Opinion සතරැස් නුවර පුවත්

දොන්ත(mega) නාඩගම් වස්තුව

Summary

“කිමැ… සහෘදයෙනි නුඹලා දකිනුයේ දොන්ත නාඩගම් පමණෙක්ද?… තොප වෙනත් දොන්තයක් නොදක්නේද? ” නාලිකාධිපති ඇසීය.

  • Save

එකල සතරැස් නුවර වැස්සනට මහත් වූ ගැටලුවෙක් වියැ. ඒ මන්ද යත් මහා භාරතයෙන් ගෙනා දොන්ත නාඩගම් බලා විපරීත වූ මනස් ඇත්තවුනට සතරැසෙහිමැ නිමැවූ තවත් දොන්ත නාඩගම් විශේෂයෙක් රෑප පෙට්ටිවල වෑහෙන්නට වියැ.

භාරතීය මෙන්මැ සතරැස දොන්ත නාඩගම්ද සති මාස දින හවුරුදු ගෙවී ගියද නිෂ්ඨාවක් නොවීයැ. නොදරුවන් කල විදිනට ඇරඹි සමහරෙක් දොන්ත නාඩගම් උනගේ දරු මුණුබුරු සමගින් බලත්. එපමණකුදු නොවැ උන්ගේ සත්මුතු පරම්පරාවෙක්මැ රස විදිනු ඇත්තාහැ. එක් දොන්ත නාඩගම් තරකා රත්නයක් පැවැසූයේ “ඉදින් කිමැ…. අප ලොවැ එක් හෝරවක සිද්ධීන් නාඩගමේද එක් හෝරාවක් කොට පෙන්වන්නෙමු…. ඒ වඩාත් යථාර්ථවාදී යැ”
අදෝමැයි….. ඉදින් නාඩගම දොන්ත වීම නොවැලැක්විය හැක්කේයැ.
දොන්ත නාඩගම් නිසාවෙන් උකටලී සතරැසුන් එක් දොන්ත නාලිකාවෙක් අසල මහත් කල කොලහල කලහ.

“හකුලව් හකුලව්…. දොන්ත නාඩගම් හකුලව්…..”
“භාරත දොන්තයෝ නවතව්”

ජනතෙම මහත් කල කෝලාහල කලහ.
නාලිකාධිපති තෙම උඩුමාලින් බැසැ ජනතෙම හමුවේ පෙනී හුන්හැ.

“කිමැ සහෘදයෙනි තොප කුමක් ඇරබ උකටලී වීදැ” යි හෙතෙම විමැසූහැ.
“අහෝ මේ දොන්ත නාඩගම් අප පුත් දුහිතෘන් විපරීට කරන්නාහුයැ. ඉදින් කිනම් දිනක මේ නිෂ්ඨා වේදැ” යි උන් පෙරලා ඇසූහැ.
“කිමැ… සහෘදයෙනි නුඹලා දකිනුයේ දොන්ත නාඩගම් පමණෙක්ද?… තොප වෙනත් දොන්තයක් නොදක්නේද? ” නාලිකාධිපති ඇසීය.

“ඉදින් ඒ කිමෙක්ද…. එවැන්නක් නොදැකමෝ” යි ජනතෙම පැවසූහැ.

“මහත් හඩින් සිනාසී නාලිකාධිපති තෙම.
“දින සති හවුරුදු ගෙවෙන දොන්ත කොමිසං තොපට නොපෙනේද…. දොන්ත නාඩගම් එකක් දෙක නොව කප්පරක් අවසන් වුවද දොන්ත කොමිසං නිෂ්ඨා නොවන්නේය. ” යි පැවසීය.

“අදෝමැයි… ඉදින් සියල්ල දොන්ත වූකල අප කුමක් කරමෝදැ” යි පවසා ජනතෙම නික්ම ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap