Opinion

ජාතිකවාද නිසා විනාශවන ජාතිකත්වය

Summary

ආගෙමයි ජාතිකත්වයෙයි නිරායාසයෙන් තියෙන යාවීම ඩබ්ලිව්. ඒ. සිල්වාගේ, ජී. බී. සේනානායකගේ, කරුණාසේන ජයලත්ගේ, හේමපාල මුනිදාසගේ පොත්වල තියෙනවා.

  • Save

[සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව]

‘මතවාදයක හා ආගමක වෙනසක් තියෙනවා. ආගමක ශාස්තෘවරයෙක් හෝ දෙවියෙක් ඉන්නවා. සමහර විට දෙන්නම ඉන්නවා. ඒත් මතවාදයක ශාස්තෘවරයෙක් නෑ. දෙවියෙක් නෑ. දෙවියා තමන්. මතවාදයක් කියන්නෙ තමන් තමන්ට වන්දනා කරන්න මිනිසා විසින් හොයාගත්ත දෙයක්.’

ජයවීර මෙසේ සිතන අතර වැගන්ආරය පාර්ලිමේන්තු පිට්ටනsh පසුකරමින් තිබිණි.

‘අපි ඔක්කොම රජවරු කියලා සින්දුවක් හැදුණා. ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදය එක්ක හැදුණු සින්දුවක්. දැන් ප්‍රජාතන්ත්‍රවාදය තවත් සුපිරි වෙලා. දැන් සින්දුව අපි ඔක්කොම රජවරු නෙමෙයි අපි ඔක්කොම දෙවිවre. පේස්බුක් එකේ ඉන්නෙ ඔක්කොම දෙවිවරe. ආගම එක්ක හිටියේ දෙවිවරු තිස්තුන්කෝටියයි. ඒත් දැන් පේස්බුක් සාමාජිකයෝ කෝටි iShla විතර ඉන්නවා. ඒ කියන්නේ ish කෝටියක් දෙවිවරe.’

‘දැන් වෙන දෙවිවරe අදහන්නේ නෑ අදහන එකම දෙවියා තමන්. තමන්ගෙන් විතරයි වරම් ගන්නෙ. තමන්ට විතරයි වදින්නෙ. අනිත් ඔක්කොම සත්තු.’

පාර්ලිමේන්තු වටරවුම ද පසුකරමින් වැගන් ආරය රාජගිරිය දෙසට ඇදිණි.

‘කතෝලික ආගමේ සර්ව බලධාරී දෙවියෝ ගැන කියනවා. මතවාදයක් ඇතුළේ ඉන්න සර්ව බලධාරී දෙවියා තමන්මයි. බුද්ධාගමේ බුදුහාමුදුරුවෝ සර්වඥ හෙවත් සියල්ල දත් කියලා කියනවා. මතවාදයක් තියෙනකොට තමන් සර්වඥයි. ඇත්තටම මතවාදයක් මගින් මනුස්සයෙක් අමු ගොනෙක් බවට පත්කරනවා.’

‘ආගම් මගින් මිනිස්සු මෝඩයෝ බවට පත් කරනවා කියලා කියනවා. ඒත් මතවාද මගින් මිනිස්සු අමු තිරිසන්නු බවට පත්කරනවා. මනුස්සයාගේ මනුස්සකම රැදෙන්නෙ ආගමේ. ඊට විකල්පයක් හොයාගන්න තරම් මිනිස් ශිෂ්ටාචාරේ තවම මෝරලා නෑ. ඒත් මෝඩකමට මතවාද හොයාගත්තා.’

රාජගිරිය පසුකරමින් ජපන් වැගන්ආරය බොරැල්ල සේනානායක හන්දිය දෙසට ඇදෙමින් පැවතිණි,

‘මතවාද කියන එක යුරෝපීය සුද්දාගේ සොයාගැනීමක්. ආගම් බිහිවුණේ ආසියාවේ. යුරෝපයේ කිසිම ආගමක් බිහිවුණේ නෑ. සුද්දා හොයාගත්තෙ මතවාද. එහෙම නැත්නම් සුද්දාගේ ආගම මතවාද’

‘මේ කියන්නේ එංගලන්ත ප්‍රංශ ජර්මන් සුද්දෝ ගැන. ඉතාලියෙ කතෝලික ආගම තිබුණා. රුසියාවේ ඕතොඩොක්ස් ආගම තිබුණා. ආගම් පරාජය කිරීමේ පළමු පියවර හැටියට තමයි සුද්දා ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය හදාගත්තෙ. ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය යටතේ මතවාද ලියලා වැඩුණා.’

