COLUMN

නිරා-මැජික්

Summary

සම්මුතියේ භාවිතය දන්න කෙනාට ඔය කෝකත් එකයි. “එකක් සුපිරියි, අනිත් එක එහෙම නෑ” කියලා එහෙම අය හිතන්නේ නෑ. අවශ්‍යතාව අනුව තමයි උපකරණ ඕනවෙන්නේ. අවශ්‍යතාව වෙනුවෙන් ඒවා පාවිච්චිකරනවා. හැබැයි ඒවා අදහන්නේ නෑ.

නිරාගමිකයෝ නමින් පෙනී ඉන්න අපේ සමහර අය වන්දනා කරන දේවල් තියෙනවා. අකුණු සන්නායකයක් කියන්නෙත් එහෙම එකක්.
අකුණු සන්නායකයක් කියන්නේ ඉතාමත් සරල නිර්මාණයක්. කුඩයක් කියන්නේ ඊට වඩා සංකීර්ණ, ඒ වගේ ම සියුම් නිර්මාණයක්.
මේ දෙක ම මිනිස්සු පාවිච්චි කරන උපකරණ. වැස්සෙන් ආරක්ෂාවෙන්න කුඩයක් ඕන. අකුණුවලින් ආරක්ෂාවෙන්න අකුණු සන්නායකයක් ඕන.
මෙහෙම උපකරණ හදාගත්ත එකේ අමුතු විද්‍යාවක් නෑ. මේවාට අදාළ ශාස්ත්‍ර තියෙනවා. ඒවා නිෂ්පාදනය කරන්න යොදාගන්න ශිල්ප තියෙනවා. එච්චරයි.
විද්‍යාව උපදින්නේ මේ සසර ගමනින් අත්මිදෙද්දි. ඒක මුට්ටියක් හදනවා, කුඩයක් හදනවා, අකුණු සන්නායකයක් හදනවා වගේ වැඩක් නෙවෙයි.
ඉහළට ම ප්‍රඥාව වර්ධනය කරගත්තොත් තමයි විද්‍යාව උපද්දවාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් ඉවරයක් නැතුව ගෙවල් හද හදා, මුට්ටි හද හදා, කුඩ හද හදා, අකුණු සන්නායක හද හදා සංසාරේ දුක් විඳින්න පුළුවන්.
අපේ සුපිරි නිරාගමික විජ්ජාඥයෝ හිතන්නේ මෙහෙම නෙවෙයි. මුට්ටියක්, කුඩයක් දැක්කාම මතක්වෙන්නේ නැති විජ්ජාවක් අකුණු සන්නායකයක් දැක්කාම ඒ අයට මතක්වෙනවා.
සම්මුතියේ භාවිතය දන්න කෙනාට ඔය කෝකත් එකයි. “එකක් සුපිරියි, අනිත් එක එහෙම නෑ” කියලා එහෙම අය හිතන්නේ නෑ. අවශ්‍යතාව අනුව තමයි උපකරණ ඕනවෙන්නේ. අවශ්‍යතාව වෙනුවෙන් ඒවා පාවිච්චිකරනවා. හැබැයි ඒවා අදහන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *