COLUMN

පාස්කු ඉරිදා ප්‍රහාරය : නටපු තොයිලෙකුත් නැත බෙරේ පලුවකුත් නැත…!

Summary

එකම දේ මේ පාර zoom එකේ “මහමොලකරැවන්” ගැන සදහනක් නැතිය. ඒක ගිය පාර zoom එකෙන් backfire උන නිසාද දන්නැත. ඒත් එක්කම ගියපාර “මහමොළකරු” theoryය පට්ට ගහපු සිරිල් ගාමිණී පියතුමාගේ කට වැහිලාය.

හාල්, පිටි, කිරිපිටි, එළවළු, තෙල්, ගෑස්, විදුලිය, ඩොලර්, අරවා, මේවා වලට ගිනිකන වැටිලා ඉන්න වෙලාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය නිකන් අමතකත් වෙලා යනවා.

පාස්කු කුමන්ත්‍රණය නමැති අලියාගේ නැට්ටේ එල්ලී zoom එකේ ස්වර්ගයට යන්න හදපු සිරිල් ගාමිණි පියතුමා ඇතුළු ගමරාළලා පාස්කු ප්‍රහාරය ගැන දන්න දේ කියන්න CIDයට එන්න කියපු ගමන් පලමුවෙන් ඇටිකෙහෙල් කෑ උගුඩුවන්සේ කොරවී, දෙවනුව වෙඩිකාපු ඌරන්සේ මරවී, අන්තිමේදී චොරවී CID ගොස් statements දී පල්ලම් බැස්සේය.

ඒ zoom එකෙන් පස්සේ පාස්කු ප්‍රහාරය ගැන මීක් නැතිව හිටිය “Global Forum for Justice for the Easter Sunday Victims” නඩය 08.01.2022 දා ආයිත් zoom එකෙන් වැඩ ඇල්ලුවෝය. ඇත්ත යමක් අවබෝධ කරගැනීමේ අරමුණින් අපිද උනන්දුවෙන් zoom එක නැරබුවත් එයද පරණ zoom එක මෙන්ම පට්ට නාඩගමකි.

එකම දේ මේ පාර zoom එකේ “මහමොලකරැවන්” ගැන සදහනක් නැතිය. ඒක ගිය පාර zoom එකෙන් backfire උන නිසාද දන්නැත. ඒත් එක්කම ගියපාර “මහමොළකරු” theoryය පට්ට ගහපු සිරිල් ගාමිණී පියතුමාගේ කට වැහිලාය.

මේ හැම එකාටම ඕනා වින්දිතයන්ට සාධරනයක් කිරීම වෙනුවෙන් මෛත්‍රීපාලව, නිලන්ත ජයවර්ධනව ඉස්සරහට දාගෙන බුද්ධි අංශ කුරුසේ ඇණ ගැසීමටය. අපිට ඕනා පාස්කු බෝම්බ පත්තුකරපු එකාලව, උන්ට උදවු කරපු එකාලව දැනගෙන, උන්ව කුරුසේ ඇණ ගැසීමටය. කාදිනල්ටවත්, සිරිල් ගාමිණීටවත්, පල්ලියටවත් ඒක ගැන කිසිම උනන්දුවක් නැත. පිටරට ඉදන් පාස්කු ප්‍රහාරය ගැන ලොරි ටෝක්ස් දෙන Stephen Mullerටත්, සමන් විජේසූරියටත්, කාට කාටත් ඕනා ඇත්ත කෙසේවෙතත් තම තමන්ගේ theoryයම සමාජ ගතකිරීමටය.

මෛත්‍රීපාලව අනිවාර්යයෙන් වගවීම සහ වගකීම වෙනුවෙන් ඇණ ගැසිය යුතුය. ආයෙත් කතා දෙකක් නැත. හැබැයි මෛත්‍රීපාලව ඇණ ගැසීමේ මුවාවෙන් පල්ලිය ඇතුළු මේ එක එකා බලාපොරොත්තු වෙන්නේ බුද්ධි අංශ විනාශ කිරීමටය. සලේගේ බෙල්ල මිරිකන්න හදන්නේ ඒකය. පාස්කු ප්‍රහාරය උන කාලේ, ඒ කියන්නේ මෛත්‍රීපාලලා ආණ්ඩු කරන කාලේ, ගෝඨාභය ඒ පාර්ලිමේන්තුවේවත්, විපක්ෂයේවත් සිටියේ නැත. සලේ බුද්ධි අංශයේ සිටියේද නැත. හැබැයි රනිල් ඒ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාව සිටියේය. මද්දුමබණ්ඩාර ඒ පාර්ලිමේන්තුවේ නීතිය හා සාමය බාරව සිටියේය. එහෙම බැලුවොත් මෛත්‍රීපාල හා සමානව හෝ ටිකක් අඩුවෙන් රනිල්ටද මද්දුමබණ්ඩාරටද වගවීම හිමිය. එතකොට ඒ කලේ හිටපු ආන්ඩුවේ මැති, ඇමතිවරුන්ටද අඩු, වැඩි වශයෙන් ඒ වගවීම හිමිය.

ඒත් “Global Forum for Justice for the Easter Sunday Victims”ටවත්, “Australia-Sri Lanka Forum for Justice for the Easter Sunday Victims”ටවත්, Stephen Mullerටවත්, සමන් විජේසූරියටවත්, කාදිනල්ටවත්, සිරිල් ගාමිණීටවත්, පල්ලියටවත්, කාට කාටවත් ඒ අය ගැන මීක් නැත. ඔක්කොටම ඕනා මේක කොහෙන් හරිකරකවලා බුද්ධි අංශ දීගේ යවන්නය.

2015 – 2019 කාල වකවානුව තුළ තිබුනේ පොලිස් රාජ්‍යයකි. ධනේශ්වර රනිල්ලා කොහොමත් හමුදාවට අකමැතිය. ඒ දවස්වල හමුදාව, බුද්ධි අංශ කදවුරට සීමා කරලාය. බුද්ධි අංශ බාගෙට බාගයක් හිර කූඩුවේය. ඒ අයට කුඩම්මාගේ සැලකිලිය. පරික්ෂණ, අත්අඩංගුවට ගැනීම් තියා තොරතුරැ හෙවීමත් ඒ අයට තහනම්ය.

ඒකාලේ වැඩ්ඩෝ පොලීසියය. කාදිනල් කියන ආකාරයට රවී සෙනෙවිරත්නලා, නාලක සිල්වලා, ශානී අබේසේකරලා expertලාය. ඉතින් ඔය කාලේ ඔය expertලාට සහරාන්ව විතරක් නෙමේ, සහරාන්ට උදවු දුන්න අයද, මුදල් දුන්න අයද කනෙන් ඇදන් එන්න හොදටම අවස්ථාව තිබිණි. එසේ නොකිරීමද සැකයකි.

නාලක සිල්වාගේ පැටිකිරිය මුලු පොලීසියම දන්නවාය. නොදන්නේ කාදිනල් ඇතුළු පල්ලියේ කට්ටියය. නාලක සිල්වා කතෝලිකය. නාලක සිල්වා රෝයල්ය. රනිලුත් රෝයල්ය. රනිල්ලාට, කාදිනල්ලාට නාලක සිල්වා වටින බවට වෙන සාක්ෂි අවශ්‍ය නැතිය. නාලක සිල්වාගේ අරමුණ SIS ලොක්කා වීමය. ඒත් මෛත්‍රීපාල නිලන්ත ජයවර්ධනව තෝරගෙන ඉවරය. කතාව තේරෙනවානේ….! නාලක සිල්වා හිටපු TID එකේ වගකීම සැකකරුවන් අල්ලන එකය. නැත්නම් “අපි සහරාන්ට warrant එකක් ගත්තා” කිය කිය මෝඩ චූන් දාන එක නොවේය. පොරට සහරාන් අත්අඩංගුවට ගන්න බැරිවුනේය. එකෙන්ම පොර failය. දැන් පල්ලිය අල්ලගෙන ගොඩ යාමට උත්සාහ කිරීම නිශ්පලය.

ශානි අබේසේකර පට්ට වැඩ්ඩෙක්ය. එතකොට 2015 ඉදන් සහරාන් ලංකාව වටේම ගිහින් කට්ටිය පුහුනු කලේය. වනාතවිල්ලුවේ සුපිරියට training camp එකක් පවත්වාගෙන ගියේය. මාවනැල්ලේ බුදු පිලිම කැඩුවේය. තස්ලිම්ගේ කටට වෙඩි තිබ්බේය. වවුනතිවු පොලිස් නිලධාරින්ට වෙඩි තිබ්බේය. තාලන්කුඩා බයිසිකලේ පිපුරුවෙය. ඔය ඔක්කොම investigate කලේ CID එකය. අර වවුනතිවු පොලිස් නිලධාරින්ට වෙඩි තිබ්බා කියපු LTTE මෑන්ගේ ගෙදරට ගිය sniffer dogsලා හමුදා බුද්ධි අංශෙද ? නෑ.. උන් පොලීසීයේය. Expert ශානීට ඔය එකම එක කේස් එකක්වත් විසදන්න බැරිවුනේය. ශනිගෙ expert වැඩ රංජන්ගේ හඩපටවල ඇත. ඉතින් එකෙන්ම ශානි failය. දැන් පල්ලිය අල්ලගෙන ගොඩ යාමට උත්සාහ කිරීම නිශ්පලය.

කියන විදියට සමන් විජේසුරිය මායෙවේදියෙකි. ඉන්නේ කැනඩාවේය. කනවා ඇත්තේ චීස්, බටර්ය. ඔහුගෙන් පාස්කු ප්‍රහාරය ගැන අසා වැඩක් නැත. සමන් විජේසුරිය “Solidarity Movement for Justice and Truth” නැමැති අටමගලයක් හදාගෙන 2021 ඔක්තෝම්බර් 16 දින zoom සාකච්ඡාවක් මෙහෙයවමින් පාස්කු ප්‍රහාරයේ “මහමොළකරු” පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාවේ ප්‍රධාන දේශකයා “රාජන් හූල්”ය. සාකච්ඡාව සම්පූර්ණයෙන්ම “රාජන් හූල්” විසින් ලියන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ “Sri Lanka’s Easter Tragedy: When the Deep State Gets Out of Its Depth” පොත සමාජ ගත කිරීමක් විය. රාජන් හූල් University Teachers for Human Rights (UTHR) එකේ ආරම්භක සාමාජිකයෙකි. රාජන් හූල්ගේ ඔය පොත publish කරන්නේ “රාවය” ප්‍රකාශනය. රාජන් හූල්ගේ සහෝදරයා රත්නජීවන් හූල්ය. ඉතින් සමන් විජේසුරියලාගේ line එක පැහැදිලිය. “Solidarity Movement for Justice and Truth” කියන්නේ බයිලාවක්‍ ය.

එතකොට ස්ටීවන් මුලර් කියන්නේ “Global Forum for Justice for the Easter Sunday Victims” එකේ කැදවුම්කරුලු. ඉන්නේ ඕස්ට්‍රෙලියාවේය. අනිවාර්යයෙන් කනවා ඇත්තේ චීස්, බටර්ය. ඔහුගෙන් පාස්කු ප්‍රහාරය ගැන අසා කිසිම වැඩක් නැත. ගියපාර zoom එකට “මහමොලකරු” slides හදලා දාලා සිරිල් ගාමිණි පියතුමාට ඇන්නේ මෙයාය. කාදිනල්ලා, සිරිල් ගාමිණී පියතුමන්ලා තාම මෙයගෙ ලනු කනවා වගේය.

“Australia-Sri Lanka Forum for Justice for the Easter Sunday Victims” කියලා අටමගලයක් නම් බුකියේ ඇත. ඒක පටන් ගන්නේ 2021 ඔක්තොබර් 12 ය. එතකොට ඔය කියන සංගමය පලමු zoom මීටිම තියෙන්නේ 2021 ඔක්තොබර් 16 ය. ඉතින් මේ අටමගලේ පටන්ගන්න අරමුණ තේරැම් ගන්න අමාරු නැත. “Global Forum for Justice for the Easter Sunday Victims” කියලා එකක් පේන්න නැත. Australia කිවුවොත් පොඩී වගේ නිසා Global කියනව වෙන්න පුලුවන.

මේ ඔක්කොමලා රිමෝට් එකෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න යන කට්ටියය. හරියටම නිකන් LTTE එක මෙහෙ ගහගන්න කාලෙදී Diaspora එක පිටරට ඉදන් නූල් ඇද්දා වාගෙය. පාස්කු බෝම්බ පිපිරිලා කෙලවුනේ ලංකාවේ අපිටය, zoom තිය තිය ගොන් පාට් දදා කරන් පරීක්ෂණ මගුලක්වත් හරියට කරන්න දෙන්නැත්තේ මේ වාගේ පිස්සු පොරවල්ය.

කාදිනල්ටත්, පල්ලියටත්, ඒ line එකේ ඉන්න කාට කාටත් ඕනා රනිල්ව බේරලා, නාලක සිල්වාව බේරලා, ශානිලාව බේරලා, සහරාන්ව අත්අඩංගුවට ගන්න responsibility එක තිබුන CID එක, පොලීසිය බේරලා, මෛත්‍රීපාලට, නිලන්ත ජයවර්ධනට මේක බැර කරන්නය. කමක් නෑ කියමුකො…! ඉතින් ඇයි බුද්ධි අංශ ? පාස්කු ප්‍රහාරය නිකන් පල්ලිය vs සහරාන් නෙමෙයි පල්ලිය vs බුද්ධි අංශ වගේ තමයි අපිට නම් පේන්නේ. හා නැද්ද ?

කාදිනල්ලා, සිරිල් ගාමිණීලා, පල්ලිය පාස්කු ප්‍රහාරයේ මුල, මැද, අග මාරුකරගෙන එක එක forum පස්සේ දුවන එකට අපට දුක නැත. අපිට දුක මේ රිමෝට් එකෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න ජෝකර්ලා සමග එකතුවී පල්ලිය පාස්කු වින්දිතයන්ට කරන අසාධාරණයටය.

අන්තිමේදී “zoom” එකේ කාදිනල් නටපු තොයිලෙකුත් නැත “රිමේට් එකෙන් කරපු පාස්කු පරීක්ෂණ” බෙරේ පලුවකුත් නැත…!

Leave a Reply

Your email address will not be published.