COLUMN

ජනතාවගේ දුක නිවන්නටය කියා අරගල කළ වසන්තගේ දුක නිවන්න ජනතාව නොඑන්නේ ඇයි? 

Summary

“කපුටු කාක්” තාලයට හෝන් හඬවමින් මහමග අරගල කළ වාහන හිමියන් දැන් වසන්ත වෙනුවෙන් “පූං” තරම් හඬක් නගන්නේ නැත. ඔවුන්ට දැන් ඕනෑවටත් වඩා තෙල් තිබේ.

මාස තුනක් පුරා සිර කර සිටින වසන්ත මුදලිගේ බේරාගන්නට “ජය බන්දා ලොවේ” කිසිවෙකුට නොහැකි වී තිබේ. ඊනියා අරගල භූමියේ මාරුවෙන් මාරුවට පාළු මැකූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වසන්ත වෙනුවෙන් එහෙම එන්නේ නැත. සතියකට සැරයක්වත් රට වටෙන් පැමිණ වසන්ත සමග මුරකාවල් බිඳ දැමූ වීර පුතීලා අද වසන්ත වෙනුවෙන් එහෙම එන්නේ නැත.
“කපුටු කාක්” තාලයට හෝන් හඬවමින් මහමග අරගල කළ වාහන හිමියන් දැන් වසන්ත වෙනුවෙන් “පූං” තරම් හඬක් නගන්නේ නැත. ඔවුන්ට දැන් ඕනෑවටත් වඩා තෙල් තිබේ.
පැයෙන් පැයට ලයිව් ඇවිදින් ජනතාව කඳවූ රැට්ටා දමිතා දුලීකා විශ්ව ආදී අරගල නායකයන් තම සහෝදර අරගල නායක වසන්ත වෙනුවෙන් මැස්සෙක්වත් කැඳවන්නේ නැත. ඔවුන් මේ දිනවල තමන්ගේ අලුත් ගෙවල් දොරවල් යාන වාහන සුදුවෙන ක්‍රීම් මියුසික් වීඩියෝ ආදිය පෙන්වමින් ලයිව් එනවා නම් පෙනේ.
ගෝල්ෆේස් අරගල භූමියට නොවරදවා පැමිණි සංජීව වීරවර්ණ හර්ෂ පුරසිංහ හර්ෂ සුබසිංහ වැනි IT කාරයන් සහ කොළඹ කොම්පැණිවල විධායක නිලධාරීන් දැන් වසන්ත වෙනුවෙන් එන්නේ නැත. ඔවුන්ට ඔවුන්ගේ AC කාමර සහ සති අන්ත ට්‍රිප් ලැබී තිබේ.
තම දේශපාලන ප්‍රතිවාදීන්ට පහර දී මහමග ඝාතනය කර නිවාස වාහන ගිනිබත් කරන්නට ඉතාම ඉක්මනින් පැමිණි ජවිපෙ සාහසිකයන් වසන්ත වෙනුවෙන් එන්නේ නැත. තම විරුද්ධවාදීන්ගේ නිවාස තිබෙන තැන් වට්සැප් ග්රූප් තුළ පාවා දුන් ලස්සන කලාකරුවන් දැන් වසන්ත වෙනුවෙන් වචනයක් කියන්නේ නැත. ඔවුන් පිටරට සංචාරවලය.
ඒ සාහසිකයන්ට අත්පොළසන් දී ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළ කළු ලෝගු හැඳගත් සාල සහචරයන් වසන්ත වෙනුවෙන් එහෙම මහන්සි වෙන්නේ නැත.
මයික් ඉස්සරහා වහසි බස් කියන කුමාර් පුබුදු දුමින්ද ආදී පෙසප නායකයන්ට වසන්ත වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්නට බැරි වී තිබේ.
අරගලකරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අමානුෂික අපරාධය අතරතුර නිදාගෙන හිටි මානව හිමිකම් NGO කාරයන් ටිකක් නම් වසන්ත වෙනුවෙන් එනවා පෙනේ. ඔවුන්ටත් ආදායමක් එපැයි.
අඩුම තරමින් අරගලයේ මහා න්‍යයාචාර්ය නිර්මාල් දේවසිරි ගුරු දේවයන්වත් වසන්ත මුදලිගේ වෙනුවෙන් එතරම් උනන්දු වෙන බවක් නොපෙනේ. එකල අරගලකරුවන්ගේ මහා වීරයන් වූ සන්නස්ගල සහ චින්තා දැන් අරගලකරුවන්ට නොකියන අවලාදයක් නැත.
මේ සියල්ලෙන් පෙනෙන්නේ අරගලය යනු තනිකරම “ව්‍යාජයක්” බවයි. එහි කිසිදු සැබෑ ජනතා විප්ලවයක් නොමැති බවයි. මන්ද එසේ තිබුණා නම් වසන්ත මාස තුනක් තියා දවස් තුනක්වත් හිරේ ඉන්නේ නැත. ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ

Leave a Reply

Your email address will not be published.