කිං බානට් කොලම

නවීන චීන කොළණිය

Summary

“… අවසර හාංදුරුවනේ…, එතකොට යහපාලන ආණ්ඩුව කාලේ ගෙඩිය පිටින් හම්බන්තොට වරාය චීනෙට විකුණන කොට ඔබ වහන්සේ අපවත් වෙලාද හිටියේ….? “

  • Save

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා .
කිංබානට්තුමාත් ගියා මොනවද කියන්නේ බලන්න .
ඔන්න උන් වහන්සේ දෙසන්න පටන් ගත්තා.
” නවීන චීන කොළණිය. ..
වරාය නගරය නිර්මානය වෙලා තියන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යෑම සදහා ඉදිරිපත්වී තිබෙන යෝජනා වලියක් අපි දැක්කා. ..
ඉතාමත් පැහැදිලියි මේ රට තුල වෙනත් රටක ප්‍රාන්තයක් බිහිවෙන්නට යන බව….
චීන කොලණිය….
නව චීන යටත් විජිත කොළණිය බිහිවෙන්නට නියමිතයි මේ වරාය නගරය වැඩපිළිවෙල යටතේ….
නව චීන කොළණිය වශයෙන් හදුන්වාදීමට නියමිතව තිබෙන මේ වරාය නගරය බිම් කඩ අක්කර 1115 ක මහා බිම් කඩ රටේ පාලන බලයට යටත් නැහැ….
ඒ සදහා නියෝජිතයන් නැහැ….
ඒ බිම් කඩට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නියෝජනයක් නැහැ…
පාලනයක් නැහැ….
තීන්දු තීරණ ගන්නේ එතනින් ඒ නිසා අපි අහනවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායක සභාවේ වාඩිවෙලා ඉන්න නියෝජිතයෝ මේකේ බරපතල තත්වය දන්නවද….
එසේ දන්නවනම් අපේ රටේ කොටසක් වෙනත් විදියට වෙනත් රටක කොළණියක් බවට පත්කිරීමේ ශාපයට ඔබ සම්බන්ද වෙනවාද නැද්ද යන්න කියන වග….”
ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ත්‍රිපිටකේටත් වඩා හොඳට විස්තර කරනවා.
ඒකට සහභාගි වෙච්ච මාධ්‍යවේදීන් කියන නපුංසක රෑන කටවල් පුකවල් ඇරගෙන බලන් ඉන්නවා.
බලන් ඉන්න බැරිම තැන කිංබානට්තුමා ප්‍රශ්නයක් අත ඇරියා.
“… අවසර හාංදුරුවනේ…, එතකොට යහපාලන ආණ්ඩුව කාලේ ගෙඩිය පිටින් හම්බන්තොට වරාය චීනෙට විකුණන කොට ඔබ වහන්සේ අපවත් වෙලාද හිටියේ….? “
ඕමල්පේ හාමුදුරුවෝ සිවුරත් උස්සා ගෙන ආවාස ගේ පැත්තට මාරු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap