COLUMN

තෙල් නැව එන්නෙ කවද්ද?

Summary

දැන් අපි තෙල් එන දවස් දන්නවා : ඉතින් මොකක්ද කලයුත්තේ ? තෙල් ඇමති ඊලඟ මාස කිහිපයේම තෙල් නැවු එන හැටි කිවුවා, very good. ඒත් ඔය නැවු ටික වරායට එනකන් බෙදන සිස්ටම් එක හදාගත්තේ නැත්නම් එදාටත් ඔච්චරයි. සැපයුම සීමිතයි, අවශ්‍යතා අසීමිතයි.

දැන් අපි තෙල් එන දවස් දන්නවා : ඉතින් මොකක්ද කලයුත්තේ ? තෙල් ඇමති ඊලඟ මාස කිහිපයේම තෙල් නැවු එන හැටි කිවුවා, very good. ඒත් ඔය නැවු ටික වරායට එනකන් බෙදන සිස්ටම් එක හදාගත්තේ නැත්නම් එදාටත් ඔච්චරයි. සැපයුම සීමිතයි, අවශ්‍යතා අසීමිතයි.

ඒ නිසා තෙල් බෙදන ෆෝමියුලා එක දැම්ම හදලා, සමාජගත කරලා තියෙන්න ඕනා, නැත්නම් නැවු වරායට ආපු ගමන් ලංකාවම ආයිත් පෝලිම් වල..! ආපු තෙල් ටික ඉවර වෙනකන් ගහගෙන, ආතල් ඇරගෙන, ඊලග නැව එනකන් පෝලිම් වල ඉන්නවා, වෙරලට වෙලා හූල්ල හූල්ල ඉන්නවා, පිස්සුනේ… ! මේකේ කොහොමද ප්‍රයෝරිටිය හැදෙන්නේ, කොහොමද කූපන් දෙන්නේ, කොහොමද බාර් කෝඩ් දෙන්නේ, මේවා මේ වෙනකොට හදලා තියෙන්න ඕනා.

ඇත්තට මේවා හදන්න තිබ්බේ ඉන්දියා ක්‍රෙඩිට් ලයින් එකට ගියපු දවසේමයි, අඩුමගානේ දැන්වත් හැදුවානම් ! මොනාද අත්‍යාවශ්‍ය සේවා, ඒවාට තෙල් දෙන්නේ කොහොමද, මොකක්ද ෆොමියුලා එක, දුර අනුවද, දුවන ටර්න් ගාන අනුවද, කොහෙන්ද දෙන්නේ, දෙන තෙල් මිස් යූස් කරන එක නවත්වන්න ක්‍රමය මොකක්ද ? පුද්ගලික වාහන වලට තෙල් දෙන්නේ කොහොමද, මොකක්ද ෆොමියුලා එක, මාසෙකට ෆලැට් ගානක්ද, කොහෙන්ද දෙන්නේ, ඒ දෙන තෙල් මිස් යූස් කරන එක නවත්වන්න ක්‍රමය මොකක්ද ? අපි හැමදාම ප්‍රශ්නය ගැන කතාකරනවා, ප්‍රශ්නය සමාජගත කරනවා මිසක් උත්තරේ මොකක්ද කියන එකවත්, උත්තරේ සමාජගත කරන්නේ කොහොමද කියන එකවත් ගැන අවදානය යොමු කරන්නේ නෑ. ඉතින් ප්‍රශ්නෙන් ගොඩයන්නේ කොහොමද ? 😢

Leave a Reply

Your email address will not be published. Required fields are marked *