ධ්වනි රික්ත වස්තුව
Summary
“මේ අනෙකක් නොවැ අපහට යම් ධ්වනි රික්තයෙක් වීනම් ඒ හද ගැහෙනා ධ්වනියයි… සුසුම් හෙලනා ධ්හ්වනියයි..

එවක සතරැස් නුවරුන් මහත් වූ කාන්සියෙන කල් මරන්නට වූ සමයෙකි. ඒ මක් නිසාද යන්න උන්හට අවිෂයැ. එකිනෙකා උනුන් හා කතිකා කරමින් කාන්සියට හේතු විමසත්.
‘කිම මෙහි සැනකෙලි අසුවෙක්ද නොවේ… සම්භශන අඩුවෙක් ද නොවේ… කිමැ මේ වූකලි අප ගොටු අභය මහා රාජෝත්තමයානන් බිනුම් නොකිරීමේ අඩුවෙක් දැ”
එකෙනෙහිමැ ගොටු අභයානෝ තුන් සැත්තෑ සැමරුම් කථිකාව කලෝයැ.
“නැතැ… එව් වූ කලි වෙනකෙකි.. ගොටුඅභය තෙමේ බිනුම් කලද ඒ රික්තය පවතී” නුවරු වැලිත් චින්තාවේ නිමග්නවූහැ.
“ඒ අනෙකෙක් නොවැ අප පැලෝපීයේ මානික්‍ය රතනය ගේ බිනුම් රික්තය යි”
එකෙනෙයිම පැලෝපීයේ වහන්දෑ මාතොට පෙරදිග ගැන බිනුම් කලහ.
“නැතැ… ඒ නොවේ.. මේ වූකලි ශ්‍රී කොත් අන්තයේ කතිකා රික්තයයි”
ඉදින් එකෙනෙහි මැ ශ්රීකොත් විජය වඩන රුවන් තෙමේ විකුම්සිහ බසින් නොවැටහෙන්නක් බිනීයැ.
” ඒද නොව …. එසේනම් මේ පංචායුධ වංශ වීරයන්ගේ බිනුම් රික්තයයි”
ඒද පුස්සක් කොට පංචායුධ තෙමේ පෙර අපරදිග මා තොට වස්තුව මනා කථිකාවක් කලහැ.
“එසේනම් මේ අප දෙටු පිලිමල් චූලපෙම්දස් ගේ අඩුවකැ…’
අහෝ අරුමයක් යැ.. උන් ද හෙරලි පා අඹයැ.. දෙල් පා පැගිරියැ.. ආ දී කථිකාවක් කලහැ
ඉදින් ඒ ආර්යාතොමෝද මනාවැ ප්රදක්ශිනාවැ ගියායැ.
ජනතෙමේ වඩාත් කුකුසින් උන්ගේ මනෝරික්තය කිමෙක්දෝහෝයි විමසන්නට වනැ.
“අනෙකෙක් නොවැ මේ වූකලි අප සුවදේවීන්ගේ රික්තයයි.”
අහෝ ඈ ද ගිලන්වැ උට්ඨානව බිනීයැ.
රික්තය සොයා වෙහෙසව ජනතෙම තැන් තැන්හි ගිමන්ලන්නට වියැ..
….එකෙනෙහිමැ ජනතෙම රික්තය පසක්කොටැ නැගීසිටියහ.
“මේ අනෙකක් නොවැ අපහට යම් ධ්වනි රික්තයෙක් වීනම් ඒ හද ගැහෙනා ධ්වනියයි… සුසුම් හෙලනා ධ්හ්වනියයි.. බලව හද ගැහෙනා සුසුම් හෙලනා ධ්වනියෙක් ඒ රික්තය මැදින් කෙදිරිල්ලක් සේ ඇසේ … “
“කිමැ ඒ යකඩ මිනිසාගේ කෙදිරිල්ලදැ.. සොයව් සොයව්…. ඔහු සොයා මේ ධ්වනි රික්තය මකන්නමෝ” යි ජනතෙම සී සී කඩ ගොස් ඔක්සිකරනයට පෙර යකඩ මිනිසා සොයන්නට වියැ
හුදී ජන පහන් සංවේගය උදෙසා කල ධ්වනි රික්ත වස්තුව මෙතෙකින් නිමියේය.