COLUMN

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එන්නත්කරනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේම 04 වෙනි තැනට ගෙනත් තියෙනවා

Summary

ලෝකයේ පලවෙනි කොවිඩ් රෝගියා වාර්තා උනේ 2019 දෙසැම්බර් මාසෙ. ලංකාවේ පලවෙනි කොවිඩ් රෝගියා වාර්තා උනේ 2020 ජනවාරි 27. ලෝකයේ ඉස්සෙල්ලම කොවිඩ් එන්නත ලබා දුන්නෙ 2020 දෙසැම්බර් 06 වෙනිදා. ශ්‍රී ලංකාවේ ඉස්සෙල්ලම කොවිඩ් මර්දන එන්නත ලබා දුන්නෙ 2021 ජනවාරි 29 වෙනිදා.. […]

ලෝකයේ පලවෙනි කොවිඩ් රෝගියා වාර්තා උනේ 2019 දෙසැම්බර් මාසෙ. ලංකාවේ පලවෙනි කොවිඩ් රෝගියා වාර්තා උනේ 2020 ජනවාරි 27.
ලෝකයේ ඉස්සෙල්ලම කොවිඩ් එන්නත ලබා දුන්නෙ 2020 දෙසැම්බර් 06 වෙනිදා. ශ්‍රී ලංකාවේ ඉස්සෙල්ලම කොවිඩ් මර්දන එන්නත ලබා දුන්නෙ 2021 ජනවාරි 29 වෙනිදා..
කොවිඩ් එන්නත්කරනය පටන් ගනිද්දී විපක්ෂය කියපු කතා ටිකක් මතක් කරමුද..?

🔸” වර්තමාන ආණ්ඩුව හරි වෙලාවට එන්නත් ඇනවුම් කරලා නෑ. අපිට එන්නත් එන්නෙ ලෝකයෙ අනිත් රටවල් එන්නත් අරගෙන ඉතිරි උනොත් විතරයි ”
– සජිත් ප්‍රේමදාස –
🔸” මේ ආණ්ඩුව අනුමත වෙලා නැති එන්නත් ගෙනත් මේ රටේ මිනිස්සු පර්යේෂණාගාර මීයෝ කරන්න යනවා ”
– අනුර කුමාර දිසානායක-
🔸” රටේ එන්නත්කරනය අයාලේ යනවා ”
– සජිත් ප්‍රේමදාස –
🔸” එන්නත්කරන ක්‍රියාවලියෙන් ආරක්ෂක අංශ ඉවත් කළ යුතුයි –
– රනිල් වික්‍රමසිංහ-
🔸” අපේ ආණ්ඩුව පිටරටවල් වලින් එන්නත් හිඟා කනවා ”
– අනුර කුමාර දිසානායක-
🔸” අවුරුදු 30 න් අඩු අයට එන්නත් ගේන්න ආණ්ඩුවට සල්ලි නෑ –
– රනිල් වික්‍රමසිංහ –
🔸” ඉන්දියාවෙන් ගේන ඇස්ට්‍රොසෙනිකා එන්නත බාලයි ”
– අනුර කුමාර දිසානායක –
🔸 ” එන්නත්කරනය හමුදාවෙන් ඉවත් කර සෞඛ්‍ය අංශයට පමණක් බාර දිය යුතුයි ”
– සමන් රත්නප්‍රිය-

එහෙම තමයි විපක්ෂය කොවිඩ් මර්දන එන්නත්කරණයේදි මේ රටේ ජනතාව උදාසීන කෙරෙව්වෙ. මේ වගේ කුහක, අවස්ථාවාදී විපක්ෂයක් මේ ලෝකෙ කිසිම රටක නැතුව ඇති.
ඒ විතරක් නෙවේ කොවිඩ් මර්දනය සාර්ථකව කරගෙන එනකොටම විපක්ෂය වර්ජන සහ උද්ඝෝෂන රැල්ලක් ආරම්භ කරනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මේ විවේචන, වර්ජන සහ උද්ඝෝෂන සත පහකට මායිම් කරේ නෑ. ඔවුන් ඔවුන්ගේ වගකීම සහ යුතුකම ඉෂ්ඨ කරා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කළ එන්නත්..
🔹ඇස්ට්‍රා සේනිකා 2,865,424
🔹මොඩර්නා 1,500,000
🔹ස්පුට්නික් 195,000
🔹සිනෝෆාම් 26,000,000
🔹ෆයිසර් 18,000,000
ගෙනවිත් අවසන්..
මේ වෙනකොට එන්නත් දීමට අපේක්ෂා කළ ජනගහනයෙන් සියල්ලන්ටම පලමු එන්නත් දෙකම දී අවසන්..
ඒ අනුව..
♦️පලමු එන්නත මිලියන 16 කට දී අවසන්.. ( 85%)
♦️දෙවන එන්නත මිලියන 14 කට දී අවසන්.. (75%)
♦️බූස්ටර් එන්නත මිලියන 4.8 කට දී අවසන් (25%)
එහෙත් තුන්වෙනි එන්නත ලබා ගැනීමෙ අඩු බවක් පේන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව පොලඹවමින් සිටිනවා.
ඒත් එන්නත්කරනය උදාසීන කළ විපක්ෂය එක වචනයකින් හෝ ජනතාවට ගිහින් බුස්ටර් එන්නත ගහගන්න කියලා කියනවා ඔබට ඇහිලා තියෙනවාද..? දැකලා තියෙනවා ද..?
විපක්ෂයෙ මේ මජර ක්‍රියාකලාපය මැදින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එන්නත්කරනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේම 04 වෙනි තැනට ගෙනත් තියෙනවා. රට සාමාන්‍යකරණය කරලා තියෙනවා.
ජය ධරණි 🇱🇰

Leave a Reply

Your email address will not be published.