Opinion

දෙවෙනි සක්විති සමන්ත භද්‍ර

Summary

සක්විතිට වඩා දෙවෙනි සක්විති වැඩි කාලයක් ඔරොත්තු දීමට ඉඩ ඇත. එහෙත් අවසානයේ නම් වෙනසක් සිදු නොවනු ඇත. මල් මතින් වඩින්නේ ගල් බොරළු සැගවීමටය.

  • Save

අභද්‍ර වූ සමන්ත විසින් මස් කෑමේ අනුහස් දෙසාබාන තවත් වීඩියෝවක් නිකුත් ව ඇත. එහෙත් එය මුල් රූප රාමු නරඹද්දී ම මට තේරුණේ උන්වහන්සේ ද සක්විතිගේ මගට පිවිස ඇති බව ය. මේ කයිවාරුව පවසන්නේ ඇතුළතින් ඔඩු දුවමින් ඇති කඩා වැටීමක පෙරනිමිති ය. සක්විතිගේ ව්‍යාපාරයේ අවසන් කාලය ඔහුගේ ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව විය. මිනිස්සු කෝටි ගණනින් ඔහු වෙත තැන්පත් කරමින් සිටියහ. එහෙත් සතියක් දෙකක් ඇතුළත ඒ සියල්ල අවසන් විය. බුදුහාමුදුරුවන් හෝ මහරහතන්වහන්සේ ලෙස පෙනී සිටීමට උත්සාහ කළ ද අභද්‍ර වු සමන්ත දෙවෙනි සක්විති වීමට හොඳටම ඉඩ තිබේ.

සක්විතිට වඩා දෙවෙනි සක්විති වැඩි කාලයක් ඔරොත්තු දීමට ඉඩ ඇත. එහෙත් අවසානයේ නම් වෙනසක් සිදු නොවනු ඇත. මල් මතින් වඩින්නේ ගල් බොරළු සැගවීමටය. මස් මාලූ හට්ටි මතින් වසංකිරීමට උත්සාහ කරන්නේ ඊටත් වඩා අවලස්සන සත්‍යයකි. මේ ගෝනමස් කුම්බලා මාලුවලට වඩා ප්‍රතිඵල ගෙන දීමට ඉඩ ඇත.

අභද්‍ර වූ සමන්ත කරන්නේ කයිවාරු ගැසීමක් හෝ ධර්මය පැහැදිලි කිරීමක් නොවේ. සක්විති දෙඩවීමකි. බොරුව මත කරන ගොඩනැගීම් කෙටිකාලීන වශයෙන් අතිශයින් ආකර්ෂණීය වේ. මායාකාරී වේ. කොටින්ම සබන් බෝලමෙන් හෝ ඊටත් වඩා ලස්සනය. ආකර්ෂණීයය. එහෙත් ආයුෂ අතින් එක සමාන ය.

මේ අභද්‍ර වූ සමන්ත ගැන අහිතකින් කියන දෙයක් නොවේ සක්විති ගැන අනුකම්පාවෙන් ලියන්නකි. පළමුවෙනි සක්විතිගේ අත්දැකීම තිබිය දී දෙවෙනි සක්විති වීමට යමෙකු උත්සාහ දැරිය යුතු ද නැත. පළමුවෙනි සක්විති දැක දෙවෙනි සක්විති කෙනෙකු පිටිපස යාමට තරම් අනත් අය අනුවණ විය යුතු ද නැත. රෑ වැටුණ වළේ දවල් වැටෙන්නට අවශ්‍ය නැත. පළමු සක්විති දැක දැක දෙවිනි සක්විති අවශ්‍ය නැත.

කෙසේ වුවත් කර්මයට විපාක ඇති බව ද එලෙස ම සත්‍යයකි. එය නම් වැළැක්විය නොහැක. මේ ගැන අපට ද වඩා අභද්‍ර වූ සමන්ත දනියි. අලුත් නම දා ගැනීමේ දී ම වරදක් කරගෙන ඇති උන්වහන්සේ අතින් තවත් ඕනෑ තරම් අතපසු වීම් සිදුවී ඇතිවා විය හැකි ය. කෙසේ වුවත් දෙවෙනි සක්විති වීමෙන් ගැලවීමට තවම කල් ඇත.

සක්විති තරම් ම අපරීක්ෂාකාරී ලෙස දෙවෙනි සක්විති කටයුතු කර නැති බව මගේ අදහසයි. එහෙත් ලකුණු පහළ වී ඇත. ගැලවුණොත් යහපත් ය. කාටත් හොදය. පුලුවන්ය. සක්විතිට වඩා දෙවෙනි සක්විතිට නුවණ ඇත. යම් තරමකට හෝ දැක්මක් ඇත. එසේ ද වුවත් මාවත එක ම ය. සක්විති මාවත ම ය. ඒ බව නම් තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නේ නැත. ඒ ගහන කයිවාරු ව අසාගෙන සිටින විට ය. සක්විති ද ඔයිටත් වඩා කයිවාරු ගැසූ කෙනෙකි. නම ද සක්විති කරගත්තේ ය.

මුලා වූ ලෝකයක මහත් ධනලාභ සොයා සක්විති පසුපස ගිය අය බොහෝ වූහ. එවැන්නක් තවත් වරක් වුවත් සිදුවිය හැකිය. එය සක්විති ගේ වරදක් නොවේ. සක්විතිලාට ඉල්ලුමක් ඇත. සක්විතිලා පතන්නෝ බොහෝ වෙති. සක්විති සක්විතිගේ ම ප්‍රතිඵලයක් නොවේ. කොයි සක්විති ගැන වුවත් මේ කතාව ඇත්ත විය හැකි ය.

ඉතින් අනුකම්පාව මෛත්‍රීය උපදවාගෙන සිහිනුවණ පාදාගෙන ආ මගින් මිදෙන්නට කාලයයි. පමා නැත.

හැම පාඩමක් ම බණපොතෙන් ම ගත යුතු නැත. බණ පොත් කියවා ඇත්නම් අවට ලෝකයේ දකින දෙයින් ද ඉගෙන ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap