Opinion

පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශය / පූර්ව ආරක්ශාකාරී මූලධර්මය (Precautionary Approach / Precautionary Principle)

Summary

විය හැකි නරකම තත්වයට මුහුන දීමට ගන්නා පෙර සූදනම නිසා නරකම තත්වය උදා වුවහොත් මෙන්ම ඊට අඩු හානිකර තත්වයන්ට වුවත් සාර්ථකව මුහුන දීමේ ශක්තිය ලබා දෙයි.

අපගේ එදිනෙදා ජීවිතයට මෙන්ම පරිසර සංරක්ශනයේ සිට රාජ්‍යයක පැවැත්ම තෙක් ඉතා වැදගත් මූල ධර්මයක් වන්නේ පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශයයි. “තමන් නොදන්නා දේ තමන්ට හානි කල හැකිය” යන සරල වදනින් වුවත් අරුත් දැනවිය හැකි මෙම මූලධර්මය සාමාන්‍යයෙන් අප ඉගෙන ගන්නේ ඉතා කුඩා කල සිටය.ආහාරයක් ඇල්වීමට පෙර අත් සෝදා ගැනීමේ ඔවදන මෙම මුල ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බහුලම අවස්ථාවකි. අත් සේදීම පිටුපස තිබෙන්නේ අත්ලේ යම් හානිදායක ද්‍රව්‍යයක් හෝ විශබීජ හෙවත් රෝග කාරකයන් තිබිය හැකි බවත්,එසේ හෙයින් එවන් ද්‍රව්‍ය තිබේද නොතිබේද යන්න තහවුරු කිරීමට උත්සහ ගැනීමට වඩා සාර්ථක,කාර්‍යක්ශම සහ ආරක්ශාකාරී පියවර වන්නේ එවන් ද්‍රව්‍ය අත්ලේ තිබීමට ඉඩ තිබිය හැකිය යන මතයේ සිටිමින්,එවන් දේ තිබේ නම් ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර කල්තබා ගැනීමයි.

රාජ්‍ය පාලනයේදී හමුදාවන් පවත්වා ගැනීම,ගිනි නිවන හමුදා,එන්නත් කරනය,පරිසර බලපෑම් තක්සේරු වාර්තා (Environmental Impact Assessments නොහොත් EIA),ශාක ආරක්ශක පනත,සත්ව රෝග පනත,නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත වැනි ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක වන පනත් ගනනාවකම පිටුපස තිබෙන්නේත් මෙම මූලධර්මයම වේ.

එසේම,1992දී රටවල් විශාල ගනනක එකඟත්වයෙන් සම්මත කරගත් රියෝ මූලධර්ම (Rio Principles) අතුරින් 15 වන මූල ධර්මය වන්නේද පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශයයි.එහි සඳහන් වන්නේ “පරිසරය ආරක්ශා කිරීමේ කාර්‍යය උදෙසා සෑම රාජ්‍යයක් විසින්ම තමනට හැකි පමනින් පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශය යොදාගත යුතු” වන බවයි.

1998 ජනවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ විංස්ප්‍රෙඩ් (Wingspread) නගරයේදී පැවති පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශය පිලිඹඳ තෙදින වැඩ මුලුවක අවසානයේදී සියල්ලන් එකඟව පූර්ව ආරක්ශාකාරී මූලධර්මය සම්පින්ඩනය කලේ : “කිසියම් කටයුත්තක් නිසා පරිසරයට හෝ මනුශ්‍ය ජිවිත වලට තර්ජනයක් වෙතැයි පෙනී යන්නේ නම්,සිද්ධිය සහ ප්‍රතිඵල අතර අන්‍යෝන්‍ය සබඳතාවය හරිහැටි විද්‍යාත්මකව තහවුරු කොට නොමැති අවස්ථාවලදී වුවත් පූර්ව ආරක්ශාකාරී පියවර වලට අවතීර්න විය යුතුය” ( When an activity raises threats of harm to human health or the environment, precautionary measures should be taken even if some cause and effect relationships are not fully established scientifically) යන්න වේ.

මෙම තත්වයම පූර්ව ආරක්ශාකාරී මූලධර්මය පිලිඹඳ යුරෝපා සංගමයේ කොමිසම විසින් 2000 වසරේදී කල ප්‍රකාශනයෙන් පවා දක්වා තිබේ.

වෙනත් ලෙසකින් දක්වතොත්, මේ වන විට පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශය ශ්‍රී ලංකාව තුල මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන් පවා පිලිගනු ලබන විද්‍යාත්මක සහ නීතිමය මූලධර්මයක් වී තිබේ.

පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශය තුල සැමවිටම පවතින අදිසි මූල ධර්මයක් වන්නේ විය හැකි නරකම තත්වය (Worst Case scenario) පූර්වේක්ශනය කර ඊට අවශ්‍ය පියවර කල්තබා ක්‍රියාවේ යෙදවීම හෝ එවන් තත්වයක් වෙනුවෙන් පූර්ව සූදානමකින් කටයුතු කිරීමය.

නීති මෙන්ම විද්‍යාවද පිලිගන්නා මෙම ප්‍රවේශය අතිශයින් වැදගත් වන්නේ විද්‍යාත්මක තොරතුරු නොමැති,ප්‍රමානවත් සාක්ශි නොමැති සහ නිසි පරිදි අධ්‍යයනයකට ලක්වී නැති සිද්ධියක් හෝ ක්‍රියාවලියක් නිසා සිදුවිය හැකි තත්වයකට කල්තබා ප්‍රතිචාරයන් සූදානම් කර ගැනීම සඳහාය.අත සේදීමේදීද කරන්නේ විශබීජ හෝ අහිතකර ද්‍රව්‍යයන් අත්ලේ තිබේද යන්න සොයාගෙන නැති හෝ ඊට අදාල පර්‍යේශන සිදු නොකෙරී තිබෙන අවස්ථාවල දි විශබීජ තිබුනේ නම් එයින් ආරක්ශාවීමේ පියවරක් ලෙසිනි.වෙනත් ලෙසකින් කිවහොත් අප අත් සෝදන්නේ සාක්ශි මත පදනම්ව නොව වියහැකි නරකම තත්වය පූර්වේක්ශනය කොට එම තත්වයෙන් ආරක්ශා වීම සඳහා කල්තබාම ගන්නා පියවරක් වශයෙනි.

කිසියම් පාරිසරක ගැටලුවක් හෝ අර්බූදයක් අබියසදී ක්‍රියාත්මක වීම නිර්නය කරන්නේද මෙම පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශය මත සිටය.එනම්,එමගින් විය හැකි තත්වය හැකි ඉක්මනින් පූර්වේක්ශනය කර අවශ්‍ය ප්‍රතිකර්ම සහ නිවාරන කටයුතු පෙල ගැස්වීම වේ.එවන් පූර්ව සූදානමක් අවශ්‍ය විටකදී සාක්ශි ලැබෙන තෙක් කල් මැරීම නිරර්ථක මෙන්ම ඉතා හානිකර විය හැක.

නමුත්, විය හැකි නරකම තත්වයට මුහුන දීමට ගන්නා පෙර සූදනම නිසා නරකම තත්වය උදා වුවහොත් මෙන්ම ඊට අඩු හානිකර තත්වයන්ට වුවත් සාර්ථකව මුහුන දීමේ ශක්තිය ලබා දෙයි.

රටක් වශයෙන්,සංවිධානයක් හෝ ආයතනයක් වශයෙන් මෙන්ම අප සියල්ලන් පුද්ගලිකවත් ක්‍රියා කල යුත්තේ පූර්ව ආරක්ශාකාරී ප්‍රවේශය මත සිටය.එය අපගේ ආරක්ශාවට පමනක් නොව පැවැත්මට පවා අතිශයින් වැදගත් වන්නකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *