ටිරාන්ගේ චාන්ස් එක
Summary
කිංබානට්තුමා බාර් එකට ගොඩවුණා හෙණ කාලෙකට පස්සේ.කවුද ඩයල් එකක් මුල්ලෙම මේසෙකට වෙලා නාගසලං වෙන්න ගහනවා.කිංබානට්තුමා ඇන්ටෙනාව දාලා බැලුවා.” අප්පද බොල…! මේ ටිරාන් නේද? “කිංබානට්තුමා ගිහින් ඒ මේසෙන්ම වාඩි වුණා.” මොකෝ අබ්ලික් එක …”කිංබානට්තුමා ෂොට් එකක් දාගෙනම ඇහුවා.” මං හිතන් හිටියේ […]

කිංබානට්තුමා බාර් එකට ගොඩවුණා හෙණ කාලෙකට පස්සේ.
කවුද ඩයල් එකක් මුල්ලෙම මේසෙකට වෙලා නාගසලං වෙන්න ගහනවා.
කිංබානට්තුමා ඇන්ටෙනාව දාලා බැලුවා.
” අප්පද බොල…! මේ ටිරාන් නේද? “
කිංබානට්තුමා ගිහින් ඒ මේසෙන්ම වාඩි වුණා.
” මොකෝ අබ්ලික් එක …”
කිංබානට්තුමා ෂොට් එකක් දාගෙනම ඇහුවා.
” මං හිතන් හිටියේ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ වැඩේට සිසිරව දාන්නයි..”
” ඉතිං…? “
” කොහේද සුදේව සෙට් වෙලානේ ඒකට…”
ටිරාන් ෆුල් අවුල්.
” ඉතිං හොඳයිනෙ..සුදේව සිසිරට වඩා හොඳයිනෙ..ඔය වැඩේට …”
” ඒ වුණාට…”
” ඒ වුණාට කියන්නේ සිසිරට ඔය වැඩේ කරන්න තරම් කඩ්ඩත් බෑනේ..ඒ අතිනුත් සුදේව ඉස්සරහින්නෙ ඉන්නේ …”
” ඒ වුණාට …”
ටිරාන් ආපහු ඔබ්ජෙක්ෂන් එකක් දැම්මා.
” ඔය… ආපහු ඒ වුණත්ලු… සිසිර කියන්නේ තමන්ගේ පත්තරේ වැඩ කරන මිනිහනෙ…”
කිංබානට්තුමා තව ෂොට් එකක් දාගත්තා.
” සිසිර ගත්තා කියලා පත්තරේට ඒ හැටි වැඩක් වුනේ නෑ… සුදේව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ කරපු එකෙන් මටයි චාන්ස් එක නැති වුණේ…”
ටිරාන් එහෙම කිව්වාම කිංබානට්තුමා කරකවලා අතෑරියා වගේ වුණා.
” මොකක්ද මේක නිසා ඔබතුමාට නැති වුණු චාන්ස් එක ..? “
” සිසිර ගෙන් ගැලවෙන්න තිබුන චාන්ස් එක…!”