කොලම චූටිගෙ ලිව්ම

ජීඑල් සීයා, පුල්ලෙ නැන්දා සහ ජයසුමන මාමා වෙත…

Summary

හමුදාවේ මමලා නැන්දලා ට සෞඛ්‍ය මාමලා නැන්දලාට.. මේ බේත හා හා පුරා කියා විද්ද එක හොදය. ඒත් අපේ ටීචලාට සර්ලටත් විදලා අපටත් විදින වැඩපිලිවෙලක් ඇත්තං කොච්චර හොදද කියා මට සිතේ.

  • Save

මේ දවස්වල මාමලා නැන්දලා ගොඩක් කොරෝනා බේත් විදගන්නේලු. අපේ නර්ස් නැන්දාත් විද ගත්තේලු. සෑහෙන කාලයක් ගෙදරට වී ඉද මටත් එපාම එපා වී ඇත. ලගදී මම අම්මා සමග ටවුමට ගියවිට මගේ  හොදම යාලුවා  සචිනිගේ අම්මා කව්දෝ කෙල්ලෙක් සමග එනවා අපි දැක්කෙමු. ඒ නැන්දා අපෙ අම්මා එක්ක කතා කලාය. ඒ නැන්දා යන්නන් දුවේ කියා මගේ මූන අතගා ගියාය. නැන්දා සමග ආවේ මගෙ පංතිය්‍ යාලුවා සචිනි බව දැනගත්තේ පසුවය. මට සිතුනේ ඒ අක්කා කෙනෙකු කියාය. ගෙදරට වී කා බී හොදට මහත්වෙලාය. අපි දැක්කේ මාර කාලෙකට පස්සේ බව මම දැනගත්තේ සචිනියා මහ වී ඇති සැටි දැක්කාමය. ඒකත් දැන් අපි ඉගනගන්න ඉස්මාට් ක්‍රමයේ මහත් පලයක් යැයි මට සිතේ.

කොරෝනා බෙහෙත් විදිල්ල ගැන මතක් වුනේ මේ සිද්දිය හන්දාය. හමුදාවේ මමලා නැන්දලා ට සෞඛ්‍ය මාමලා නැන්දලාට.. මේ බේත හා හා පුරා කියා විද්ද එක හොදය.

ඒත් අපේ ටීචලාට සර්ලටත් විදලා අපටත් විදින වැඩපිලිවෙලක් ඇත්තං කොච්චර හොදද කියා මට සිතේ. ඒකට මූලිකත්වෙ දෙන්න ඕන කියලා ඔය තීරණගන්න අයට තේරෙනවනම් කොච්චර හොදද ?.පවිත්‍රා නැන්දා නම් කමක් නැත. මේ දවස්වල එයටත් කොරෝනාය. ඒ නැන්දාට කෑගල්ලේ කාලි මාමාගෙ පැනිය වැඩ කරේත් නැතිය. පුල්ලෙ නැන්දා… චන්න මාමා.. ජී එල් සීයා … ඔය කට්ටිය එකතුවෙලා අපේ අද්දියාපනේ කරගෙනයන්ට කියාලා අපිටයි අපේ ටීචලා සරලා ටිකටයි මේ බේත විදීවා. නැත්තං අපිට එකපාරම විස්සවිදයාලෙට යන්ට වෙයිද දන්නෙත් නෑ …

ඉස්තුතියි
මාමටයි නැන්දාටයි සීයාටයි කාලි මෑණියන්ගේ පිහිටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap