COLUMN

නේ ද ?

Summary

සැවැත්නුවර ඉතාම ප්‍රසන්න පෙනුමැති රහතන් වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ළඟ හිටියා සංඝරක්ඛිත කියලා කීකරු ගෝලයන් වහන්සේ නමක්. දවසක් මේ සංඝරක්ඛිත පොඩි හාමුදුරුවෝ පිංඩපාතේ වඩිමින් යනකොට උන්වහන්සේට වටිනා සිවුරක් පිරිකර වශයෙන් ලැබුණා. මේක ලැබුණු ගමන්ම උන්වහන්සේට මතක් වුණේ තම ගුරු ස්වාමින් වහන්සේව. පින්ඩපාතේ ඉවර වෙලා පන්සලට වැඩම කරපු සංඝරක්ඛිත පොඩි හාමුදුරුවෝ අර වටිනා සිවුර ගුරු ස්වාමීන් වහන්සේට පූජා කරා. ඒත් නික්ලේෂි ගුරු ස්වාමීන් වහන්සේ ඒ වටින සිවුර බාරගත්තේ නෑ…තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ ‍රහතන් වහන්සේ නමක් කියලා සංඝරක්ඛිත පොඩිනම දැනගෙන හිටියේ නැති නිසා සංඝරක්ඛිත පොඩි හාමුදුරුවන්ට සෑහෙන දුක හිතුණා… ගුරු ස්වාමින් වහන්සේට පවන් සලන ගමන් සංඝරක්ඛිත පොඩි හාමුදුරුවෝ කල්පනා කරන්න පටන් ගත්තා.

“ මං ගෙදර යනවා.
ඔව්…. ගෙදර යන එක තමයි මට කරන්න තියෙන්නෙ.
එහෙත් ගිය ගමන් මිල මුදල් හම්බ කරන එක ලෙහෙසි නැහැ.
ඒ වුනාට මට හොඳට අතේ පයේ හයිය තියෙනවා. මම කම්මැලි නෑ.
මට හොඳට වෙහෙස මහන්සි වෙන්න පුළුවන්. පහසුම ක්‍රමය කිරි එළදෙනක් ගන්න එකයි.
අනික දැන් ඉන්න කිරිඑළදෙන්නු ඉක්මනින් වදනවා නෙව…
එතකොට පැටවුත් ලැබෙනවා.
එහෙත් එළදෙන ගන්න සල්ලි කෝ….? ගෙදරට එකපාර
කියන්නත් බෑ.
හොඳම ක්‍රමය මේ පිරිකර විකුණගන්න එකයි…එතකොට එළදෙන ගන්න පුළුවන්.
පැටියා වැදුවාම හැමදාම කිරි ලැබෙනවා. මම එතකොට ඒ කිරි විකුණනවා.
වැඩි කලක් යන්නෙ නෑ..සෑහෙන ගාණක් එකතු කරගන්න පුළුවන්.
වීරියවන්ත කෙනෙකුට කවුරුත් කැමතියි. මං හොඳ තැනකින් ලස්සන ගෑණු ළමයෙක් කසාද බඳිනවා.
පුංචි පැලක් හදාගෙන, පොඩි ගොවිපලක් හදාගෙන, කුඹුරු කෑල්ලක් කරගෙන, මගේම කියල නිදහස් ලෝකයක් මං ගොඩනගා ගන්නවා.
මං කැමති පුතෙක් හදන්න… චූටි පුතාට මං ලස්සන නමක් දානවා…ලස්සන ධර්ම චක්‍රයකුත් බෙල්ලෙ එල්ලනවා.
එතකොට මගේ පොඩි පුතාවත්, බිරිඳවත් ලස්සනට සරසා ගෙන මෙයට වඩා හොඳ පිරිකරකුත් අරගෙන ගුරුදේවයන් වහන්සේව බැහැදකින්න එනවා.
එතකොට උන්වහන්සේට මං ගැන ආදරය හිතෙයි.
හැබැයි මං එන ගමනෙදි අශ්ව කරත්තෙකින් ආවොත් තමයි ගොඩක්ම හොඳ.
හැබැයි ඔය අශ්ව කරත්තෙට නගිද්දි බැරිවෙලාවත් මගේ බිරිඳ අතින් ළමයා වැටුනොත් ආයෙ දෙකක් බලන්නෙ නෑ, එවෙලෙම උන්දැගෙ ඔළුවට අනිනවා” කියලා එකපාරටම අර පවන් සළමින් සිටිය වටාපතින් ගුරුදේවයන් වහන්සේගේ හිසට පහර දුන්නා.
ගුරුදේවයන් වහන්සේට හිනහා ගියා… පොඩිනම දිහා හිනහ වෙවී බැලූවා.

“අනේ…. අනේ…. සංඝරක්ඛිත… සෑහෙන දුර ගියා වගේ.. බිරින්දැ කියලා හිතලා මගේ ඔළුවට පත බෑවා නේ ද? ” කියලා ඇහුවා

🔺රටේ වගාව විනාශ වෙලා සාගතයක් ඇවිල්ලා, කොරෝනාවලින් රටේ බාගයක් මැරිලා, රටේ ගෑස් ටැංකි ඔක්කොම පුපුරලා, යුටියුබ් නරඹන්නෝ වැඩිවෙලා, බුකියේ දාන පෝල්වලින් දිනලා, මිනිස්සු එක පාරක් දීලා බලන නිසා 3% එකපාරටම 53% ක් වෙලා, අනුර 2024 ජනාධිපති වෙලා සට සට ගාලා රට හදන විදිය ගැන මේ දවස්වල හීන මවන ළාමක ජෙප්පොත් නිකං සංඝරක්ඛිත පොඩි හාමුදුරුවෝ වගේ නේ ද?

==============
සොනාල ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *