Comment

ජෙප්පන් ගේ ජීවන චක්‍රය

Summary

රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇති කේෂ්ත්‍රයන්ගෙන් අධ්‍යාපනයක් ලබා නොගැනීම, පෝස්ටර් ඇඳීම, බෙරිහන් දීම වැනි දේ හැරුණු කොට වෙනත් දක්ෂතා නොමැති වීම, ප්‍රමාණවත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොමැති වීම නිසා මොවුන්ගෙන් අතිශය බහුතරය රැකියා විරහිත උපාධිධාරීන් ලෙස දෙමාපියන්ට බරක් වෙමින් ජීවිතය ගෙවා දමති. ” රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙනු ! ” යනුවෙන් ලිප්ටන් වටරවුමේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කර කඳුළු ගෑස් හෝ වතුර පහරවල් කා විසිර යන්නේ මොවුන් ය. අහම්බෙන් හෝ රජයේ රැකියාවක් ලැබුණ හොත් එතැන් පටන් “ වැටුප් වැඩිකරනු ! ” යනුවෙන් උද්ඝෝෂණය කිරීම හෝ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මඟින් ආයතනයන් විනාශ කර දැමීම මොවුන් ගේ කාර්ය භාරය වේ.

🔺ළමා අවධිය :
දරිද්‍රතාව උරුමය කරගත් දෙමාපියන්ට දාව උපදින මොවුන්ගෙන්
බහුතරය තම ළමා කාලය ගෙවා දමන්නේ අගහිඟකම් මධ්‍යයේ ය. දිවයිනේ දුෂ්කර යැයි සම්මත පාසැල්වල අධ්‍යාපනයේ යෙදෙන මොවුන් ගේ සමාජ වෛරයට අඩිතාලම වැටෙන්නේ ළමා කාලයේ සිටම ය. බේබදු පියෙකු ගේ අඩම්තේට්ටම්වලට හෝ ඥාති හිත-මිත්‍රාදීන් ගේ ටොකු සංග්‍රහයන්ට පාත්‍රවන මොවුන් ඇතැම්විට පන්සලේ හාමුදුරුවන් ගේ ද අතවරයට ලක්වීම නිසා කුඩා කල සිටම බෞද්ධ විරෝධී නිරාගමිකයන් වීමේ සම්භාවිතාව ඉහළ ය.

🔺නව යොවුන් අවධිය :
මොවුන්ට තම පවුල තුළ සහ සමාජය තුළ අත්විඳින්ට සිදුවන කටුක අත්දැකීම් නිසා ඇතිවන පීඩනය මොවුන් බොහෝ විට පිට කරන්නේ පොදු දේපළ වලට හානි කිරීමෙන් ය. බස්වල සීට් කඩතොළු කිරීම, දුම්රියේ විදුලිපංකාව කඩා දැමීම, වාහනවලට ගල් ගැසීම ආදී, ජල කරාම කඩා දැමීම, ප්‍රසිද්ධ ස්ථානවල බලිකුරුටු ඇඳීම ආදී නොසන්ඩාල වැඩ පිටුපස සිටින බහුතරය මොවුන් ය. මොවුන් ගේ මෙම චර්‍යා රටාවන් හා විරුද්ධ ලිංගිකයන් ගේ අවධානයක් නොලබන බාහිර පෙනුම නිසා නව යොවුන් වියේ ඇතිවන ප්‍රේමණීය අත්දැකීම් ද මොවුන්ට අහිමි ය. එය ඔවුන් ගේ මානසික අසහනය තවත් තීව්‍ර කරන්නට හේතු වේ.

🔺යොවුන් අවධිය :
අති දුෂ්කර ප්‍රදේශවලින් දිස්ත්‍රික්ක ක්‍රමයට පින්සිදු වන්නට සරසවි වරම ලබන මොවුන් ශාස්ත්‍ර පීඨවල බහුල වශයෙන් දක්නට ලැබේ. පාසැල් කාලය තුළ පන්ති නායකයෙකු හෝ වී නොමැති මොවුන්ට සරසවි තුළ නවකවදය ට පින්සිදු වන්නට ශිෂ්‍ය පිරිස් හැසිරවීමේ අවස්ථාවක් හිමි වේ. තම කටුක ජීවන අත්දැකීම් තුළින් ඇති වූ පීඩනය මොවුන් පිට කරන්නේ නවකවදය හරහා ය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පිළිලයක් බඳු සමාජවාදී දේශපාලන කණ්ඩායම්වල පහසු ගොදුරක් වන මොවුන් ගේ සුන්දර ශිෂ්‍ය අවධිය උද්ඝෝෂණ, පෝස්ටර් ගැසීම, කැට හිඟමනේ යෙදීම, ශිෂ්‍ය සංගම් නිලවරණ, විශ්වවිද්‍යාල පාලන අධිකාරය සමග ගැටුම් ඇතිකර ගැනීම ආදිය නිසා විනාශය ට පත් වේ. ” අධ්‍යාපනය විකිණීම නවතවු ! ” යනුවෙන් සටන් පාඨ කියමින් පාරට බහින්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය වූ විට සමාජවාදී දේශපාලනය හා නවකවදය රිසි පරිදි කරගැනීම ට නොහැකි වේ යන නියත බිය නිසා ය.

🔺රැකියා විරහිත අවධිය :
රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇති කේෂ්ත්‍රයන්ගෙන් අධ්‍යාපනයක් ලබා නොගැනීම, පෝස්ටර් ඇඳීම, බෙරිහන් දීම වැනි දේ හැරුණු කොට වෙනත් දක්ෂතා නොමැති වීම, ප්‍රමාණවත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොමැති වීම නිසා මොවුන්ගෙන් අතිශය බහුතරය රැකියා විරහිත උපාධිධාරීන් ලෙස දෙමාපියන්ට බරක් වෙමින් ජීවිතය ගෙවා දමති. ” රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙනු ! ” යනුවෙන් ලිප්ටන් වටරවුමේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කර කඳුළු ගෑස් හෝ වතුර පහරවල් කා විසිර යන්නේ මොවුන් ය. අහම්බෙන් හෝ රජයේ රැකියාවක් ලැබුණ හොත් එතැන් පටන් “ වැටුප් වැඩිකරනු ! ” යනුවෙන් උද්ඝෝෂණය කිරීම හෝ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මඟින් ආයතනයන් විනාශ කර දැමීම මොවුන් ගේ කාර්ය භාරය වේ.

🔺පූර්ණ කාලීන දේශපාලන අවධිය :
යල්පැනගිය සමාජවාදී දර්ශනයෙන් කුරුවල් වූ මනසක් ඇති මොවුන්ට තාර්කික ඥානයත් නොමැති වීම නිසා ඕනෑම ගජබින්නයක් කරේ තබාගෙන යෑමට මොවුන් හපනුන් ය. ලෝක දේශපාලන, ආර්ථික, සමාජීය තත්ත්වයන් ගැන මොවුන් ට අවබෝධයක් නොමැත. මොවුන්ගෙන් අතිශය බහුතරය ජීවිතයේ කුහක, අසාර්ථක, අනුන්ගෙන් යැපෙන්නන් වීම නිසා එය මෙරට දේශපාලන ක්‍රමයේ වැරැද්දක් යයි මොවුන්ට ඒත්තු ගැන්වීමට පහසු ය. ඒ හේතුවෙන්ම අති සුඛෝපභෝගී ජීවිත ගෙවන වාමාංශික නායකයන් ගේ විප්ලවාදී ඩමි ලෙස ක්‍රියාකරන්නේ මොවුන් ය. උදෑසන සිට රාත්‍රි නින්ද දක්වා සමාජ ජාලා තුළ වසර 72 ට සාප කරමින් ආණ්ඩු විරෝධී ( රාජපක්ෂ විරෝධී කීම වඩාත් නිවැරැදි ය) පෝස්ට් ශෙයා කිරීමෙන් අසීමිත වින්දනයක් ලබන මොවුන් එමගින් තම පරමාදර්ශි මනෝරාජික රාජ්‍ය ගොඩනැගේ යැයි සිහින දකී.

🔺මහළු අවධිය :
තම ජීවිත කාලය පුරාවට ම කර ඇත්තේ සියලුම වයස් කාණ්ඩයන්ට සහෝදරයා, සහෝදරිය යනුවෙන් ඇමතීම පමණක් බවත් කරපු විප්ලවයක් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණයක් නොමැති බවත් තේරුම් ගෙන විශ්‍රාම දිවිය ද අසතුටින් ගත කරයි. මහළු අවධියේ දී පවා තම තරුණ කාලයේ අත්දැකීම් ඉස්මතු වී විප්ලවකාරී සිතුවිලි පහළ වුව හොත් ” විශ්‍රාම වැටුප් වැඩි කරවු ! යනුවෙන් උද්ඝෝෂණය කරන්නේ ද මොවුන් ය. ජීවිතයේ සියලුම අවධීන්වල සර්ව අශුභවාදී මොවුන් රටට බරක් ය.

▪️මේ කුලකයන්ට අයත් නොවන අර්ධ නාගරික, ලුම්පන් හෝ ලිබරල් ජෙප්පන් ද ඉතා සුළු වශයෙන් දක්නට ලැබුණත් ඔවුන් සියලු දෙනාගේම මහා පොදු සාධකය වන්නේ ඊර්ෂ්‍යා සහගත අසාර්ථක මිනිසුන් වීම ය. පුදුමය නම් තම පෞද්ගලික ජීවිතයවත් ගොඩනගා ගත නොහැකි මොවුන්ට රට ගොඩනගනා මහා සැලසුම් තිබීම ය.

සොනාල ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *