Opinion

නන්දා මාලිනීගේ සින්දු තුළ පවා ඔවුන්ට මාක්ස්ගේ කටහඬ ඇසෙනු ඇත.

Summary

පේල් වීම ගැන මාක්ස් ඔවුන්ට කියා දුන්නේය. දැන් ඔවුන්ගේ උත්තරීතර පරමාදර්ශයය එයය. ඒ අනුව ගෝටා පේල් කතාවත් පේල් කරගැනීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වූ අතර නන්දා මාලිනියගේ සින්දු තුළ පවා ඔවුන්ට මාක්ස්ගේ කටහඬ ඇසෙනු ඇත.

  • Save

පේල් කතාව, පේල් වීම, සිදුවිය යුතුව තිබුණු දෙයකි. එයට හේතුව පේල් කතාව, පේල් අය ගැන කීමට වඩා, තමන්ගේ පේල් කම වසාගැනීමට, හදාගත් කතාවක් වීම ම ය. දැන් විය යුතු පරිදි ම පේල් කතාව ද පේල් වී තිබේ.

පේල් කතාව දුරදිග ගියේය. පේල් කතාවේ මුල් සාර්ථකත්වයෙන් එය හැදූ අය ඉමහත් සතුටක් ලැබූහ. ඒ නිසා වෙනත් කතාවක් හදාගන්නට ඔවුහු උත්සාහ නොකළහ. නොඑසේනම් වෙන කතාවක් හදාගැනීම සම්බන්ධයෙන් ඔවුන් පේල් විය. ඒ නිසා දිගටම පේල් කතාව නමැති පිහියෙන් ම කොටමින් සිටියහ. ඒ නිසාම එය දැන් මොට්ට වී ඇත. ඉන් කෙටුවත්කැපෙන්නේ නැත. මුවහත සිඳී ඇත. පේල් කතාව, පේල් වී ඇත.

එය සිදුවිය යුතුව ම තිබුණු දෙයකි. එයට හේතුව මුලින් ද කිවූ පරිදි ඒ කතාවේ උත්පත්තියයි. උත්පත්තියට ජාතකය කියනු ලැබේ. පේල් කතාවේ ජාතකය වන්නේ අනුන්ගේ පේල් කමක් නොව තමන්ගේ පේල් කම ගැන පැවති හැඟීමය. පේල් කතාව වනාහී තමන් පේල් වූ කට්ටියක් විසින් අනුන් පේල් යැයි කීමට පටන් ගැනීම ය.

පේල් කතාවේ මුල ඇත්තේ පේල් වීම ඔවුන්ට සතුටක් වීම ය. ගෝටා සමග ඔවුන්ගේ තරහක් නැත. ඒ වෙනුවට ඔවුහු ගෝටාට තමන්ට තරම් ම ආදරය කරති. ගෝටා පේල් කීවේ ඒ නිසා ය. ගෝටා ද තමන්ගේ ගොඩට දාගැනීමට ඇති වූ ආසාව නිසාය. ඔවුන්ගේ පැත්තෙන් ඒ ආසාව සම්පූර්ණ විය. තමන් මෙන් ම ගෝටා ද පේල් යැයි සිතමින් ඔවුහු දිවා රැයේ පස්වනක් ප්‍රීතියෙන් සිනාසෙමින් සිටියහ.

එහෙත් ඔවුන්ට ඕනෑ වුණාට මිනිස්සුන්ට පේල් වීම ඕනෑ නැත. ඒ නිසා මේ ‘පේල් පේල්’ කතාව දිගටම කියන අය ගැන අකමැත්තක් මිනිසුන් තුළ ඉබේ ම පහළ විය. මේ මිනිසුන් යන්නට සියේට තුන ද අයත් ය. දිගටම පේල් පේල් කියන තමන් ගැන ද අප්‍රසාදයක් ඔවුන් තුළ ම පහළ විය. පේල් පේල් හැර වෙන කතාවක් කියන්නට තමන් නොදැනීම ගැන ද අප්‍රසාදයක් පහළ විය. ඒ නිසා ගෝටා ගැන අප්‍රසාදයක් පවතිනවා නම් එයට වඩා අප්‍රසාදයක් පේල් කතාව ගැන ඇති විය. පේල් කතාව පේල් වූයේ එසේය.

ගෝටාට ගැසූ පේල් කතාවෙන් අන්තිමට ගෝටා ම පාස් වූයේ ඒ නිසා ය. එයට හේතුව ම පේල් කතාවේ ඇති උපන් ගෙයි දෝසයයි. මුලින් කී පරිදි ජාතකයයි. එනම් තමන් පේල් කියන හැඟීමයි. ඊටත් වඩා ඉන් එනම් පේල් වීමෙන් මිදිටම ඇති අකැමැත්තයි. පේල්වීම ම ඔවුන්ගේ එකම ජයග්‍රහණය වීමයි.

ඇත්තටම ‘සමත්” කතාවන්ට වඩා පේල් කතා ම ඔවුන්ට ඇති එකම සතුටයි. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. එසේ කීවේ මිල්ටන් මල්ලවආරච්චිය. එහෙත් මිල්ටන්ට නොව ඔවුන්ට ඇති එකම සතුට පේල් වීම ගැන සිහිකර කර කර දිගටම පේල් වීමම ය. ඔවුන්ට අනුව ධනවාදය පේල්ය. ජාතිකවාදය පේල් ය. ජාතික රාජ්‍යය අසමත්ය. පේල්ය. සංස්කෘතිය පේල් ය. සිනමාව පේල් ය. නවකතාව පේල් ය. දේශපාලනය පේල් ය. පාර්ලිමේන්තුව පේල් ය. දියවන්නාව පේල්ය. පොහොට්ටුව පේල් ය. සිරිසේන පේල් ය. හමුදාව පේල් ය. රනිල් පේල් ය. හැම දෙයක් ම පේල් ය. ගෝටා ද පේල් ය. හැකි තරම් හැකි සෑම විට ම පේල් පේල් පේල් යැයි ලිවීම ඔවුන්ට ඇති එකම සතුටයි. එපමණක් නොව ඔවුන් දන්නා එකම දෙය ද එයයි.

සමත් වීම හෝ පාස් වීම හෝ පේල් නොවීම ඔවුන්ගේ ජීවිතයේ ඇති අප්‍රියම දෙයයි. හැම දෙයක් ම පේල් පේල් කිය කියා කරන ඔවුන්ගේ විග්‍රහය තුළට තමන් ද ඇතුළත් වීම පුදුමයක් නොවේ. හැම දෙයක් ම කිව්වොත් එයට තමන් ද ඇතුළත් විය යුතුය. ඒ අනුව පේල් වීම පිළිබඳ ඔවුන්ගේ විග්‍රහය සාර්ථක වීමට නම් තමන් ද පේල් විය යුතුය. ඒ අනුව පේල් කතාව ඔ්නෑවට වඩා පට්ට ගසන්නට ගොස් ඔවුන් පේල් කතාව ද පේල් කළහ.

ගෝටා ද පේල් ය. පේල් කතාව ද පේල් ය. හැම දෙයක් ම පේල් ය. ගෝටා පේල් වීමෙන් පමණක් හැම දෙයක් ම පේල් යන ඔවුන්ගේ අදහස සම්පූර්ණ නොවේ. ඒ සදහා ගෝටා පමණක් පේල් වීම ප්‍රමාණවත් නොවේ. පේල් කතාව ද පේල් විය යුතුය. පැණිය ද පේල් විය යුතුය.

කෙසේවුවත් ඔවුන් පීසීආර් හෝ එන්නත පේල් කියන්නේ නැත. එසේ නොකියන්නේ එසේ කිව්වොත් පැණිය පේල් කිරීමට නොහැකි වන බැවිනි. පැණිය පේල් කිරීමට අවශ්‍ය නිසා ඔවුහු එන්නත පාස් කරති. පැණිය නොතිබුණා නම් ඔවුහු එන්නත ද පේල් කරනු ඇත.

හැම දෙයක් ම පේල් විය යුතුය. තමන්ගේ කිසි ම වරදක් අඩුපාඩුවක් නැති බව ඔවුන්ට ඒත්තු යන්නේ එවිට පමණි. තමන්ගේ පේල් වීම තමන්ගේ ප්‍රශ්නයක් නොව විශ්ව ව්‍යාපී ධර්මයක් බව වටහාගෙන තමන්ගේ පේල් වීම ම පස්වනක් ප්‍රීතියෙන් සිනාවීමට කරුණක් බවට පත්කරගත හැක්කේ එවිටය.

පේල් වීම වනාහී ඔවුන්ට පාස් වීමයි. පේල් වීම වනාහී ඔවුන්ට සමත් වීමයි. පේල් වීම වනාහී ඔවුන්ගේ වාදයයි. පේල් වීම වනාහී ඔවුන්ගේ දැනුමයි. පේල්වීම වනාහී ඔවුන්ගේ සතුටයි.  ඉතා සුළුවෙන් හෝ සමත් වීමට වඩා මහා පරිමාණයෙන් පේල් වීම ඔවුන්ගේ ජයග්‍රහණයයි.

එලෙසම ඔවුන්ගේ ද ජීවිතයේ ද ඇති එකම සද කිරණ දිගින් දිගටම පේල් වීමය.

පේල් වීම ගැන මාක්ස් ඔවුන්ට කියා දුන්නේය. සමස්ත ලෝකයම ම පේල් නිසා තමන් ද පේල් වීම අද සියේට තුනට ඇති එකම දර්ශනයයි. සුනිල් ආරියරත්නයන් ඔබයි රම්‍ය සද කිරණ ඝන අන්ධකාරේ, ඔබයි සෞම්‍ය හිරු එළිය ගිම්හාන කාලේ, දැන් මාගේ ඒකායන පරමාර්ථය ඔබය ආදී වශයෙන් ගීතයක් ලිව්වේය. ඒ අනුව ගෝටා පේල් කතාවත්, පේල් කරගැනීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වූ අතර නන්දා මාලිනියගේ සින්දු තුළ පවා ඔවුන්ට මාක්ස්ගේ කටහඬ ඇසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap