COLUMN

දුරට ඡන්දය

Summary

දිනපතා තමන්ට ගනුදෙනු කරන්න බැරි කාට හරි ඡන්දය දීලා හූල්ල හූල්ල ඉන්න එකට ද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ? මිනිස්සුන්ට වැඩිපුර තියෙන්නේ එදිනෙදා අවශ්‍යතා සහ ප්‍රශ්න. ඒ අවශ්‍යතා සපුරාගැන්මත් ප්‍රශ්න විසඳාගැන්මත් ඒ ඒ වෙලාවට කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපි අනුගමනය කරන […]

දිනපතා තමන්ට ගනුදෙනු කරන්න බැරි කාට හරි ඡන්දය දීලා හූල්ල හූල්ල ඉන්න එකට ද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ?
මිනිස්සුන්ට වැඩිපුර තියෙන්නේ එදිනෙදා අවශ්‍යතා සහ ප්‍රශ්න. ඒ අවශ්‍යතා සපුරාගැන්මත් ප්‍රශ්න විසඳාගැන්මත් ඒ ඒ වෙලාවට කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපි අනුගමනය කරන රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒ දේ සිද්දවෙන්නේ නෑ.
අපිට ඕන ගමට වලංගු ප්‍රජාතන්ත්‍රවාදයක්. ගම් සභා (නාගරික සභා) ක්‍රමයකින් ඒක කරන්න පුළුවන්. (“බෞද්ධ ජනරජ ප්‍රවාදය” ලිපි පෙළින් මේ ගැන විස්තරාත්මක විදිහට කරුණු කියලා තියෙනවා).
රටට ම නීති හදන එක, ජාතික මට්ටමේ අවශ්‍යතා සපුරාලන එක, විදේශ සම්බන්ධතා පවත්වනවා වගේ වැඩ ඒ මට්ටමින් කරන්න පුළුවන්. ඒත් ඒ මට්ටමින් අපේ එදිනෙදා ප්‍රශ්න විසඳන්න බෑ.
මේ කියන්නේ බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ කතාවක් නෙවෙයි. ජනතාවට තමන්ගේ කටයුතු තමන්ගේ මට්ටමින් කරගන්න පුළුවන් කියලයි මේ කියන්නේ.
මිනිස්සුන්ට තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාගන්න බැරි ක්‍රමයකට ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා කියන්න බෑ. එහෙම ක්‍රමයකට ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා කියනවා නම් ඒක වංචාවක්, රැවැටිල්ලක් විතරයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *