ජී එල් සීයා සහ කපිල මාමා වෙත
Summary
අර සෞඛ්‍ය කට්ටිය දීපු නිර්නායකද මොනවද අද වෙනකල් අපි දන්නේ නැත. අපේ ටීචලා දන්නේද නැත.
සීයේ ඕං අපිට නම් සංතෝසයි. කාලෙකට පස්සෙ ඉස්කෝලෙ යන්ට චාන්ස් එකක් ලබා දුන්නට පිං. වැඩේ කියන්නේ සීයෙ ටීචලාට අපි අදුරන්න බැරිවෙයිද දන්නෙ නැ. ආයෙ ඉතිං ටීචර්ලා කියලත් වෙනසක් නැතුව ඇති නේද?
සීයට කියන්න සීයේ අපේ තාත්තයි අම්මයි දෙන්නම බලා ඉන්නේ අපේ මේ ඉස්මාට් ඩිවයිස් ටික අත් අඩංගුවට ගන්න. හැබයි සීයෙ සීයලට මාමලට එකක් අමතක උනා නේද? . අමාරුවෙන් ඩේටා දදා මේ කරගෙන යන අද්දියාපනේ අස්සේ ටෙලිපෝන් කනෙක්ශන් වලට වැඩේ දෙන්න එපා කියලා ටෙලොකොම් මාකට කියන්න අමතක උනා නේද. කම්ක් නෑ ඉතිං සීයනං වයසනේ.. ඒත් කපිල මාමා??.
ඒත් මේ හැම එකම කරලා අන්තිමට මම වගකියන්නං කියා හත්පොලේ ගාගත්තේ නැති එක හොදය කියා කපිල මාමාට කියන්න.
දැං ඉතිං අර ජෝසප් ඉස්ටාලිං ද කව්ද ආපහු ටීවී කොමර්ෂල් එහෙම කරයි නේද…? එයා නම් අර රුසියාවෙ හිටපු ඉස්ටාලින් වගේම කඩාකප්පල් කාරයෙක් නේද කියා මට සිතේ. අනුර මාමාත් කට උල් කරලා වචන විදින හැටි මට මැවී පෙනේ.
අර සෞඛ්‍ය කට්ටිය දීපු නිර්නායකද මොනවද අද වෙනකල් අපි දන්නේ නැත. අපේ ටීචලා දන්නේද නැත.
මාමාටත් සීයාටත් කාගෙ හරි පිහිටයි.
අපිට වෙන කාගෙහරි පිහිටයි
චූටි