සේනානායක හන්දිය පසුකරමින් වැගන්ආරය ඇදෙමින් පැවතිණි.

‘රුසියානු විප්ලවය කියන්නේ මතවාද මගින් රeසියානු ඕතඩොක්ස් ආගම පරාජය කිරීමට දරපු උත්සාහයක්. එහෙම නැනිතම් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය ඕතඩොක්ස් ආගම පරාජය කරන්න දරපු උත්සාහයක්. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. නමුත් ගැටුම යනවා.  අද වන විට ලෝකය පුරාම ආගම හා   මතවාද අතර ගැටුම පවතිනවා.’

‘මතවාද මගින් ආගම විග්‍රහ කිරීම ජයටම සිද්ධ වෙනවා. ඒත් ආගම මගින් මතවාද විග්‍රහ කිරීම සිද්ධ වෙන්නෙ නෑ. ඒකට මුල පිරුවෙ රුසියාවේ දොස්තයෙව්ස්කි. මතවාදවල සරණ ගිහින් මරණ දණ්ඩනයට නියම වෙලා ඒත් සාර් රජ්ජුරුවන්ගේ අනුකම්පාවෙන් ඒකෙන් ගැලවුණු දොස්තයෙව්ස්කි යළි සයිබීරියාවේ රැසියානු ගැමි සිරකරුවන් අතර දී යළිත් ඕතොඩොක්ස් ආගමේ අගය වටහාගන්නවා. මතවාද මගින් තුවාල කළ සිතක් ආගමට සනීප කළ හැකි බව සයිබීරියාවේ සිර කඳවුරේදී දොස්තයෙව්ස්කි ඉගෙනගන්නවා. ඒක අහම්බෙන් වුණ දෙයක්. ඒත් රැසියන් ගැමියන් ඇසුරින් මතවාදී දොස්තයෙව්ස්කි සුවපත් වෙනවා. මේක මළගෙයක සටහන් කියන දොස්තයෙව්ස්කිගේ පොතෙන් වුණත් තේරුම් ගන්න පුළුවන්.’

වැගන්ආරය ටවුන්හෝල් එක පසුකරමින් නෙළුම්පොකුණ දෙසට ඇදුණේය.

‘රැසියානු සංස්කෘතිය හා ආගම වෙනුවෙන් බටහිර උපන් නවකතාව අතර අරගෙන දොස්තයෙව්ස්කි සටන් වැදුණා. ඒත් දොස්තයෙව්ස්කිගේ මේ නවකතා රැසියානු අධ්‍යාත්මය එක්ක කොතරම් කාවැදිලා තිබුණා ද කියනවා නම් කොමියුනිස්ට්වාදීන්ටවත් ඒක ප්‍රතික්ෂේප කරන්න බැරිවුණා. දොස්තයෙව්ස්කි විසිකරනවා නම් රැසියාව ම විසිකරන්න වෙලා තිබුණා. කිසිම කොමියුනිස්ට්වාදියෙකු දොස්තයෙව්ස්කිට විරුද්ධ වුණේ නෑ. ජාතිකත්වය රැසියන් කොමියුනිස්ට්වාදීන්ට කාවැදුණේ දොස්තයෙව්ස්කි පුෂ්කින් හරහා කියලා කියන්නත් පුළුවන්.’

‘අදටත් මතවාදීන්ට රුසියානු නවකතාව පරද්දන්ට බැරිවෙලා තියෙනවා. අධිතාත්වික යථාර්ථවාදය හා වෙනත් නවකතා හොයමින් සුද්දො එහෙම නැතිනම් පරසුද්දො හදන්නේ රeසියානු ආගමික නවකතාව අමතක කරවන්න. ඒත් තවමත් ඒක අසාර්ථකයි.’

