Opinion

ධනපති පංතියේ මෝඩදරුවන්ට ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්වලින් දොස්තරලා වෙන්න ඉඩ දෙන්න?

Summary

අද දොස්තරලා වෙන්න ඔ්නැ ධනපති පංතියෙ අයගෙ මෝඩදරුවෝ. එහෙම නැතිනම් දුප්පත් දෙමාපියන්ගේ බුද්ධිමත් දරුවෝ ඔක්කොම ටික දොස්තරලා බවට පත්කරන එක රටට ලොකු අපරාධයක්. මොකද එහෙම වුණා කියලා ඒ් අයට රට වෙනුවෙන් කරන්න මහ ලොකු දෙයක් නෑ. ධනපති පංතියේ මෝඩදරුවො මේ මෝඩ රස්සාවට යවන්න ඔ්නැ. ඒක කරන්න නම් ඔය ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් ඕනැ .

  • Save

” ලංකාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් එකක් හදන්න හදපු හැම වෙලාවකම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කොම්පැනිය ඒ්ක කඩාකප්පල් කළා. වෛද්‍ය වෘත්තිය කියන්නෙ මහා උත්තරීතර වෘත්තියක්. ඒකට එන්න ඕනැ ලංකාවේ ඉන්න දක්ෂම ළමයි විතරයි. ඒ්ක උගන්වන්න ඕනැ ආණ්ඩූවෙන් විතරයි කියලා. ඒ්ත් දොස්තර කෙනෙක් කියන්නෙ බෙහෙත් කොම්පැනිවල රෙප් කෙනෙක් විතරයි කියලා අද ඔප්පු වෙලා තියෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම වෛද්‍ය විද්‍යාව කොරෝනා ඉස්සරහ කඩා වැටිලා. මේක මහා උත්තරීතර වෘත්තියක් කියලා රැකගෙන ඉන්න ඒකම මහා බොරුවක්.

එච්චර විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න දක්ෂම කියන ළමයි ටික මෙඩිකල් කොලෙජ්වලට එන එකත් අපරාධයක්. මොකද ඇවිල්ල කියලා ඉගෙනගන්න මහා දෙයක් නෑ. ඔය ළමයි එන්නෙත් දැනුමකට තියෙන ආදරේකට වඩා දැනට නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනුම අරන් වැඩියෙන්ම හම්බකරන්න පුළුවන් වෘත්තිය දොස්තරකම විදිහට පේන්න තිබුණ හින්ද. දැන් වෙනකොට ඒකත් එහෙම නෙමෙයි. ඒත් නිදහස් අධ්‍යාපනෙන් එකපාර යන්න තියෙන නම්බුකාරම වෘත්තිය නම් තාමත් ඒ්කම තමයි. ඒත් කොරෝනා විසින් ඒ් නම්බුවත් නැති කරලා.

ඇත්තටම ලංකාවේ දක්ෂ ළමයි මෙඩිකල් කොලෙජ් එක වෙනුවට වෙන ක්ෂේත්‍ර තෝරාගන්නවා නම් ඒක රටටත් හොදයි. ඒ ළමයින්ටත් හොදයි. ඇත්තටම මෙඩිකල් කොලෙජ්වලට යවන්න ඕනැ ලංකාවේ ධනවත් පංතියෙ මෝඩ ළමයි. ඒ්කට තියෙන හොදම ක්‍රමේ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්. ඒත් ඒක කරන්න දෙන්නෙ නෑ මේ මෝඩ ජීඑම්ඔ්ඒලා. ඔය මෙඩිකල් කොලෙජ් එකේ බොරු පූජනීය භාවයෙන් රටට වැඩක් නෑ. ඒක හරියට දැන් අර අලුත්කඩේ පූජනීය භාවය වගේ.

ඇත්තම කතාව නම් මෙඩිකල් කොලෙජ් ගිහින් ඉගෙනගන්නවට වඩා සිංහල වෙදමහත්තයෙක් ගාවට ගිහින් ඉගෙනගත්තොත් මිනිසුන් සුවපත් කිරීම ගැන මීට වඩා දැනුමක් ලබන්න පුළුවන්.කොරෝනාවලට විතරක් නෙමෙයි දොස්තරලට පිළිකාවලට බෙහෙත් නෑ. වකුගඩු රොගෙට බෙහෙත් නෑ. ග්‍රැමක්සෝන්වලට බෙහෙත් නෑ. ඒ වෙනුවෙන් යම් තරමකට හරි බේත් තියෙන්නෙ සිංහල වෙදමහත්තුරු ගාව. ඒ මෙඩිකල් කොලෙජ් යන්නෙ නැතුව. දොස්තර කෙනෙක් හදන්න අවුරුද්දකට ආණ්ඩුවෙන් කෝටි ගාණක් වැය කරනවා. ඒත් සිංහල වෙදමහත්තයෙක් බිහිකරන්න ආණ්ඩුවෙන් එක සතපහක් වියදම් කරන්නෙ නෑ. ඒත් ඇතැම් සිංහල වෙද්දු රුපියල් කෝටි ගානක මෙහෙවරක් රට වෙනුවෙන් කරනවා.

එහෙම තියෙද්දි මේ රජයේ වෛද්‍ය විද්‍යාල කියන බොරු දේවාලෙ නඩත්තු කරන්න ඕනැ නෑ. අද දොස්තරලා වෙන්න ඕනැ ධනපති පංතියෙ අයගෙ මෝඩදරුවෝ. එහෙම නැතිනම් දුප්පත් දෙමාපියන්ගේ බුද්ධිමත් දරුවෝ ඔක්කොම ටික දොස්තරලා බවට පත්කරන එක රටට ලොකු අපරාධයක්. මොකද එහෙම වුණා කියලා ඒ් අයට රට වෙනුවෙන් කරන්න මහ ලොකු දෙයක් නෑ. ධනපති පංතියේ මෝඩදරුවො මේ මෝඩ රස්සාවට යවන්න ඕනැ. ඒක කරන්න නම් ඔය ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් ඕනැ.

අනිත් එක දැනට වුණත් පිටරට ගිහින් දොස්තරලා වෙලා කීදෙනෙක් එනවද? චීනෙට රුසියාවට නවසීලන්තෙට කෝටි ගණන් දීලා දොස්තරලා වෙලා ඒන අය කොච්චරද?

මෙතන ජීඒම්ඔ්ඒ එක ඇත්තටම කරන්නෙ වෙන දෙයක් නෙමෙයි දොස්තරලා බිහිවෙන ප්‍රමාණය අඩුකරන එක විතරයි. පිටරට තියෙන ප්‍රයිවට් හරි ආණ්ඩුවෙ හරි මෙඩිකල් කොලෙජ්වලින් සල්ලි අරන් වෛද්‍ය උපාධි දෙන එකයි ඒව අරගෙන එන අය ලංකාවේ දොස්තරලා වෙන එක වළක්වන්න තරම් බලයක් ලෝකෙ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය හරි ධනවාදය ඇතුළෙ හරි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හවුලට නෑ. ඒත් ලංකාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය හරි ධනවාදය ඇතුළෙ හරි ඒ බලය ඒ අයට තියෙනවා.

ඉතින් ඒ බලය පාවිච්චි කරලා ලංකාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් දාන්න දෙන්නෙ නැත්තෙ වෙන දෙයකට නෙමෙයි දොස්තරලා බිහිවෙන ප්‍රමාණය සීමාකරගන්න. ඒක මත තමයි දොස්තර කෙනෙකු ලබන ආදායම දොස්තර කෙනෙකුගෙ වැදගත්කම රැදිලා තියෙන්නෙ. දොස්තරලා අඩුවෙන තරමට දොස්තර කෙනෙකුට ලැබෙන ලෙඩ්ඩු ප්‍රමාණය වැඩිවෙනවා. ඉන්න දොස්තරලාගේ ආදායම අඩුවෙන එක වළක්වගන්න කියලා හිතාගෙන තමයි ඔය දොස්තරලා ඔක්කොම ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්වලට විරුද්ධ වෙන්නෙ. ඒත් ඉතින් සිංහල බෙහෙත්වල තරම්වත් කොරෝනාවලට බෙහෙත් නැති දොස්තරකම ඔච්චර අමාරුවෙන් රකින්න ඕනැ දෙයක් නෙමෙයි.

මේ වගෙ වංසෙ කබල්ගාන පුහුවැඩත් රටට ලොකු හානියක්. හැමතැනම වංසෙ කබල් ගානවා. වංසයක් හදාගන්න හදනවා. අනිත් මනුස්සයෙකුට ඉඩ දෙන්නෙ නෑ. බල්ලට පිදුරු කන්න බැරි වුණත් ගොනාට කන්න දෙන්නෙත් නෑ. ඒක තමයි බලු ප්‍රතිපත්තිය. හැබැයි බලු ප්‍රතිපත්තියටත් වඩා මිනිස් ප්‍රතිපත්ති දරුණුයි.

මං කියන්නෙ වෙන දෙයක් නෙමෙයි ඔය ජීඑම්ඔ් දොස්තරලා ගාව තියෙන්නෙත් අනිත් මිනිස්සු ගාව තියෙන ප්‍රතිපත්තිම තමයි. දූෂිතයි කියලා කියන දේශපාලනඥයෝ ගාව තියෙන ආකල්පම තමයි. වෙනසකට තියෙන්නෙ ඒ් අය හැම වෙලේම ටයි දාගෙන ඉන්න එක. ටයි දාගෙන ඉන්න මහත්තුරු හොරකම් කරන්නෙ නෑ එව්ව කරන්නෙ ජාතික ඇදුම අදින මන්ත්‍රීලා කියලා ආකල්පයක් මේ රටේ හදලා තියෙනවනෙ. ලක්ෂ ගණන් වටින ටයි දාන අර්ජුන් කෝටි ගණන් වටින බැංකු වංචාවක් කළාට ඒ ආකල්පෙ වෙනස්වෙලා නෑ.කොහොම නමුත් කොරෝනාවලටත් බෙහෙත් නැති එකේ ඔය මහ ලොකු රකින්න තරම් දෙයක් රජයේ වෛද්‍ය විද්‍යාලෙ නෑ. පුයිවට් මෙඩිකල් කොලෙජ් දාමු.
අනිත් එක ඒකෙන් ලංකාවේ ලක්ෂ ගාණක් දෙමාපියන්ට තියෙන මොළේ අමාරුවකුත් හොද වෙනවා. තමයි ළමයා දොස්තර කෙනෙක් කරන එක වෙනුවෙන්ම ජීවත්වෙන දෙමාපියෝ තමයි ලංකාවේ වැඩි. දොස්තරකම හෑල්ලු වුණාම ඒ සමාජෙ ප්‍රශ්නෙත් ඉවරයි. ඒක කරන්න නම් ඉතින් ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් ඕනැ. පහේ ශිෂ්‍යත්වෙ පස්සෙ දුවන එකත් සෑහෙන්න අඩු වෙනවා ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් ආවොත්.

එහෙම බලන කොට ලංකාවේ ඉදිරිගමනට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ජීඑම්ඔ්ඒ එක. ලංකාවේ ළමයින්ට නිදහසේ තමන්ට ඕනැ දෙයක් ඉගෙනගන්න තියෙන අවස්ථාව නැති කරලා තියෙන්නෙ ඒ අය. ඒ්ලෙවල් දොස්තර තරගෙට තල්ලු කරලා ළමයින්ගෙ නිදහස නැති කරලා තියෙන්නෙ ඒ අය.
තමන් කරන හානිය ජීඇම්ඒඔ්ලාට තේරෙන්නෙ නෑ. ඒ් අතින් ඒ් අයයි දේශපාලනඥයොයි අතර කිසිම වෙනසක් නෑ. ඇන්තමට වෙනසක් නැති එක නෙමෙයි පුදුමෙ. වෙනසක් තිබුණොත් තමයි පුදුමෙ”
දහයා මාරේ ඔපිස් ප්ලේන්ටිය බීමත් සමග ජයවීරගේ සිත පුදුමකාර සිතිවිලිවලින් පිරී ඉතිරී යන්නට වූවේය. ඔපිස් ප්ලේන්ටියේ ඒ තියෙන බලේ ගෙදර හෝ කිසිම හෝටලයක හදන ප්ලේන්ටියේ නැත. ඔපිස් ප්ලෙන්ටි මගින් සූරපප්පලා බිහිකරන්නෙ ඒ නිසාය.

[සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව. නම්ගම් සියල්ල මනහ්කල්පිතය]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap