කිං බානට් කොලම

ටයි කෝට් මොටද කළිසම ගැලවුණු මෙමට….?

Summary

කිංබානට්තුමාට හර්කියුලිස් ටේලර්ස් එක පැත්තෙන් සිංදුවක් ඇහුණා.” මමයි මොට්ටපාලදොට්ට දැම්ම ආසනෙන්…හෝ ..හෝ… ආසනෙන්…//වෙට්ට පිත්තල වී සිටිමිකපටිකම් වලින්…අපේ පක්ෂෙත් මාඑළවලා දැම්මෙ …වවන්නෝය දිනන්නෝයකවුදෝ කිව්වා….ඒක හින්දා මත්තල මංවී ටික දැම්මා….ගජ මිතුරා….මගේ ගජ මිතුරා අර්ජුන්සිංගප්පූරුවේ ඉන්නා…එයයි මායි මහ දවාලේමහ බැංකුව කැඩුවා….අවුරුදු ගානක් පක්ෂය […]

කිංබානට්තුමාට හර්කියුලිස් ටේලර්ස් එක පැත්තෙන් සිංදුවක් ඇහුණා.
” මමයි මොට්ටපාල
දොට්ට දැම්ම ආසනෙන්…
හෝ ..හෝ… ආසනෙන්…//
වෙට්ට පිත්තල වී සිටිමි
කපටිකම් වලින්…
අපේ පක්ෂෙත් මා
එළවලා දැම්මෙ …
වවන්නෝය දිනන්නෝය
කවුදෝ කිව්වා….
ඒක හින්දා මත්තල මං
වී ටික දැම්මා….
ගජ මිතුරා….
මගේ ගජ මිතුරා අර්ජුන්
සිංගප්පූරුවේ ඉන්නා…
එයයි මායි මහ දවාලේ
මහ බැංකුව කැඩුවා….
අවුරුදු ගානක් පක්ෂය කාලයි
මං බිංදුව ගත්තේ ….
දන්න දේකුත් මම
නොදන්න දේකුත් නැහැ ලෝකේ….// “
කිංබානට්තුමා ඔලුව දාලා බලද්දී ටේලර් සාප්පුව ඇතුලේ හෙන සෙට් එකක්.
අනුර කුමාර රෙදි තෝරනවා.
අකිල විරාජ් කොළේක ලියාගෙන ඇවිත් මැෂර්මන්ට් දෙනවා.
එතන එක තොයිලයයි.
” අපරාදේ මට කිව්වා නං අම්මපා මං අයර්ලන්තෙ ඉඳන් එනකොට හොඳ සූට් එකක් ගේනවනෙ…”
අනුර කුමාර කිව්වා.
” මේ රෝස පාට රෙද්ද හොඳ නැද්ද …? “
අකිල අහනවා.
” චීයා…! රෝස පාට කෝට් මහනවද බං…. මෙන්න මේක හොඳයි…”
අනුර කුමාර කොළ පාට රෙද්දක් තේරුවා.
” මේ මැෂර්මන්ට් හරිද…? “
ටේලර් ඇහුවා.
” ඔව්… අවුරුද්දක්ම ගෙදර නිසා ටිකක් මැහුම් වාසි තියලා මහමු…”
අකිල කිව්වා.
” කාටද බං මේ කෝට් එකක් මහන්නේ මේ හදිස්සියේ…චන්දිමාල්ටද ….? “
කිංබානට්තුමා සීන් එකට එන්ටර් වෙන ගමන් ඇහුවා.
” අපේ නායකතුමාට…. එයා අවුරුද්දක්ම කොරන්ටයින් වෙලා ඉඳලා නැෂනල් ලිස්ට් එකෙන් කවුන්සිලේට යනවනේ…”
අනුර කුමාර බුදු හැපියේ කිව්වා.
ඔන්න එතකොටම විසිල් පාරකුත් ගහගෙන රනිල් ඇතුළට ආවා.
” හායි කොල්ලෝ…! මගේ සූට් එක රෙඩිද…?
‍රනිල් ඒක ඇහුවම කිංබානට්තුමාට නිකංම හිනා ගියා.
” ඇයි ඔබතුමා නක්කලේට හිනා වුණේ…? වයි … වට්ස් රෝන්ග්….?”
රනිල් සන්ග්ලාස් ගලවන ගමන් ඇහුවා.
” අපරාදේ ඇඳුම්වලට වියදම් කරන සල්ලි …”
කිංබානට්තුමා කම්මුලේ අත තියාගෙන කිව්වා.
” වාට්…..වයි ඩූ යූ සේ දැට්….”
රනිල් ගේ මූණ සජිත්ව දැක්කම වගෙ වෙලා.
” ඔබතුමා 2001 ඉඳන් පක්ෂ නායකයා නේද…? “
” ඕ යේස්…”
” 2001 දී 109 ක් තිබ්බ පක්ෂ ‍යේ සීට් ගාන ඔබතුමා 2020 වෙනකොට බිංදුවට බැස්සුවා නේද …..? “
” වයි නොට්…! “
” ඔබතුමා ගේ නායකත්වයෙන් ජන්ද 29 ක් විතර පරාදයි නේද …. ? “
” රෝන්ග්… 30 ප්ලස්…”
‍රනිල් කරෙක්ට් කළා.
” ඇයි බං මහත්තයෝ එහෙම පොරකට කවුන්සිලේට යන්න ටයි කෝට් මොකටද…?
රෙදි නැතුව හෙළුවෙන් යන්න පුලුවන්නෙ…! “
කිංබානට්තුමා එහෙම කිව්වම රනිල් ගෙයි, අනුර ගෙයි, අකිල ගෙයි ඇඳන් හිටපු කළිසං තුනම බිම වැටුනා.

Leave a Reply

Your email address will not be published.