COLUMN

පනස් හතයි

Summary

ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවලා තියෙන්නේ 1965 මැයි 14 වැනි දා. ඒ කියන්නේ අද දවසේ ජවිපෙට අවුරුදු 57 ක් සම්පූර්ණ වෙනවා. මේ වෙද්දි ජවිපෙ සාමාජිකත්වය දරන අයගෙන් අතිමහත් බහුතරයක් අවුරුදු 57 ට අඩු අය වෙන්න ඕන.මේ පක්‍ෂය ආරම්භ කරපු වෙලාවේ විජේවීර මහත්තයා දරපු අදහස් දෙකක් ඉතාමත් නිවැරැදියි. එකක් තමයි පක්‍ෂයේ කටයුතු සඳහා ග්‍රාමීය තරුණයන් සම්බන්ධ කරගැනීමේ අදහස.

ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවලා තියෙන්නේ 1965 මැයි 14 වැනි දා. ඒ කියන්නේ අද දවසේ ජවිපෙට අවුරුදු 57 ක් සම්පූර්ණ වෙනවා. මේ වෙද්දි ජවිපෙ සාමාජිකත්වය දරන අයගෙන් අතිමහත් බහුතරයක් අවුරුදු 57 ට අඩු අය වෙන්න ඕන.මේ පක්‍ෂය ආරම්භ කරපු වෙලාවේ විජේවීර මහත්තයා දරපු අදහස් දෙකක් ඉතාමත් නිවැරැදියි. එකක් තමයි පක්‍ෂයේ කටයුතු සඳහා ග්‍රාමීය තරුණයන් සම්බන්ධ කරගැනීමේ අදහස.

දෙවැනි කාරණය තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් එතුමාට තිබුණු අදහස.ග්‍රාමීය තරුණයන්ගේ වැදගත්කම හඳුනාගත්තත් එතුමා තමන්ගේ වැඩි අවධානය යොමු කළේ ගම්වලින් විශ්වවිද්‍යාලවලට තේරෙන ශිෂ්‍යයන්ට. ඒක ඉතාමත් අනුවණ තීරණයක්. විශ්වවිද්‍යාලවලට යන බහුතරයකට ඕන සමාජයේ “ඉහළට” (ඇත්තෙන්ම මධ්‍යම පන්තියට) රිංගගන්න මිසක් විප්ලවයක් කරන්න නෙවෙයි. මධ්‍යම පන්තියට අයිති සෑහෙන පිරිසකුත් විශ්වවිද්‍යාලවලට යනවා. ඒ අය තවදුරටත් “තමන්ගේ පන්තිය” ආරක්‍ෂා කරගන්න මහන්සි වෙනවා. මෙහෙම පිරිසක් එක්ක විප්ලව කරන්න බෑ.විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විප්ලවය බොක්කට ම ගන්න පිරිසකුත් ඉන්නවා. ඒත් විශ්වවිද්‍යාල පරිසරයෙන් ලබන රෙපරමාදු ලිබරල් ආකර්ෂණයට වශීවෙන ඒ අය මහන්සිවෙන්නේ අපේ සමාජය “ශිෂ්ට” කරවන්න. වෙනත් රටවල්වල මිනිස්සු “ශිෂ්ටකිරීමේ” අභිප්‍රාය යටත්විජිත ස්වාමීන්ට තිබුණා. ඒ අය තමන්ගේ අරමුණ සාක්‍ෂාත් කරගන්න හැදුවේ ක්‍රිස්තියානි ආගම හඳුන්වලා දීමෙන්.ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස අංගසම්පූර්ණ විදිහට වර්ධනය කරගන්න විජේවීර මහත්තයාට බැරිවුණා.

ඉතින් 1977 එළියට ආවට පස්සේ හෙමින් හෙමින් ඒ අදහස අත ඇරලා දාන්න ඒ මහත්තයා ක්‍රියා කළා.එතුමාගෙන් පස්සේ ටික කාලයක් සෝමවංශ මහත්තයා පක්‍ෂයේ නායකත්වයට පත්වුණත් බහුතරය බවට පත්වෙමින් හිටියේ විශ්වවිද්‍යාල හරහා රෙපරමාදු ලිබරල් චින්තනය වැළැඳගත්ත ජෙනරේෂන් එක. ඉතින් ඉක්මනින් ම පක්‍ෂයේ බලය ඒ අයට නතුවුණා. දැන් ඒ අය විප්ලවය විදිහට හඳුනාගෙන ඉන්නේ බටහිර රෙපරමාදු රටවල්වල හදලා තියෙන පාලන ආයතන මේ රටේ පිහිටුවන එක.“ලිබරල්වාදයට රෙපරමාදු විශේෂණය යොදන්නේ ඇයි?” කියලා අහන අයගේ දැනගැනීමට ඒ ගැන වචනයක් කියන්නම්. (වැඩි විස්තර වෙනත් ලිපියකින් කියන්නම්). කතෝලික සංස්කෘතිය වයිකිං සංස්කෘතියක් එක්ක හැප්පීමෙන් තමයි රෙපරමාදු ක්‍රිස්තියානි සංස්කෘතිය බිහිවුණේ. ලිබරල්වාදය කියන්නේ ඒ විකාශයේ ඊ ළඟ අවස්ථාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *