Opinion

ජාතික ආරක්ෂාව මුදලට පාවා දෙන ද්‍රෝහී කාලකණ්ණින්

Summary

දුෂන වංචා හේතුවෙන් හමුදාවෙන් එලවන ලද සොර දෙටුවන් විවිධනම්‍ යොදා ගනිමින් මුදලට කෑදරව රට පවා දෙන්නට කටයුතු කරයි.

පසුගිය දිනවල lankaenews නැමැති ඉතාමත් දරුණු ගණයේ අසත්‍යය, කුමන්ත්‍රණකාරී අයුරින් සමාජගත කරන වෙබ් අඩවිය ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කළේය….

යුද හමුදා බුද්ධි අංශයට එරෙහිව කෙරෙන කුමන්ත්‍රණ සෑහෙන ඈත අතීතය දක්වා දිව යයි….

2002 දී පමණ එවකට පැවැති එජාප රජය යටතේ කුලසිරි උඩුගම්පොළ නැමැති ද්‍රෝහී පොලිස් නිලධාරියාගේ මූලිකත්වයෙන්,ඒ රජයේ ද අනුග්‍රහයෙන් සිදු කළ කුමන්ත්‍රණකාරී මිලේනියම් සිටි පාවාදීම හරහා බුද්ධි අංශ නිලධාරීන් සෙබළුන් සහ ඔත්තුකරුවන් 60 කට ආසන්න ප්‍රමාණයක් ඝාතනයට ලක් වූහ…

බුද්ධි අංශ මහා කඩාවැටීමකට ලක්විය…
එහි දෙවැනි පියවර ලෙස පසුගිය යහපාලනය කාලයේ යුධ හමුදා සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන් රැසක් විවිධ චෝදනාවලට පටලවා අවුරුදු ගණන් බන්ධනාගාර ගත කරමින් වදහිංසාවලට ලක් කළහ……

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක පාස්කු කොමිසම ඉදිරියේ සාක්කි දෙමින් පාස්කු ප්‍රහාරයට පවා එම බුද්ධි අංශ වල කඩාවැටීම එක්තරා ආකාරයකට හේතු වූ බව පැවසුවේය…

දැන් මෙම කුමන්ත්‍රණකාරීන්ට බලය අහිමිව තිබියදී පවා ලංකා ඊ නිව්ස් වැනි දුෂ්ට මාධ්‍ය වල සහය ලබා ගනිමින් නැවත වතාවක් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් පවතින බව පෙනේ….

අන්තවාදීන්ගේ ද සහාය ඇතිව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය පාතාලය මැඬීමට කර්නල් ෂම්මි කුමාරරත්න, කර්නල් චන්දික මහතන්තිල, මේජර් කසුන් කරුණානායක වැනි හමුදා බුද්ධි නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වූ යුධ හමුදා බුද්ධි අංශය මෙවර ඔවුන්ගේ ඉලක්කය වී ඇත….

මෙම අසත්‍ය මාධ්‍ය මෙහෙයුම් නිසා එම නිලධාරීන්ගේ ජීවිතවලට එල්ල වන්නේ එසේ මෙසේ තර්ජනයක් නොවේ..
අතීතයේ ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ඇත..

මත්ද්‍රව්‍ය පාතාලය සහ අන්තවාදී නැවතත් මේ උත්සාහ කරන්නේ එවන් විනාශයක් ඇති කිරීමටය…
සමහරවිට තවත් අරමුණු ඇති අය මේ පිටුපස සිටින්නටද පුළුවන….

මත්ද්‍රව්‍ය පාතාලයට එරෙහිව සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ මෙහෙයුම් කරන බුද්ධි නිලධාරීන්ගේ මානසික තත්ත්වයද මේ නිසා කඩා වැටීමට ඉඩ තිබේ…
එහි අවසාන ප්‍රතිඵලය රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටීමය..

හිටපු හමුදා නිලධාරියකු යැයි කියමින් විවිධ නම්‍ වලින් මෙම වෙබ් අඩවියට අසත්‍ය තොරතුරු ලියන්නේ දූෂණ වංචා හේතුවෙන් හමුදාවෙන් ඉවත් කළ මුදලට කෑදරව රට පවා දෙන්නට කටයුතු කරන පුද්ගලයකු බවද පැවසේ…….

ශ්‍රි ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ලංකා e නිවුස් වෙබ්‍ අඩවිය මගින් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට එල්ල කරනලද අසත්‍යය කුමන්ත්‍රණකාරී මඩ ප්‍රචාරය පිළිබඳව 2021 ජුනි මස 07 දින බුද්ධි අංශ නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.ඒ සම්‍බන්ධයෙන් විමර්ශනය කර ඊට සම්‍බන්ධ වුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම පිනිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

දුෂන වංචා හේත‍ෑවෙන් හමුදාවෙන් එලවන ලද සොර දෙටුවන් විවිධනම්‍ යොදා ගනිමින් මුදලට කෑදරව රට පවා දෙන්නට කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published.