පලග වස්තුව
Summary
‘බලව බලව චූලොදරය ඒ හරිත වර්ණ මානික්යාසනය වටා යුධවදින්නාවූ මහෝදරයින් බොහෝයැ!’

සතරැස් නුවර කෙරේ සක්වල අවැධානය මහත් වූ යුගයෙක් උදාවියැ. ලිච්ඡවීන් උකටලීයැ. මන්ද යත් සතරැස් නුවර ලිච්ඡවී තන්ත්රය අකුරටම පිලිපැදි විකුම්සිහ තෙමේ රාජසභාවේ අසුන් නොගැනීම නිසාවෙනි. ශක්‍ර දේවේන්ද්රයානෝ සතරැස්නුවරට දිවැස්ලා සිටිති. මන්දයත් තොරක් නොමැතිව උනුවන පඩුපුල් අස්න පිලිබද උකටලීවැ සතරැස්නුවර මැතිමැත්තන් විසින් අත් හල අසුනක් තම පඩුපුලට හුවමාරු ලෙස ලබාගැන්මට සිත්ලා ඇතිබැවිනි.
නා ලොව චූලෝදර් මහෝදර නා රජුන් ද එසේමයැ. එකල කැලණි ගං තොටදී උන් අත් හල් මිනි පලග වෙනුවෙන් තවත් පලගක් නොවැ ද්විත්වයෙක්ම පහල වී ඇත්තාහ. ඉදින් උනුන් එකිනෙකා හා රුපුවැ අසුනක් අරැබ සටන් කිරීම පසෙක ලා මිනිපලගට ද වැඩි ව්ටිනා අසුන් දෙකක් ම ඇතියෙන් එය බෙදා ගැන්ම යහසිත් ඇතිවමැ කල හැකි බැවිනැ.
නමුදු චූලොදර මහෝදර නා රජුන් මහත් වූ භීතියෙන් මෙන් මැ කනස්සලුව බලා සිටිත්. කනස්සලුවට කරුණු නම් නාලොව දෙව්ලොව පමණෙක් නොවැ සතරැස් නුවර ද බෝ පිරිස් මේ මහාර්ග පලග රත්නයක් ලබාගනු වස් යුධ වදිති. එපමනෙක් නොවැ, පෙර චූලෝදර මහෝදර හටන පරයා යන බිසිසුනු යුධවැදීම් උන් ත්‍රාසයෙන් ඇලලී යාමට හේතු වියැ.
“බලව චූලෝදරය. එක් අසුණක වැඩසිට ඒ අස්න පූජණීය කිරීමට වෙර දරනා ශ්‍රමණ බ්‍රාහමණ කැල…. මට සිහිපත් වනුයේ අප යුධය අවසන් කරලනුවස් මිණි පලග පූජණීය කල අයුරුයි. ” මහෝදරයෝ පයන්න මනාව දක්වා පැවසූහැ.
“ඉදින් මහෝදරයිනි ඒ පලගින් කම්නැත… එකී ව්‍යායාමයට ඉඩදී අප අනෙක් අසුන අත්කරගන්න මෝ” යි චූලෝදර මහෝදර දෙපල මහත් බැතියෙන් සාධු නාදදී අනෙක් අස්ණට දිවැස් හෙලූහැ.
නාරජුන් දෙදෙන දුටු දසුන උන් තවත් ත්‍රාසයට පත් කෙරුණ.
“බලව බලව චූලොදරය ඒ හරිත වර්ණ මානික්යාසනය වටා යුධවදින්නාවූ මහෝදරයින් බොහෝයැ. මාගේ මහෝදරකමින් කම් නැත…. මුන්ගේ උදර හමුවේ මා කිනම් මහෝදරයෙක්ද? ඉදින් මින් මතු මාද චූලෝදරයෙමක්ම වෙමි” යි පවසා නා රජුන් දෙපල වහ වහා නා ලොවටම පසු බැස්සාහ..