Opinion

ප්‍රවෘත්ති හෙවත් රස කතා

Summary

මද්දුම බණ්ඩාරට පස්සේ නිර්භීතවම දිවි නහ ගන්න හැටි රටට පෙන්නුවේ කිංස්ලි තමයි.

“ඔයා සුපර් මෑන් vs බැට් මෑන් ෆිල්ම් එක බලලා තියෙනවද?” මිතුරා මගෙන් විමසීය.
“නෑ” මම පිළිවදන් දීමි.
“ආ. අවුලක් නෑ. මම බලලත් නෑ. ඒක සුපිරි වීරයෝ දෙන්නෙක් අතර සටනක් නේ. මම මේ කියන්න හැදුවෙ කෝවිඩ් 3 vs පාස්කු ප්‍රහාර ගැන. අරක මේ කතාවට කොහොමත් අදාල නෑ” මිතුරා සිනාසී කීය.
“එහෙනම් මොකටද ඇහුවේ?”
“නෑ ඉතිං එහෙමනෙ ලංකාවේ ප්‍රශ්න වලට ප්‍රවේශය ගන්නේ. ප්‍රශ්නෙ වෙන එකක් පෙන්නන උත්තරේ තව එකක්. කෝවිඩ් මරණ වැඩි වෙද්දි ඇදන් දහ දාහක් ලැස්ති කරන උතුම් ව්‍යාපාරෙට දෙන ප්‍රචාරය බලන්නකෝ” මිතුරා තවමත් සිනාසී ගත් වනමය.
“මොකක් ද ඒකේ වැරැද්ද? ඉස්සරත් කිව්වේ මැරෙණ වෙලාවට දිය පොදක් දෙන්න එකෙක් හිටිය නම් ඇති කියලනේ. නැතුව ඉතිං මැරෙන්න යන එකාට පණ දෙන්න එකෙක් හිටියනං කිව්වේ නෑනේ? දැන් ඉතිං මැරෙන වෙලාවට සැප ඇදක් දෙනවා සැපට මැරෙන්න” ජනශ්‍රැතිය පිළිබඳ මිතුරාගේ දැනුම මදය.
“අර වොෂින්ටන් සරසවියේ පුරෝකථනය අනුව නම් මෙහෙම ගියොත් තව මාස කීපයකින් ඉන්දියාවේ මරණ ලක්ෂ දහයක් වෙනවා. ලංකාවේ කෝවිඩ් මරණ ලක්ෂයක් වෙනවා. එතකොට මරණ වැඩි ඉන්දියාවෙද ලංකාවෙද?” මිතුරා බැරෑරැම්ය සිතා ඉතා පහසු ප්‍රශ්නයක් ඇසුවේය.
“ඉන්දියාවේ” මම නොපැකිළ පිලිතුරැ දුනිමි.
“ඉන්දියාවේ ජනගහනය කෝටි 136යි. ලංකාවේ ජනගහනය කෝටි 2යි. එතකොට වැඩේ බරපතලම වෙලා තියෙන්නේ ඉන්දියාවෙද? ලංකාවෙද?”
“ඉන්දියාවේ?” මම කීවෙමි. මිතුරා හිතන්නට ඇත්තේ මා ප්‍රතිශත ගණන් හදන්නට තරම් කරදර වේය කියාය.
“උඹටත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කමක් ලැබුනද අපිටත් හොරෙන්ම?” මිතුරා ජඩ සිනාවක් පාමින් ඇසුවේය.
“අනේ නෑ මචං. අපිට ඉතිං ජීවිත කාලෙම ඔය විදියටනෙ තොරතුරැ දිහා බලන්න ආණ්ඩු උගන්නල තියෙන්නෙ. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා අපි ඒ පාරෙම යනවා” මම ලැජ්ජාව වසා ගෙන කීමි.
“ඒක නම් ඇත්ත ලංකාවේ හැමෝම කතා කරන්නෙ තමන් වෙන කවරැ හරි කියලා හිතාගෙන. කිංස්ලි කතා කරන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන ඇමති වගේ. හමුදාපති කතා කරන්නෙ ජනාධිති වගේ”
මිතුරා ටී.වී. ප්‍රවෘත්ති නරඹන පැය ගණන අඩු කළා නම් මේ එක ප්‍රශ්නයක්වත් නැති බව මගේ අදහසයි.
“කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ උපදෙස් අරන් වැඩ කරන එක නම් සුලුවෙන් තකන්න බෑ” මිතුරා හක හක ගාමින් කිය.
“සිනොෆාම් එකට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දුන්නෙ ලංකාවේ ඉල්ලීමකට අනුව කියලා දැන ගත්තනම් අපහාසෙට නඩු දාන්නේ චීන්නු. ඒත් ඉතිං මිලියන් පනහක් හැටක් විතර සිනොෆාම් එන්නත විකුණ ගන්න පුළුවන් නම් චීනා ආයේ කොණ්ඩෙත් බදියි” ඒ වුණාට කොණ්ඩෙ බැදපු සිංහලුන්ට ඕවා කියාපන්’ කියා අලුත් කියමනක් දැන් තියෙන්නෙ චීනෙලු.
“මද්දුම බණ්ඩාරට පස්සේ නිර්භීතවම දිවි නහ ගන්න හැටි රටට පෙන්නුවේ කිංස්ලි තමයි. අවුරැදු තිහක් තිස්සෙ උපයා ගත් මෙව්වා එක තප්පර තිහෙන් නැති කර ගන්නා හැටි පෙන්නලා මතු පරම්පරාවට උපදේශයක්නෙ ඒ දුන්නෙ. හොද වෙලාවට රස්සාව බාර ගන්න කොටම එයා ලංකාවේ නිෂ්පාදනය කරපු ලැජ්ජා හැදෙන්නැති එන්නත ගහලා හිටියේ” මිතුරා එක් කළේය.
“මිනිහා දක්ෂයා මෙච්චර කල් වටේ හිටපු වන්දිබට්ටයෝ ජනාධිපතිව නෝන්ඩි කලේ දේශීයව විතරනේ. අදහස කාගේ වුනත් ජනාධිපතිව ජාත්‍යන්තරව ලැජ්ජාවට පත් කිරීමේ පළමු ගෞරවය පළමු සතියෙම දිනා ගන්න එයාට පුලුවන් වුණා. දවසක මංත්‍රී කිංස්ලි පාර්ලිමේන්තුවේ දී කට උල් කරකර ජාත්‍යන්තර බොරැ කියනවා මට මැවිලා පේනවා” මිතුරා දිග හැරියේය.
“ඔය පාරේ ගිහින් අර්ජුනත් විනාශ වුණු එකේ කිංස්ලි කවුද?” මම හූමිටි තැබීමි.
“තමන්ට රට බාර දෙනකොට ජනගහනය අඩු කරලා දෙන්න කියලා චීන්නු කිව්වා කියලා කතාවකුත් සමාජ මාධ්‍යයේ පැතිරෙනවා. ඒ අස්සෙ රනිල් වගේ පෙනුම තියෙන හාදයෙකුත් සමාජ මාධ්‍ය අස්සෙන් ඔලුව ඔබලා හොල්මන් කරන පාටකුත් තියෙනවා. අන්තිමට කෝවිඩ් මැඩලන්න ජනතාව එක්කහු කරපු ‘ඉටුකම අරමුදලේ’ කෝටි 175ට මොකද වුණේ කියලා ජෙප්පො අහනවා” ජනතාවට ඇති ප්‍රශ්න මම මිතුරාට සිහි කර දුනිමි.
“ඉටුකමට තවම යුතුකම ඉෂ්ටා කරලා නෑ කියන්නේ පුදුමයිනේ? අම්මපා මේ තුන්වෙනි රැල්ල කළ හදියක්. හැම තරා තිරමකම මිනිස්සුන්ගෙ ජීවිකාවට කෙලියනේ නැද්ද?” කවුරැත් තවම ඉටුකම අරමුදලේ මුදල් සොරකම් කර නොමැති වීම මිතුරාට ගැටඵවකි.
“බුද්ධි අංශ කිව් දේ 2019 අප්‍රේල් වල ඇහුවෙ නැති නිසා පාස්කු ප්‍රහාරයෙන් 242ක් මැරැණා. 2021 අප්‍රේල් වල සෞඛ්‍ය අංශයේ විශේෂඥයෝ කියපු දේ නාහපු හින්දා කෝවිඩ් මරණ දැන් ඒ ගාණ පන්නලා. මම හිතන්නේ මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ වෙන කොහේවත්. බුද්ධි අංශයට විශේෂඥ ඥාණය නෑ කියලයි සෞඛ්‍ය විශේෂඥයින්ට බුද්ධිය නෑ කියලයි ආණ්ඩුවලට හිතෙන්න ඇත්තේ. මොකද ඔය දෙකම තියෙන අය ඉන්නේ ආණ්ඩු වල විතරනේ”
“බ්‍රිතාන්‍ය ප්‍රභේදය ගැන සිංහල අවුරැද්දට ඉස්සෙල්ලා ලැබුණු ඔත්තුව අනුව ක්‍රියාත්මක නොවීම නිසා ඊළඟ මාස කීපයේදී කෝවිඩ් මරණ කීයක් වෙයිද? ඒ මහා පවා දීම විමර්ශනය කරන්නත් ඊළග ආණ්ඩුව ආවම මහා කොමිසමක් පත් කරයි නේද?”
“ඔව් ඔව්. ඒ කොමිසමත් ප්‍රශ්නෙ වටේ රවුන් ගහලා, මාස ගාණක් ප්‍රවෘත්ති වෙලාව නාස්ති කරලා, රස ආකරය සිනා සාගර මවලා, කෝවිඩ් නිපදවූ පුද්ගලයයි තුන්වෙනි රැල්ලේ මහ මොළකරැයි දැනටමත් අත්අඩංගුවට අර ගත්තා කියයි. කොහේවත් ඉන්න එවුන්ගේ ප්‍රජා අයිතීන් අහෝසි කරන්න කියලා නිර්දේශත් කරලා ස්වබාවිකව නිෂ්ප්‍රභා වෙලා යයි”
“ඒ මොන උලව්වක්ද?”
“ඒ කියන්නේ කොමිසම ස්වයං අක්‍රීය වෙයි. ඒකනෙ දැන් අලුත්ම කොමි සම යම. කොටින්ම කියන්නෙ කරපු පර්යේෂණය ගැනයි කරපු නිර්දේශ ගැනයි ලැජ්ජා හිතිලා කොමිසම් වාර්තාව සිය දිවි නසා ගන්නවා. එතකොට මැරැණු මිස්සුන්ගේ ගණනට කොමිසන් ගණනත් එකතු කරන්න ඕන”
“මොකක් නැතත් එක දෙයක් විශ්වාසයි. මේගොල්ලො තමයි හොදටම කරන්නෙ” හේ සිනාසී කීය.
“මොකක්ද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *