Opinion සතරැස් නුවර පුවත්

ජොබයි තුරුම්පු වස්තුව

Summary

විකුම්සිහයානෝ තුරුම්පු තෙම අභිමුව පිවිසැ: “එම්බා තුරුම්පුව … පරාජිත යැයි නොසිතව… කෙසේහෝ තොප ලිබරලයින් ගේ දෙටු ව වෙසෙනු… යලිදු ජය ලැබෙන තෙක් යම් ග්‍රන්ථයක් කෙටුම්පත් කරව.”

  • Save

යටගිය දවස සතරැස් නුවර රාජ රාජ මහාමාත්‍යාදීන් උනුන් ගේ කල කී දෑ ගැන එකිනෙකාට දෝශ දක්වමින් ජනසෙත උදෙසාම කල්මරන සමයෙක් උදාවියැ.

මේ අතරවාරයේ සතරැස් නුවරට බෝ දුරින්වූ එකසත් දනව්වෙහි රාජාවරණයක් විය. එනුවර සක්විති රජවූ තුරුම්පු නම් රජතෙමේ සියලු තුරුම්පු අවසන්වැ නේක විද වල් ආසීන් සොයන්නට වියැ. සතරැස රාජ අමාත්‍යාදීන් තුරුම්පු සහ ජොබයි යන් ප්‍රති අපේක්ශකයින් ඇරබ එකසත් දනව්ව බලා පිටත්වියැ.

විකුම්සිහයානෝ තුරුම්පු තෙම අභිමුව පිවිසැ.

“එම්බා තුරුම්පුව … පරාජිත යැයි නොසිතව… කෙසේහෝ තොප ලිබරලයින් ගේ දෙටු ව වෙසෙනු… යලිදු ජය ලැබෙන තෙක් යම් ග්‍රන්ථයක් කෙටුම්පත් කරව.” යි පවසා වහා ජොබයියා අභිමුවට ගියේයැ.

“එම්බා ජොබයියනි… මා තොපට අපගේ තන්ත්‍ර ශාස්ත්‍ර උගන්වමි… මා සතරැස පාලනයකල ලිච්ඡවි තන්ත්‍රය උගනිත්වා” යි පවසා පිටව ගියේයැ.

ඉන් පසු ජොබයි හමුවට වූයේ සතරැස දැහැමින් නොවෙතත් සෙමින් පාලනය කලාවූ මෙත්පල් යැ.
“එම්බා ජොබයිය වෙහෙසකර ජයග්‍රහනයක සතුට භුක්ති විදීමට මදක් ඉවසව” යි පවසා තුරුම්පු අහිමුවට විත් “තුරුම්පුව… මෙය ගනුව මේ වූ කලි මහාර්ග පූපයකි… මේ පූපය ඩිමොක්‍රටියනට වලදුව… උන් සී සීකඩ වනු ඇත” යි පවසා නිමවන්නට පෙර තුරුම්පු තෙමේ දොඩමලු වියැ
.
“මෙත්පල්ලානෙනි… නුඹට තුති…. වහා තොප නුවරට ගොස් තොප මහාමත්‍ය මගේන්ද්‍රයා මා නමින් අමතා උන් සතුව ඇති ජයකොන්තය රැගෙන එව…” යි බිනීය.

ධවල මාලිගයෙන් පිට බලා සිටි චතුසෙන් නම් සුවපති පුත්‍රතෙමේ දුටු මෙත්පල් තුශ්නීම්භූතව
“කොල්ල තොප කිමෙක් ඇරබ මෙහි ආයේද?” මෙත්පල් විමසීය.

මුඛය කර්ණය තෙක් විහිදූ චතුසෙන් සුවපති පුත්‍රතෙමේ “මා ජොබයියානන් එනතෙක් බලා සිටිමි. මා උන්හට ජයපතා මහත්කොට පෙර සිටම උපදෙස් දුන්නෙක් වෙමි” යි පැවසීය.

“ඒ කිමෙක්ද කොල්ල… යි මෙත්පල් විමතියෙන් ඇසීය.

“එම්බා මෙත්පල්ලනි. ජොබයියානන් හට ලිබරලුන් ගෙන් වෙන්ව ඩිමොක්‍රටියන වෙත යාම උපදෙස් දුන්නෝ මම වෙමි. තවද ජොබයියානන් ගේ මෑනියන් උන් වැදීමට විලිලන කල නා නා නා නාභිච්ඡේදනය සදහා සැත සැපයූවේද මම්ම වෙමි. ඉදින් තොප සියල්ලනට වඩා පෙරසිට උන් දන්නෝ මම්ම වෙමි” පැවසීය.

“එසේනම් පුත නුඹට ජය යි පවසා මෙත්පල් වහා පිට වියැ.

හුදී ජන පහන් සංවේගය පිනිස කල ජොබයි තුරුම්පු වස්තුව මෙතෙකින් නිමියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap