නව්‍ය විකුම්සිහ වස්තුව
Summary
ඉදින් සක්දෙව් තෙමේ පාණ්ඩුකම්භල ශෛලශනයේ පශ්චාද් භාගය තබා නොතබා සතරැස ශ්‍රී කොත් දෙස දිවැස් යොමූ සේක්.

දෙදෙව්ලොවට අධිපති මහා ශක්‍ර දේවෙන්ද්රතෙමේ පාණ්ඩුකම්භල ශෛලශනයෙන් නැගීසිටියහ. වහ වහා පශ්චාද් පෙදෙස පිරික්සා අත්ලෙන් පිසදා බැලීයැ. වහා අත්ල මුවට ගෙන ෂූ ෂූ හඩින් පිඹ අත්ල වහා සොලවන්නට වියැ. උන් වහන්සේ පාණ්ඩුකම්භල ශෛලශනයෙන් ඉවත්වැ වෙනත් චූලාසනයක අසුන් ගන්නට සැරසින. ශක්රදේවේන්ද්රයාණන් ගේ මේ විපරීත ක්‍රියාව දුටු කප් රුක් අන්තයේ සිට බලාසිටි සුකම්පතී සහ වෛමා වහා උන්වහන්සේ දෙසට දිව ආවෝය.
“ස්වාමීනී ඔබ වහන්සේ කුමක් කරණයෙන් චූලාසනාරූඩ වීද?. මේ වූ කලි විරූඩ විරූපාක්ශ වූ සතරවරම් දෙවි වරුන් ගේ අසුනකි” සුජම්පතී තොමෝ විමතියෙන් විමසුවාය.
“සොදුර… මා පාණ්ඩුකම්භල ශෛලශනයෙන් ආ උෂ්ණ තරංගයෙන් කම්පිතයැ… ඉදින් මා දුටු අස්නක අසුන්ගත්මි. ” ශක්රදේවේන්ද්රයාණන් සුජම්පතී අමතා කිය.
“සක් රජුණි. නුඹ වහන්සේ මහාසුනින් මිදී චූලාසනාරූඩ වීනම් ඒ උෂ්ණ තරංගය සතරැස් නුවරින්ම විය යුතුයැ… ” සුජම්පතී දේවී සක්දෙව් පශ්චද්භාගය පිරික්සා පැවසුවාය.
“සොදුර . .. සැබව… ඒ වූ කලි සතරැස ශ්‍රී කොත් හි විකුම්සිහයාණන් ගේ අසුන වෙනුයෙන් ආ උනුසුම් තරංගයයි. ඉදින් කෙසේනම් නුඹ ඒ පසක් කරලූයේද” සක්දෙව් රද විමසීය.
“ස්වාමීණී… අසුනක් කරණයෙන් උනුසුම් වන්නේනම් ඒ සතරැස් නුවරින්ම විය යුතුයැ.” සුජම්පතී තොමෝ මන්දහාසයෙන් පැවසීයැ.
සක්දෙව් රද වහා පාණ්ඩුකම්භල ශෛලශනය වෙත වැඩම වහා සතරැස් නුවර වෙත දිවැස්හෙලීයැ.
සතරැස් නුවර වූ මහත් අග්නිය දිවැසට ගැටින. රාජසභා අස්නයැ… ශ්‍රී කොත් අස්නයැ.. රාජසභා අස්නයැ… ශ්‍රී කොත් අස්නයැ..ලෙස ඔබ මොබ ශීර්ෂ චලණය කරන්නාවූ විකුම්සිහයානන් සක්දෙව් ඇස ගැටිනැ.
ඉදින් සක්දෙව් තෙමේ පාණ්ඩුකම්භල ශෛලශනයේ පශ්චාද් භාගය තබා නොතබා සතරැස ශ්‍රී කොත් දෙස දිවැස් යොමූ සේක්.
අදෝමැයි…. ශ්‍රී කොත් හි මහා අසුන්හි.. නව්යයෙකු අසුන් ගත් හැ. සක්දෙව් ඒ දෙස විමතියෙන් බලා නව්යයා කවර්හුදැ යි පසක් කර ගත් හැ. ඒ අන් කවරෙකුත් නොවැ නව්‍ය විකුම්සිහයානෝ යැ. ශ්‍රී කොත් හු විකුම් සිහයා පලවා නව්‍ය විකුම්සිහ ආසනාරූඩ කලහ. පාණ්ඩුකම්භල ශෛලශනයෙන් නිකුත්වූ අග්නියද නිමැවියැ. ඉදින් රාජසභා අසුන් ගැටලුවද නිමි බව දැන සක් දෙව් රද පාසුවෙවෙන් පාණ්ඩුකම්භල ශෛලශනාරූඩ වූ සේක්.
හුදී ජන පහන් සංවේගය උදෙසා කල නව්‍ය විකුම්සිහ වස්තුව මෙතෙකින් නිමියේ.