COLUMN

පැත්ත මොකක්ද?

Summary

ලංකා ලිබ්බෝ කියන්නේ බබ්බු වගේ හැසිරෙන පිරිසක්. රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී අපේ ජාතිකවාදියෝ ගන්න පැත්ත ගැනත් මේ ලිබි බබ්බුන්ට ප්‍රශ්නයක් ඇතිවෙලා. “ජාතිකවාදියෝ කොහොම ද රුසියාව පැත්තට කතාකරන්නේ?” කියලා මේ බබ්බු අහනවා.

ලංකා ලිබ්බෝ කියන්නේ බබ්බු වගේ හැසිරෙන පිරිසක්. රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී අපේ ජාතිකවාදියෝ ගන්න පැත්ත ගැනත් මේ ලිබි බබ්බුන්ට ප්‍රශ්නයක් ඇතිවෙලා. “ජාතිකවාදියෝ කොහොම ද රුසියාව පැත්තට කතාකරන්නේ?” කියලා මේ බබ්බු අහනවා.
ලිබි බබ්බු මේ ප්‍රශ්නය අහන්නේ ජාතිකවාදීන්ගේ ප්‍රධාන හතුරා කවුද කියලා නොදැන නෙවෙයි. මේ ලිබි බබ්බු සෙට් එකත් නියෝජනය කරන්නේ ඒ හතුරාගේ පාර්ශ්වය. ජාතිකවාදී පාර්ශ්වය නියෝජනය කරන අපිට ඉන්න ලොකුම හතුරා ලිබරල්වාදී බල කඳවුර මිසක් වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ හතුරාට විරුද්ධව සටන්කරන පාර්ශ්වය වෙනුවෙන් අපි කතාකරනවා.
මේ ගැටුමේ දී ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල් කඳවුරට විරුද්ධව සටන්කරන්නේ රුසියාව. ඉතින් දහ පාරක් හිතන්න ඕනකමක් අපිට නෑ. අපි කතාකරන්නේ ලිබරල් ආධිපත්‍යයට විරුද්ධව සටන්කරන පැත්තට පක්‍ෂව තමයි. යුක්‍රේනයත් එක්ක අපේ අමනාපයක් නෑ. “යුක්‍රේනයට හානියක් නොවේවා!” කියලා අපි ප්‍රාර්ථනාකරනවා. ලිබරල් සේපපඩවිජ්ජාවට අහුවුණේ නැතිනම් යුක්‍රේනයට මේ ගැටුමට මුහුණදෙන්න වෙන්නෙත් නෑ.
එතකොට චීනය තායිවානයට පහරදුන්නොත්? තායිවානය කියන්නේ කොහොමත් චීනයේ කොටසක් (පළාතක්). ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල් කඳවුරේ හයියෙන් තවමත් ඒක චීනයෙන් ඈත්වෙලා ඉන්නවා. තායිවානය රටක් කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් පිළිගන්නේ නෑ.
1971 වෙන කල් ම තායිවානය තමයි චීනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කළේ. ඒක මහ විකාරයක්. මහ රටට සාමාජිකත්වය දෙන්නේ නැතුව ඒකට අයිති පළාතකට එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන්න දෙන්නේ කොහොම ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුරුදු 22 ක් තිස්සේ කරපු මේ වැරැද්ද 1971 ඔක්තෝබර් මාසයේ දී නිවැරැදි කරගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත්ත අංක 2758 දරන යෝජනාවෙන් මේ බව පැහැදිළිව ම කියලා තියෙනවා. ඒ මොහොතේ ඉඳලා චීනයේ තායිවාන පළාතට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය අහිමිවුණා. මහජන චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමිවුණා.
ඉතින් චීනය තමන්ගේ පළාතක් සම්බන්ධයෙන් ගන්න තීරණයක් ගැන අපි වදවෙන්නේ මොකට ද? ලිබරල් – ජාතිකවාදී ගැටුමේ අර්ථයෙන් ගත්තත් ඒක අපේ අදහස්වලට එකඟයි. එහෙම වෙනවා නම් ඒක ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල් කඳවුරේ පරාජයක්. ඒකට අපි උඩින් ම පක්‍ෂයි. ඒත් මේ වෙලාවේ චීනය ආයුධ බලයෙන් තායිවානය නැවතත් තමන්ගේ අණසකට පවරාගනියි කියලා මම හිතන්නේ නෑ.
එතකොට ඉන්දියාව ලංකාවට පහරදුන්නොත්? ඕක ඉතින් අහන්නත් දෙයක් ද? හතුරෙක් පහරදුන්නොත් අපි පෙනී ඉන්නේ අපේ රට වෙනුවෙන් තමයි. එහෙම ඉන්දියානු ආක්‍රමණයක් වුනොත් ඒක ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල් කඳවුරට විරුද්ධව කරන සටනකුත් නෙවෙයිනේ. ඉතින් ඒකට අපි විරුද්ධයි.

Leave a Reply

Your email address will not be published.