Opinion

දෙබිඩ්ඩා කවුද?

Summary

ගම්වල ගැමියන් කියන ” දෙබිඩ්ඩා “වචනය හොඳින්ම ගැලපෙන්නේ කාටදැයි තේරුම් ගැනීම ඔබට අපහසු නැත.

“මට චරිත දෙකක් තියෙනවා… ඕන නම් මට හිටපු ආරක්ෂක ලේකම් වෙන්නත් පුළුවන් ” යැයි ජනාධිපති තුමා මෑතකදී කළ ප්‍රකාශයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සුපුරුදු ලෙස අර්ථකථනයක් දුන්නේ ” අපේ ගම්වල නම් ඒ වගේ අයට කියන්නේ දෙබිඩ්ඩා ” කියමිනි.

අපි දැන් අංක එකේ දෙබිඩ්ඩා කවුදැයි විමසා බලමු !

🔺තම අන්ධ අනුගාමිකයන්ට සමාජවාදය, පන්ති පීඩනය, නිර්ධන පන්තියේ ආඥාදායකත්වය දේශනා කරමින් ව්‍යාපාරික පන්තියේ විදෙස් ගමන් යන අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺සමාජවාදයට ප්‍රතිවිරුද්ධ ලෙස ප්‍රාග්ධනය පොදි බඳිමින් ලංකාවේ ධනවත්ම පක්ෂයේ නායකයා ලෙස වැජඹෙන අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺තමන්ව පක්ෂයේ නායකත්වයේ තැබූ සෝමවංශ අමරසිංහ විසින් එජාපෙට කඩේ යෑම නිසා රතු අලි පැටියා යැයි පැවසූ විට සෝමවංශ ගේ මොළේ හොඳ නෑ කියමින් අපහාස කළ අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺යහපාලනය ගෙන එන්නට දර දිය අදිමින් දින 100 න් රට හදන්නට සපථ කරමින් කටයුතු කර කෙළවුණ පසු එය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍යවේදීන් බොරු කියනවා යැයි පැවසූ අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺අරලියගහ මන්දිරයේ FCID රැස්වීම් වලට, විධායක සභා රැස්වීම්වලට යමින් මුදල් ලබාගත් අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺යහපාලන මහා පරිමාණ වංචා දූෂණ ගැන නඩු දමන්නට අමතක වූ අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺මුළු විශ්වයේම සිදුවන වංචා,දූෂණ, ත්‍රස්තවාදී, මැර ක්‍රියා අතැඹුලක් සේ නිෂ්චිතවම කිව හැකි එහෙත් තම ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාහිම් නානා ත්‍රස්තවාදීයෙකු බව නොදැන සිටි අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺යහපාලන ආණ්ඩු සමයේ තුන්වරක් පමණක් උද්ඝෝෂණ කළ (ඉන් දෙවරක්ම රනිල් ට අගමැති කම අහිමි වීමෙන් පසු) දැන් දිනපතා උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ තියනා අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺පෝට් සිටිය ගොඩ කරන්නට කළුගල් කියුබ් කෝටි 12, කළුගල් කියුබ් මිලියන 10 ක් , කළුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි වෙනස් බේගල් ඇද බෑ අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺දේශපාලන වේදිකාවේ රාජපක්ෂ බේබිලා ලැම්බොගිනි ගෙනාවේ යැයි සපථ කර පසුව තමන් එසේ නොකියූ බව සපථ කළ අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺හම්බන්තොට වරාය හදද්දී එය බේබිලාට පීනන්න හදපු ස්විමිං පූල් එකක් ‍කියා වරාය විකුණා දැමූ පසු එහි අගය ගැන කියමින් මාධ්‍ය සාකච්ඡා තැබූ අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺කලක් MCC ගිවිසුම ගසනවා යැයි සපථ කරමින් අන්ධ අනුගාමිකයන් චූන් කරමින් සිට වත්මන් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළ පසු මුනිවත රකිනා අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
🔺ඡන්ද කාලයක් ලංවෙද්දි පමණක් පන්සල්, පිරිත් නූල් මතක් වෙන අනුර කුමාර අංක එකේ දෙබිඩ්ඩෙකි.
▪️ ගම්වල ගැමියන් කියන ” දෙබිඩ්ඩා “වචනය හොඳින්ම ගැලපෙන්නේ කාටදැයි තේරුම් ගැනීම ඔබට අපහසු නැත.

Leave a Reply

Your email address will not be published.