කිං බානට් කොලම

පොන්න සිරස ද…? සිරස පොන්න ද…?

Summary

” එතකොට රනිලා හම්බන්තොට වරාය ගෙඩිය පිටින් කුණු කොල්ලෙට චීනෙට දෙනකොට චීන කොඩි දාලා කිංඩිය දැම්මද…? “

කිංබානට්තුමාට අවුරුදු 6 ක් පරණ පත්තර කෑල්ලක් හම්බ වුණා.
කණ්නාඩි කුට්ටමත් දාගෙන කිංබානට්තුමා ඒක කියවන්න ගත්තා.
” රටම රොද බඳින රන් භූමි රැළිය තලෙයිමන්නාරමෙන් හෙට ඇරඹෙයි…!
සිරස, ශක්ති, නිවුස් ෆස්ට් මාධ්‍ය ජාලය, ජාතික තරුණ සේවා සභාව සහ කොළඹ වරාය නගරය ඒකාබද්ධව සංවිධානය කරන සුවිශේෂ වැඩ සටහනක් හෙට තලෙයිමන්නාරමෙන් ආරම්භ කෙරේ.
ඒ රටම රොද බඳින රන් භූමි රැළියයි…”
කිංබානට්තුමා මේක කියව කියවා ඉන්න කොට කෙලී ඉන්ඩියානා ජෝන්ස් එතෙන්ට ආවා.
” මොනවද ඔබතුමා කියවන්නේ …? “
කෙලී ඉන්ඩියානා ජෝන්ස් ඇහුවා.
” මං බැලුවේ ඒ කාලේ සිරස ගැන ප්‍රවෘත්තියක්….”
” ඒ කාලේ කිව්වෙ…? “
” යහපාලන කාලේ සිරස… මේ බලහංකෝ ඒ කාලේ පෝර්ට් සිටි එක කරේ තියන් ගිහින් තියෙන්නේ සිරසෙන් නෙ…”
කිංබානට්තුමා එහෙම කිව්වම කෙලී ඉන්ඩියානා ජෝන්ස් ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගෙ සද්ද නැතුව හිටියා.
” අම්මට හුඩු..! මෙන්න ෆොටෝ එකකුත් …!
කවුද මේ ඉන්නේ …? හිටපු හිටං ඉන්නවා… පෝර්ට් සිටි මැනේජින් ඩිරෙක්ටර් ජියෑං…කැපිටල් මහරාජා ගෲප් ඩිරෙක්ටර් ශෙවාන් ඩැනියෙල්… පුහ්! නයි කයිද රෝස් පාං කිව්වලු..! “
කිංබානට්තුමාගේ ඒ කතාවටත් කෙලී ඉන්ඩියානා ජෝන්ස් පශ්චාත් බාගේ පූට්ටු කරගෙන හිටියා.
” යකෝ ඒ කාලේ රනිලයි යූ.එන්.පී. එකයි පෝර්ට් සිටි එක හදනකොට මුං ගඩොලකුත් අරන් රට වටේ අප්ඩේට් දිදී ගියා… පොහොට්ටුව කරන කොට චීනෙට විකුණලා…නොදකිං මෙහෙමත් පොන්න නිවුස් කලාවක්…! “
කෙලී ඉන්ඩියානා ජෝන්ස් එලොවටත් මෙලොවටත් නැති එකෙක් වගෙ ඒත් කතා නෑ.
” 2002 රනිල් පූගොඩ කම්හල සිංගප්පූරුවට දුන්නා…. උඹලා එතකොට සිංගප්පූරු කොඩි දාලා ඩෙඟා නැටුවද…? “
කිංබානට්තුමා ඇහුවා.
” නෑ..! “
කෙලී ඉන්ඩියානා ජෝන්ස් කිව්වා.
” එතකොට රනිල් බොරු සාම ගිවිසුම් ගහලා උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙනකොට උඹලා ජාතික කොඩියේ සිංහයා ගලවලා කොටියෙක් දාලා දැන් වගෙ පඩ ෂෝ දැම්මද…? “
” නෑ…! “
” ඊළඟට රවියා කෝට්ටේ චන්ද්‍රා සිල්වා ක්‍රීඩාංගණය HSBC බැංකුවට
දෙනකොට සිරසේ නිවුස් හොකොං භාෂාවෙන් කිව්වද…? “
” ඒත් නෑ…! “
” ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට පුදද්දී උඹලා ඉන්දියන් කොඩි දාලා විරෝධය පළ කළාද…? “
” නෑනේ…”
” එතකොට රනිලා හම්බන්තොට වරාය ගෙඩිය පිටින් කුණු කොල්ලෙට චීනෙට දෙනකොට චීන කොඩි දාලා කිංඩිය දැම්මද…? “
” නෑ…”
කෙලී ඉන්ඩියානා ජෝන්ස් එහෙම කියලා යන්න නැගිට්ටා.
” පොඩ්ඩක් හිටපං පොඩි බඩ්ඩක් තියෙනවා උඹට දෙන්න …”
කිංබානට්තුමා එහෙම කියලා පාර්සලයක් කෙලියා අතේ තිබ්බා.
” මොනවද මේක ඇතුලේ…? “
කෙලී ඉන්ඩියානා ජෝන්ස් නස්පුක් වෙලා ගිහින් ඇහුවා.
” ඕකේ රතු පාට ජංගි දෙකක් ඇති … එකක් උඹ ඇඳගනිං….”
” අනිත් එක නීඩ්ඩ රා ටද…? “
” නෑ…! ඒක උඹලගේ අර තුන් හුලස් ලාංජනේට අන්දපං…! “
කිංබානට්තුමා එහෙම කියලා දොර වහලා දැම්මා.

Leave a Reply

Your email address will not be published.