Editorial

දේශපාලනයේ ඥාතිසාරය

Summary

කෙලවෙන්නේ ලොක්කට නැත්තම් ලොක්කිට. වැඩේ අවුල් වුනාට පස්සේ ඉතිං ‘මෙහෙම වුනේ ඇයි, අයි ඩෝන්ට් නෝ වයි’ තමයි කියන්න වෙන්නේ. මෙහෙම වෙන්නේ ඇයි, වී ඩූ නෝ වයි.

  • Save

මෙහෙම වෙන්නේ ඇයි, වී ඩූ නෝ වයි. ඥාතිසාරය බ්‍රෝ, ඥාතිසාරය. අමන් අද(ර්) තිංස්. 
සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ‘ඥාති සංග්‍රහය’ කියලයි. ඒත් මේක ලෙඩක්. වයිරසයක්. වැළඳුනාට පස්සේ බෙහෙත් වලින් සුව කරන්න බැහැ. ගෝටා-මහින්ද ආණ්ඩුවට සීමා වුන දෙයක් නෙවෙයි. රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව කාලෙත් තිබුනා. ඊට කලින් මහින්ද ගේ කාලේ, චන්ද්‍රිකාගේ කාලේ, ප්‍රේමදාසගේ කාලේ, ජේආර් ගේ කාලේ සිරිමාගේ කාලේ යනාදී හැම යුගයකම අඩු වැඩි වශයෙන් දකින්න තිබුන ලෙඩක්.  

මැතිවරණ වලට අදාලව තේරුම් ගන්න පුළුවන් දෙයක් — ජනතාව කව්රුහරි දේශපාලනාඥයෙක්ගේ ඥාතියෙක්ට ඡන්දේ දෙනවා නම්, ඒකෙ ලොකු අවුලක් නැහැ. අවුල තියෙන්නේ ඥාතීන්ට විවිධ පත්වීම් දෙන එකේ. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල උස පුටුවලට. වැඩ්ඩෙක් නම කමක් නැහැ කියල හිතන්න පුළුවන් ඒ වුනත් ඒකෙත් අවුලක් තියෙනවා. වැඩ බැරි නම් අවුලේ ස්වභාවය සහ ප්‍රමාණය අනුරූපව විශාල වෙනවා.

පුද්ගලික ලේකම්ලා, මාධ්‍ය ලේකම්ලා පත් කිරීමේදී මේ දේශපාලන ග්නාතිසාරය හොඳටම පෙනෙනවා. එක්කෝ නෝනා, නැත්තම් බබා, නැත්තම් බෑනා, නැත්තම් ලේලි, එහෙමත් නැත්තම් ‘ෆිට් එක.’ ලේකම් වැඩේ ගැනවත් මාධ්‍යය ගැනවත් මොනම හෝ දැනුමක් අත්දැකීමක් නැති අය තමයි වැඩි වශයෙන් මේ තනතුරුවලට පත් කරන්නේ.

ඊට පස්සේ?

ලොක්කා නැත්තම් ලොක්කිව නාවනවා. ලොක්කා නැත්තම් ලොක්කි කකුල් පටලවාගෙන වැටුනොත්, වැටුන ලොක්කගේ නැත්තම් ලොක්කිගේ ඇඳුම් ගලවනවා. කොටින්ම නැති ප්‍රශ්න ඇති කරනවා, ඇති ප්‍රශ්ණ විසඳගන්න බැරිම තැනට තල්ලු කරනවා.

මෙහෙම වෙන්නේ ඇයි? වී ඩූ නෝ වයි.  

වැඩ බැහැ. ගානක් නැහැ. කරන්නේ අදාළ නැති දේවල්. බලු වැඩත් කරනවා, බූරු වැඩත් කරනවා. ඒ මදිවට බල්ලයි බූරුවයි පටලවගන්නවා.  ඥාතිසාරය වයිරසයක් නම් ඒක විකාශනය වෙලා අමාත්‍යංශ වල ඉන්න වෙනත් අයටත් වැලඳෙනවා. ඊට පස්සේ ලේකම්ලා අතුල කාර්ය මණ්ඩල වල ඉන්න අනිත් අයත් තමන් ලොක්කගේ නැත්තම් ලොක්කිගේ ලංගම ඥාතියෙක් කියල හිතාගෙන වැඩ කරන්න පටන් ගන්නවා. එයාලත් බලු වැඩ කරනවා, බූරු වැඩත් කරනවා. ඒ මදිවට බල්ලයි බූරුවයි පටලවගන්නවා. ලොක්කා නැත්තම් ලොක්කි නාගනිද්දී ඒවා එයාලට පෙනෙන්නේ නැහැ. තමන් ලොක්කව නැත්තම් ලොක්කිව නාවද්දීවත් තමන් කරන්නේ නාවන එක බව තේරෙන්නේ නැහැ. රෙදි ගලවදිදී හිතන්නේ මාර ස්මාට් ඇඳුමක් ඇන්දුවා කියල. ලොක්කත් එහෙම හිතනවා වෙන්න පුළුවන්. ලොක්කිත් එහෙම හිතනවා වෙන්න පුළුවන්.

ලොක්කන්ට ලොක්කියන්ට කෙල වෙන එක ප්‍රශ්ණයක් නෙවෙයි. අවුල තමයි ආයතනයට කෙල වෙන එක. වැඩ පිළිවෙලකට කෙල වෙන එක.

මොනවාද කරන්නේ, කුමක් සඳහාද, ඒ පිළිබඳව කියන කතා ඇත්තද බොරුද, බොරු නම් නිවැරදි කල යුතුයි නේද, නිවැරදි කල යුත්තේ කෙසේද යනාදී ප්‍රශ්න වලට ඕනෑම කාලෙක ඕනෑම ආණ්ඩුවකට, ලොක්කෙක්ට, ලොක්කියෙක්ට මුහුණ දෙන්න වෙනවා.

කොටින්ම සම්බන්ධීකරණ ලේකම්ලා සම්බන්ධකරණය දන්නේ නැහැ. මාධ්‍ය ලේකම්ලා මාධ්‍ය හඳුනන්නේ නැහැ. මාධ්‍යකරණය දන්නේ නැහැ. දන්නේ ලොක්ක නැත්තම් ලොක්කි උඩ දාන එක. එක්කෝ මූණට. නැත්තම් මූණුපොතේ.

විපක්ෂයටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.

කෙලවෙන්නේ ලොක්කට නැත්තම් ලොක්කිට. වැඩේ අවුල් වුනාට පස්සේ ඉතිං ‘මෙහෙම වුනේ ඇයි, අයි ඩෝන්ට් නෝ වයි’ තමයි කියන්න වෙන්නේ.

මෙහෙම වෙන්නේ ඇයි, වී ඩූ නෝ වයි. ඥාතිසාරය බ්‍රෝ, ඥාතිසාරය. අමන් අද(ර්) තිංස්.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap