COLUMN

පරසතුරෝ

Summary

කිසිම කෙනෙක් පුද්ගලිකව හතුරෙක් විදිහට සැළැකීමේ පුරුද්දක් මට නෑ. පුද්ගලික හතුරෝ හදාගත්ත එක මහ වදයක්. අපි සසර ගමනක යනවා. ඉතින් පුද්ගලික හතුරෝ හදාගෙන ඒ හතුරුකම් භවයෙන් භවයට ඇරගෙන යෑම මහ කරුමයක්.

කිසිම කෙනෙක් පුද්ගලිකව හතුරෙක් විදිහට සැළැකීමේ පුරුද්දක් මට නෑ. පුද්ගලික හතුරෝ හදාගත්ත එක මහ වදයක්. අපි සසර ගමනක යනවා. ඉතින් පුද්ගලික හතුරෝ හදාගෙන ඒ හතුරුකම් භවයෙන් භවයට ඇරගෙන යෑම මහ කරුමයක්.
මාත් එක්ක අමනාප අය ඇති. ඒ අමනාපකම්වලට මගේ වැරැදි හේතුවෙලා තියෙන්නත් පුළුවන්. එහෙම වැරැදි වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට නෑ.
හැබැයි මතවාදී දේශපාලනයක් කරන කෙනෙක් විදිහට හතුරු පාර්ශ්ව ගැන නම් මම වදවෙනවා. ජාතිකවාදී ස්ථාවරයක ඉන්න මම හතුරු පාර්ශ්ව විදිහට සළකන්නේ ලිබරල් සහ වහාබ් අන්තවාදීන්. මේ වෙද්දී අපේ රටේ පැවැත්මට ලොකු ම තර්ජනය එල්ලවෙලා තියෙන්නේ මේ පාර්ශ්ව දෙකෙන්. ඉතින් මම කරන කියන කටයුතු අතර ඒ පාර්ශ්ව දෙකට විරුද්ධ වැඩත් තියෙනවා.
කොහොම වුනත් මේ පාර්ශ්ව දෙකට සම්බන්ධ අයත් එක්ක පුද්ගලික අරියාදුවක් මට නෑ. මගේ යාළුවෝ අතරත් ලිබරල් අන්තවාදියෝ ඉන්නවා. මට අවුලක් තියෙන්නේ ඒ අය නියෝජනය කරන පාර්ශ්ව එක්ක.
ලියන කියන වෙලාවට නම සඳහන් කරලා මම විවේචනය කරන්නේ මේ හතුරු පාර්ශ්වයේ නායකයින් විතරයි. ඉතින් මම ලියන ලිපිවල රනිල් මහත්තයා, මංගල මහත්තයා, අනුර මහත්තයා, නිර්මාල් මහත්තයා, හරිනි නෝනා වගේ අය ගැන විවේචන තියෙනවා. ඒ ඇරුණාම මම කරන්නේ මතවාදී විවේචනයක්.
මේ තියෙන දේශපාලන ක්රමය ගැන පැහැදීමක් මට නෑ. දැන් පවතින මේ ක්රමය මුළුමනින්ම වෙනස්වෙන්න ඕන, වෙනස්කරන්න ඕන කියලා මම හිතනවා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක් ම මම කරනවා. හැබැයි රටේ, ජාතියේ සහ ශාසනයේ හතුරෝ යෝජනාකරන වෙනස බාරගන්න තරම් ඔළුවේ අමාරුවක් මට නෑ. අපිට ඕන අපේ ම සිස්ටම් එකක්.
ආචාර්ය වරුණ චන්ද්රකීර්ති
Leave a Reply

Your email address will not be published.