‘ඒත් ජාතිකවාදීන්ටත් තවම රeසියානු නවකතාව දිරවාගන්නේ නෑ. ඒකට හේතුව ඔවුන්ට රුසියානු මාක්ස්වාදයේ බලපෑමට වඩා යුරෝපීය මාක්ස්වාදයේ බලපෑම වැඩිවීම. එසේම ජාතිකවාදය තුළ ආගමික කොටසට වඩා මතවාදී කොටස ප්‍රමාණයෙන් වැඩිවීම. මේක නිසා ඇතැම් ජාතිකවාදීන් සාහිත්‍යය දැක්කාම වියරු වැටෙනවා. අධ්‍යාත්මයක් පුරවන්න මතවාදවලින් බෑ. කවියකින් ගාථාවකින් පිරeළකින් කියමනකින් පුළුවන්. මේ නිසා ජාතිකවාද හරහාත් ජාතිකත්වය විනාශ කිරීමේ අනතුරක් තියෙනවා’

‘මාක්ස්වාදයෙන් කරලා බැරිවුණ ඉතිරි ටික විනාශ කරන්න ජාතිකවාද  යොදාගන්නත් පුළුවන්. ජාතිකවාද ගොඩනැගු දෙයක් තියෙනවා. විනාශ කළ දෙයක් තියෙනවා. මේක තෝරා බේරාගන්න ඕනැ.   ජාතික චින්තනයේ ඇතුළේ ඉතිරිවෙලා තියෙන ආගමික හැගීම් ටිකවත් ජාතික චින්තනය හරහා බිහිවුණ ජාතිකවාද ඇතුළේ නෑ. ජාතිකවාදීන් ඇතුළේ නෑ. ජාතිකවාද ඔවුන්ට පාර්ලිමේන්තුවේ සීට් එකක් වෙන් කරගැනීමේ උපකරණයක් පමණයි. ඒක මාක්ස්වාදයෙන් කරගන්න බැරිවෙන කොට ඔවුන් ජාතිකවාදෙට මාරුවුණා.’

‘ආගෙමයි ජාතිකත්වයෙයි නිරායාසයෙන් තියෙන යාවීම ඩබ්ලිව්. ඒ. සිල්වාගේ, ජී. බී. සේනානායකගේ, කරුණාසේන ජයලත්ගේ, හේමපාල මුනිදාසගේ පොත්වල තියෙනවා.  ඒක ඒ අය දොස්තයෙව්ස්කිගෙන් ගත් දෙයක් නෙමෙයි. අපේ සංස්කෘතියෙන් අපේ සාහිත්‍යයෙන් පන්සිය පනස් ජාතක පොතෙන් හා පොදුවේ ලෝක සාහිත්‍යය විචාරශීලීව පරිහරණය කිරීමෙන් ලබාගත් දෙයක්. මේ ලේඛකයන් සමග පේරාදෙණි ගුරුකුලයේ මාරාන්තික වෛරය විදිහට එළියට එන්නෙ සුද්දා ඇරඹු මතවාද හා ආගම් අතර අරගලයයි.  ඇත්තටම මේ ලේඛකයෝ ජාතික වීරයෝ. ඒත් ඒ වීරත්වය දකින්න තරම් ඉවසුමක් අපේ ජාතිකවාදී දේශපාලනඥයන් කිසිවෙකුට නෑ. ඔවුන් ඒ තරමට දේශපාලනය තුළ බිසී වෙලා. එහෙම නැතිනම් රට බේරාගැනීම උදෙසා බිසී වෙලා.’

වැගන් ආරය කොල්ලුපිටියේ නැවතිණි. ජයවීර හුස්මක් පහළට හෙළුවේය. තමන් කියන්නේ කාටද යන්න ජයවීරට නොතේරිණි. තමන් සිතන්නේ මොනවාද යන්න ද සිතාගැනීමට ජයවීරට අපහසු විය. විමල් වීරවංස ද දැන් සිටින්නේ එබදුම තැනක විය හැකි යැයි ජයවීරට සිතිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap