Opinion සතරැස් නුවර පුවත්

දෙටු පිලිමල් වස්තුව

Summary

රාජ සභාවමැ පාලුවෙන් සාංකාවෙන් ඇලලී ගියසෙයකි.අඩ සියවසක් රාජසභාවේ වාම හෝ දක්ශින පස හෙබැවූ විකුම්සිහයානෝ නොමැති වීම නම් අරුමයෙක්මැ වියැ.

  • Save

වූ කලි සතරැස් නුවරුන්ගේ මහත් වූ සැනකෙලි සමයෙක් වියැ. ගොටු අභය තෙමේ සිංහාසනාරූඩවැ දැහැමින් හා සෙමෙන් රාජ්ජ විචාරත්. මහේන්ද්‍රයානෝ. ජයකොන්තය සුරත් හි දරා ගොටු අභය රජහු හට මහාමැතිකම් කරත්.

මෙත්පල් නම් උකුසු තෙම වෙහෙසකර ව්‍යායාමයකින් කොරවක් තෙම හඩවා උන් මුව වූ මත්‍යයා උදුරා නිහඩම මත්ස්‍ය ව්‍යාංජනය තලුගසමින් සිටින්නාහුය.

හස්තින් විසින් හෙලූ වසුරු කන්දකට මුවාවී හඩ හඩා වැලපෙන්නහු විකුම්සිහයෝයැ. චූල පෙම්දස්තෙම සාලිසක් පිරිවර හා රාජස්භාවට යනුවස් කල්බලත්.

උත්තර දක්ෂිණ දිශා හරිහැටි නොදත් අනුදිසා තෙමේ පෙරටුකොට තුන් කට්ටුව “උතුර -දකුණ” ලෙස කල්බලත්. සෙසු චෝල,පාන්ඩ්‍ය,කලාබ්‍ර, පල්ලව,යෝනකාදී පිරිස් උන් රුති ලෙස රාජ සභාවට පැමිනීමේ ගමන් ඇරඹූහැ.

මියුලු නුවරට ද නිගා දෙන එපුර රමණීයවූ ජල තටාකාංගනය මධ්‍යයේ පිගිටි රාජසභාමන්දීරය කරා මේ මැති මැත්තන් පැමිනියේ දියවන්නාවට කප්පරක් කිලිකුණු දොවාලමිනි. සියල්ලන් මැද එක් අඩුවෙක් වියැ.

රාජ සභාවමැ පාලුවෙන් සාංකාවෙන් ඇලලී ගියසෙයකි. අඩ සියවසක් රාජසභාවේ වාම හෝ දක්ශින පස හෙබැවූ විකුම්සිහයානෝ නොමැති වීම නම් අරුමයෙක්මැ වියැ. “සියල්ලන් ගේ සෝ සංකා දවා හලු කොට දමමි මා දෙටු තෙම විකුම්සිහ ලෙසින්මැ මේ සභාවේ බිනුම් කෙරෙම්” යි දැඩි සිත් ගත් චූල පෙම්දස් නම වූ දෙටු පෙම්දස් පුත් තෙම විකුම්සිහ බසින් ශුද්ධ හෙලුවෙන් බිනින්නට වන්හැ. තුශ්නීම්භූත වූ සභාතොමෝ බිනුම් කෙල පැමිණෙන තෙක් කිසිත් නොදොඩා මුවහයා බලා උනහැ.

අවසන සියල්ලොමැ උනුන් ඉදිරියේ වූ ඵලක මස්තකයට “දග් දොග්” අනුකරනයෙන් තඩිබා සොම්නස ප්‍රකාශ කලහැ චූල පෙම්දස් තෙමේ විකුම්සිහ ලීලාවෙන් සහාතොමෝ කෙරෙහි බුහුමන් දක්වා දෙටු පිලිමල් අසුන්හි අසුන්ත්හ.

One thought on “දෙටු පිලිමල් වස්තුව
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap