Opinion

පාස්කු කුමන්ත්‍රණ ඉස්මොල්ලේ යාම සහ කොට්ටෝරුවාගේ හොට පැටලීම

Summary

අනුන්ගෙන් තොරනේ විරුදු කීමට ගොස් ඇටිකෙහෙල් කෑ උගුඩුවාසේ කොරවූ සිරිල් ගාමිණී පියතුමා අන්තිමේදී අමාරුවෙන් තටමමින් CID එකට ගොස් ආවේය.

හුදී ජනතාව හැටියට අපිටත් ඕනා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලා දැනගන්න. සහරාන්ද ? ඉන්දියාවද ? ඇමෙරිකාවද ? බුද්ධි අංශද ? නැත්නම් පල්ලියමද ? ඉතින් පාස්කු ප්‍රහාරය සුරෙශ් සලේට සහ බුද්ධි අංශවලට බැර කරමින් සිරිල් ගාමිණී පියතුමා zoom එකේ දුන්න ටෝක්ස් එක අපිට වැදගත් නැද්ද ? වැදගත්….!

අනුන්ගෙන් තොරනේ විරුදු කීමට ගොස් ඇටිකෙහෙල් කෑ උගුඩුවාසේ කොරවූ සිරිල් ගාමිණී පියතුමා අන්තිමේදී අමාරුවෙන් තටමමින් CID එකට ගොස් ආවේය.

හුදී ජනතාව හැටියට අපිටත් ඕනා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලා දැනගන්න. සහරාන්ද ? ඉන්දියාවද ? ඇමෙරිකාවද ? බුද්ධි අංශද ? නැත්නම් පල්ලියමද ? ඉතින් පාස්කු ප්‍රහාරය සුරෙශ් සලේට සහ බුද්ධි අංශවලට බැර කරමින් සිරිල් ගාමිණී පියතුමා zoom එකේ දුන්න ටෝක්ස් එක අපිට වැදගත් නැද්ද ? වැදගත්….!

CID එක සිරිල් ගාමිණී පියතුමාට එන්න කිවුවෙ ඒ ගැන අහන්න නෙවෙයිද ? පාස්කු ඉරිදා කොමිසම් වාර්තාවෙත් නැති සිරිල් ගාමිණී පියතුමා කියන මේ අලුත් කුමන්ත්‍රණය ගැන හොයන එක වැරැදිද ? එතකොට ඒක අහන්න එන්න කියන එක වැරැදිද ? මේකෙ මහ මොලකරැ හොයන එක වැරැදිද ? පිස්සුනේ….!

අපි හිතුවෙ එන්න කියපු ගමන් පියතුමා CID එකට බලෙන්ම කඩාගෙන පැනලා, තියන evidance ඔක්කොම දීලා, CID එක කොර කරලා, මේක හොයපන් හොයපන් කියලා සුපිරි ගේමක් ඉල්ලලා, පාස්කු ප්‍රහාරය විසදීමේ රන් පදක්කම කීස්ගාලා ගනී කියලා. හැබැයි සිරිල් ගාමිණී පියතුමා කට්ටි පැන පැන, ගාට ගාට CID එකට ආපු හැටියට පේන්නේ වැල් බයිලා කීමට ගොස් හොට පැටලිලා වගේ කියලා. හා නැද්ද ?

එතකොට ඔය පියතුමාගේ සහයට ඩැනී ලෙස ආපු, පාස්කු ප්‍රහාරයේ මෙලෝ මගුලක් නොදන්න, අර “වින්දිතයා රිදවීම කොයිතරම් නින්දිතද” කියලා බෝඩ් උස්සගෙන ප්‍රහාරයේ යුක්‍තිය ඉල්ලපු කන්‍යා සොයුරියන් සහ පියතුමන්ලා කියන්නේ මේකෙ මහ මොලකරැ හොයන්න එපා කියලාද ? වින්දිතයන්ට යුක්‍තිය ඉටුකරන්න සිරිල් ගාමිණී පියතුමා දන්න දේ CIDට කියන්න එපා කියලද ? පාස්කු ප්‍රහාරය විසදීමේ රන් පදක්කම සිරිල් ගාමිණී පියතුමාට දෙන්න එපා කියලද ? පිස්සුනේ….!

අපිට පිටින් පේන හැටියට සිරිල් ගාමිණී පියතුමා ඇන ගත්තේය. හිතලුවක්වූ එතුමාගේ බුද්ධි අංශ වෛරය zoom එකෙන් ජාත්‍යන්තරකරනයට ගොස් කුමන්ත්‍රණ කතාව ඉස්මොල්ලේ ගියේය. අනුන්ගෙන් තොරනේ විරුදු කීමට ගියවිට ඔහොම වෙනවාය.

දැන් සිරිල් ගාමිණී පියතුමාට පාස්කු ප්‍රහාරයේ යුක්‍තියක් ඕනා නැත. දැන් එතුමාට ඕනා තමන්ගේ පස්ස බේරාගැනීමටය. ඒක තනියම කරගන්න බැරිය. ඉතින් මේ වලෙන් ගොඩ එන්න එතුමාට පල්ලිය ඕනාය. සිරිල් ගාමිණී පියතුමාට CID එකට එන්න කියපු එක, පල්ලියටම CID එකට එන්න කිවුවා ලෙස පෙන්නන්න යන්නේ ඒකය. “වින්දිතයා රිදවීම කොයිතරම් නින්දිතද” slogan එක හැදෙන්නේ එහෙමය. ඇයි සිරිල් ගාමිණී පියතුමාට පාස්කු ප්‍රහාරය දවසේ බෝම්බ කෑල්ලක්වත් වැදුනද එයා වින්දිතයෙක් වෙන්න ? බොරුවනේ…!

ප්‍රභාකරන් එයාගේ ඊලම් මතවාදය දෙමල ජනතාව පිට බලෙන් පටවා, ජාතිවාදය අවුස්සා, අහිංසක දෙමල ජනතාව අවුරුදු 30ක යුද්ධයක පටලවා, 2009 නන්දිකඩාල්වලදී එලොව ගියේය.

සහරාන් එයාගේ ඉස්ලාමීය රාජ්‍ය මතවාදය මුස්ලිම් ජනතාව වෙත පැටවීම සදහා ආගම්වාදය අවුස්සා, අහිංසක මුස්ලිම් ජනතාව අනාත කර, 2019 ශැන්ග්‍රිලා හෝටලයේදී එලොව ගියේය.

සිරිල් ගාමිණී පියතුමා දැන් හදන්නේ පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණ මතවාදය වපුරවා, තමන්ගේ ඇන ගැනීමෙන් ගොඩ යාමට , එයට පල්ලිය – කතෝලික සභාව පටලවා, ආගම්වාදය අවුස්සා, කතොලික ජනතාව අනාත කිරීමටය. ඉස්සෙල්ලා කියපු theories දෙකයි මේකයි අතර ලොකු වෙනසක් නැත.

සිරිල් ගාමිණී පියතුමාගේ දවල් හීනයට සප් එක දෙන්න ගොස් පල්ලියත් – කතෝලික සභාවත් නා ගත්තොත් පුදුම නොවිය යුතුය. පාස්කු බෝම්බ පත්තුකරපු එකාලා අමතක කරලා මායාව පස්සේ පන්නන රොහාන් පියතුමාලා, පැට්‍රික් පියතුමාලා හරි එවැනි අනිත් අයටත්, පාස්කු ප්‍රහාරයේ head or tail නොදන්න බයිසිකල් සංගමේ චින්තකලා වැනි අයටත් ඇත්ත එලිවුන දවසට පැස්බරා ඔලුව ගහගත්තාසේ ඉන්න වනු නොඅනුමානය.

ඇත්තටම සිරිල් ගාමිණී පියතුමාට තිබුනේ පලවෙනියෙන්ම අනුන්ගෙන් තොරනේ විරුදු නොකීමටය. දෙවෙනියට කිවුව දේ ගැන දන්න මගුලක් CID එකට කියන එකය. නැතුව කියපු දේ ඉස්මොල්ලේ යවාගෙන කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවා වගේ හොට පටලවා ගැනීම නොවේ. නැද්ද ……!

One thought on “පාස්කු කුමන්ත්‍රණ ඉස්මොල්ලේ යාම සහ කොට්ටෝරුවාගේ හොට පැටලීම
  1. The Catholic will not be satisfied until Maithripala Sirisena is convicted and the SBJ will keep shouting until President Gotabaya is identified as the Mahamolakaru.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *