හොඳ වෙලාවට ඒ කාලේ FB තිබ්බෙ නැත්තෙ )
ඉන් පසුව 2003 වසරේ පෙබරවාරි 07 දින අගමැති රනිල් වික්‍රමසිංහ අත්සන් කළ ගිවිසුමක් යටතේ මේ තෙල් ටැංකි 99 ක්ම වසර 35 කට බදු පදනම මත ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දෙනු ලැබීය.

2017 දී මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනමට ඉන්දියාවට ලබා දීමට මලික් – සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවැති යහපාලන ආණ්ඩුව එකඟ විය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සිදු කලේ කුමක්ද…?
මෙම තෙල් ටැංකි අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. එහෙත් එම තෙල් ටැංකි ශ්‍රී ලංකා රාජ්‍ය යටතේ තබා ගැනීමද සිදු කළ යුතුය.

එම නිසා..
ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම නමින් සමාගමක් පිහිට වූයේය.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය කරන සමාගමකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වේ. නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි.

ඒ අනුව ජනවාරි 06 වෙනිදා අත්සන් කළ නව ගිවිසුම යටතේ ඉන්දියානු තෙල් සමාගම (IOC) යටත්ව පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යයි.

  • ලංකා ඛනිජ තෙල් සංස්ථාව – ටැංකි 24යි.
  • ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම – ටැංකි 61යි.
  • ඉන්දියානු ලංකා තෙල් සමාගම – ටැංකි 14යි.

ඒ අනුව මෙම ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතු වේ. මෙය පාවා දීමක්ද…? ජයග්‍රහණයක්ද..? රටට අහිමි වීමට ගිය භූ විෂමතා අතින් වටිනාම සම්පතක් නැවත හිමි කර ගැනීම පාවා දීමක්ද..?

Leave a Reply

Your email address will not be published.