Opinion

දේශපාලනය හා මරණය

Summary

‘‘ඉක්මනින් ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුව ම’’
(මළවුන්ගේ අවුරුදු දා- එදිරිවීර සරත්චන්ද්‍ර)

  • Save

“තොප ගිය කල බැමිණි – අතොබයි පයිය සපැමිණි”
(කාව්‍යශේඛරය)

මේකත් හරියට බමුණා ගෙදරින් එළියට ගියහම බමුණා ගේ පසුම්බියට අත දාන බැමිණිය ලියපු ලිපියක් වගේ නිසා එළඹ සිටි සිහියෙන් කියවන්නට ඕන.

මේ දවස්වල ” මරණය ” කියන වචනෙත් “නව සාමන්‍යකරණය” වෙලා වගේ නේ ද? හැබැයි සමහර මරණයෙන්ට ලැබෙන නිර්වචන දේශපාලනිකව විවිධ හැඩතල ගන්න එක පැහැදිලියි. කලා ශිල්පීන්
දේශපාලනඥයෝ, ප්‍රභල ව්‍යාපාරිකයෝ, මිය ගියහම මිනිස්සු දක්වපු ප්‍රතිචාරය ඒ ඒ දේශපාලන දෘෂ්ටීන්ට සාපේක්ෂව විශාල ශබ්දයක් නැගුවා කියලා කියන්න පුළුවන්. සමහර ඒවා කැලණියෙන් ඇහුණ ශබ්දෙටත් වඩා විශාලයි !

මෑතකදි මෙරට පහළ වූ පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ පඬිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිංහල භාෂාවේදියකු වූ මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා දැයෙන් සමු ගන්නවා. එතුමා රැඩිකල්, ලිබරල්, නිරාගමික, බෞද්ධ විරෝධී, ස්වාධීන මධ්‍යස්ථ මතධාරී වුණේ නැති නිසා ද මන්දා එතුමා වෙනුවෙන් කවි,ගී, නිසදැස්, මාගල් හෑලි ලියවෙනවා දැක්කේ නෑ…බලන්ට කෝ ඒකෙත් හැටි !
‘‘ඉක්මනින් ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුව ම’’
(මළවුන්ගේ අවුරුදු දා- එදිරිවීර සරත්චන්ද්‍ර)

අංගුත්තර නිකායේ, අට්ඨක නිපාතයේ තියෙනවා සීහසේනාපති කියලා සූත්‍රයක්. සූත්‍රයේ තියෙන විදියට බුදු වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණ සීහ සේනාපති, බුදුන් වහන්සේට තමන්ගේ නිවසට වඩින්න ආරාධනා කරලා බුදුන් වහන්සේට මාංශ සහිත සහිත දානයක් පිළිගන්වනවා…මේක ආරංචි වෙච්ච විශාලා මහනුවර වැසියෝ මේකට විරුද්ධව ලොකු සද්දයක් දාලා උද්ඝෝෂණය කරනවා…හේතුව තමයි සීහ සේනාපති, තර සිවුපාවෙකු මරලා බුදුන් වහන්සේ ගේ ගේ දානෙට පූජා කරලා, ඊට පස්සේ බුදුන් වහන්සේ දැන දැනම ඒක වැළදුවා කියලා.
ඒ කාලෙම බුදුන් වහන්සේව මරන්න දේවදත්ත හිමියෝ සෑහෙන උපක්‍රම යොදලා ගලක් පෙරළුවා…ඒ වැඩෙන් දේවදත්තට බුදුන් වහන්සේව මරන්න බැරි වුණත් උන්වහන්සේ ගේ ලේ සෙලවෙනවා…හැබැයි දේවදත්ත හිමියෝ බුදු හාමුදුරුවන්ව මරන්න හදපු එකට එරෙහිව විශාලා මහනුවර වැසියෝ විශාල ශබ්දයක් නැගුවා කියලා ත්‍රිපිටකයේ කොහේවත් නෑ…ඒ කියන්නේ බුදු වහන්සේ වගේ නිකෙලෙස් උත්තමයෙක් අපවත් වෙනකං බලං ඉඳපු පුංජඃමානුවෝ ඒ කාලෙත් ඉඳලා තියෙනවා…එහෙනං අපි වගේ පඟරනැට්ටෝ ගැන මොන කතා ද ආයුබෝවන්ඩ?
ඉතිං බං…, බුදු හාමුදුරුවෝම නේ දේවදත්තව ශාසනේට ගත්තේ කියලා කාට හරි අහන්න පුළුවන්,
හරි හරි ඉතිං…
නායකත්වයට එන්න තියෙන ආශාවට අත දීලා ගොඩ එන්න උදවු කරපු එවුන්ට අරින එක තමයි දේවදත්තලා ගේ ගතිය. මුසිල කියන්නේ දේවදත්ත ගේ කලින් වර්ෂන් එක කියලා ගුත්තිල ජාතකයේ තියෙනවා නේ. ශරීර ලක්ෂණ බලලා මුසිල ගැන අයිඩියා එකක් ගන්න ගුත්තිලට පුළුවන් වුණාට අපිට බෑ නේ.
“බලමින් ලකුණු ගත
දුදන ගුණ දැන ඔහු සිත
නොවසව තෙපි මවෙත
ශිල්ප නොදෙමැයි කිවෙත් මහසත”
(ගුත්තිල කාව්‍ය)

” මිනිසා දේශපාලන සත්ත්වයෙකි “කියලා ඇරිස්ටෝටල් කිවුවේ කට කහනවට වෙන්නට බෑ නේ.
මේ හැමදේම දේශපාලනිකයි !
” Picture abhi baaki hain mere dost…”

ටිකක් ඉන්ට කෝ !

සොනාල ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap