කිං බානට් කොලම

ටු ස්ටාලින් විත් ලව්

Summary

[නරකාදියේ සිට ලියමි] මා හිතවත් ජෝශප් ස්ටාලින් මිතුරා වෙතයි..
මට ඔබ ගැන ආඩම්බරයි මචෝ. සන්තෝෂයි.

  • Save

“ට්‍රිලිං…. ට්‍රිලිං…..! “
හිරු නැඟ එනකොටම පියුම් ලියුම් අරගෙන ආවා.
” කාටද ලියුම …? “
කිංබානට්තුමා ඇහුවා.
” ජෝශප් ස්ටාලින්ට ….”
පියුම් කිව්වා.
” කොයි ජෝශප් ස්ටාලින්ට ද…? හොඳ ජෝශප් ස්ටාලින්ට ද? නැත්තං පීචං ජෝශප් ස්ටාලින්ට ද ? “
කිංබානට්තුමා ආපහු ඇහුවා.
” පීචං ජෝශප් ස්ටාලින්ට …! අර ඩෝප් මූණක් තියෙන්නේ …”
” ආ…! ඔය මූකලන් බස්සා ඉන්නේ මහ පාරෙයි, ප්‍රෙස් කොන්ෆරන්ස්වලයිනෙ…දෙන්න මං ඔය ලියුම ගිහින් දෙන්නම්…! “
කිංබානට්තුමා එහෙම කියලා ස්ටාලියාගේ ලියුම ඉල්ලා ගත්තා.
පියුම් යනකං ඉඳලා කිංබානට්තුමා ලියුම කැඩුවා.
ලියුම ලියලා තිබුනේ වේළුපිල්ලේ ප්‍රභාකරන්.
කිංබානට්තුමා ෂේප් එකේ පැත්තකට වෙලා ලියුම කියවන්න පටන් ගත්තා.
“ නරකාදියේ සිට ලියමි.
මා හිතවත් ජෝශප් ස්ටාලින් මිතුරා වෙතයි,
මට ඔබ ගැන ආඩම්බරයි මචෝ. සන්තෝෂයි.
අවුරුදු 30 ක් යුද්ධ කරලත් මට මේ රටේ සිංහල දරුවන් ගේ අධ්‍යාපනය එක දවසකට හරි කඩාකප්පල් කරන්න බැරි වුණා.
මට කරන්න බැරි වුණු දේ උඹ මාස කිහිපයකින් කළා.
ඒ දේ කරන්න එළාරටත් බැරි වුණා.
ජේ.ආර්. ටත් බැරි වුණා.
ප්‍රභාකරන්ටත් බැරි වුණා.
ඒත් ජෝශප් ස්ටාලින්ට පුළුවන් වුණා.
සන්තෝෂයි මචෝ.
දිගටම ඔය වැඩේ කරගෙන පළයන්.
පුළුවන් නම් විදුලි බල මණ්ඩලයේ යුනියන් එකත් සෙට් කරගෙන රටේම ලයිට් කපපං.
එතකොට මොන විදියටවත් ඔන්ලයින් උගන්නන්න බැරි වෙයි.
මතක ඇතුව උතුරු නැගෙනහිර නම් කරන්ට් කප්පවන්න එපා.
මොකද අපේ තම්බිලා දිගටම ඔන්ලයින් උගන්නගෙන යනවා.
මට ඇහුනා අම්මා කෙනෙක් කියනවා මතු ආත්ම 14 ක් යනකන් ජෝසප් ස්ටාලින් උපදින්නේ මළ පෙරේතයෙක් වෙලා …
ඕකට දාව කවදාවත් ළමයි නම් ලැබෙන්නේ නෑ…
ලැබුනත් ඒ එක ළමයෙකුටවත් දෙකේ පංතියෙන් උඩට යන්න බෑ…
ඒ තරම් මැටි මෝල් මීහරක් දරුවෝ තමයි උඹට උපදින්නේ කියලා ….
ඒවට සැලෙන්න එපා.
ළගදීම ඔබ මෙහිදී හමුවීමට බලාපොරොත්තු වෙමි.
එතෙක් ඔබට ජය!
මීට,
V. ප්‍රභාකරන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap