කිං බානට් කොලම

” පුෂ්පි මකරාණිය මාගේ ඇමැතිකම කෝ අද නෝනේ….? “

Summary

” සර් 97 වතාවක් පාස්කු ප්‍රහාරය ගැන දැනුම් දීලත් යහපාලන ආණ්ඩුවේ ඉල්ලා අස්වෙන්න එකෙක් හිටියේ නෑ…ඒ අතින් මේ ආණ්ඩුවේ එකෙක් හරි ඉන්නවා කියලා නේද සර් කල්පනා කරන්නේ …? ”

  • Save

කිංබානට්තුමා බර කල්පනාවක.
කිංබානට්තුමා කල්පනා කරන්නේ මොකක් ගැනද කියලා කිච පීරිස් කල්පනා කරනවා.
” සර් කල්පනා කරන්නේ වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙච්ච එක ගැන නේද? “
කිච පීරිස් ඇහුවා.
කිංබානට්තුමා ඒත් කල්පනාවේ.
” හරි සර් ඔය කල්පනා කරන්නේ පියුමිට යටිතල පහසුකම් සපයන්න ගිහිං තටු කපාගෙන ග්‍රාමාරක්ෂක ලෙවල් එකට වැටුණු ඇමැති ගැන නේද? “
ඒකටත් කිංබානට්තුමා උත්තර දුන්නේ නෑ.
” මට තේරුණා සර් කල්පනා කරන්නේ අර ඉල්ලා අස් වෙච්ච ඇමැති ගැන නේද? “
කිංබානට්තුමා ගෙන් ඒකටත් නෝ ප්‍රතිචාර.
“ සර් මෙහෙමයි …රූප සුන්දරියක් මාට්ටු වුණොත් කේස් ෆයිල්ම තමයි…සමහර විට ඔය බඩ්ඩ ඩෝප් මරගාතේ කියන්න ඇති මට එල්ලුම් ගහක් වුණාත් බස්සන්න පුළුවන් කියලා… ඇමැතිතුමා මේ කතාව ඇත්තද බලන්න යන්න ඇති … ඔය ගැන නේද සර් හිතුවේ …”
කිච පීරිස් දිගටම කියවනවා.
” සර් 97 වතාවක් පාස්කු ප්‍රහාරය ගැන දැනුම් දීලත් යහපාලන ආණ්ඩුවේ ඉල්ලා අස්වෙන්න එකෙක් හිටියේ නෑ…ඒ අතින් මේ ආණ්ඩුවේ එකෙක් හරි ඉන්නවා කියලා නේද සර් කල්පනා කරන්නේ …? “
ඒකටත් කිංබානට්තුමා බුම්මං හිටියා.
” මට තේරුනා සර්…හොඳ වෙලාවට මෙයාව ක්‍රීඩා ඇමැති නොකළේ… එහෙම වුණා නං එදා ග්‍රවුන්ඩ් එකට බැහැලා භානුකව දණ ගස්සලා, ධනංජයව පිට්ටනිය වටේ 100 පාරක් දුවවලා,ඕවර් හතරකුත් දාලා , අම්පයර්ලා දෙන්නාටත් ගහලා, තර්ඩ් අම්පයර්ගේ කටට පිස්තෝලේ තියලා, අර රූප සුන්දරීට කප් එකත් අරන් දෙයි කියලා නේද සර් හිතන්නේ …? “
කිංබානට්තුමා එක පාරටම පුටුවෙන් නැගිට්ටා.
” මං කල්පනා කළේ ඔය එකක් ගැනවත් නෙවෙයි බං….”
” එහෙනං මොකක් ගැනද සර් කල්පනා කළේ….? “
කිච පීරිස් ෆුල් අඥ්ඥකොරොස් වෙලා.
” මං කල්පනා කළේ මුළු රටේම වයින් ස්ටෝර් වහලා තියෙද්දි ඇමැතිතුමා අරක්කු ගත්තේ කොහෙන්ද කියලා ….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap