Opinion

පොර්ට් සිටිය කාගේද?

Summary

දැන් අපේ ජාතික සම්පත් ප්‍රාග්ධනය විදියට යොදවලා හදපු පොර්ට් සිටියට ඇතුලට යන්න වීසා ගන්නලු, වෙනම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්නලු, වෙනම නීතියක් ලු, වෙනම පාලනයක් ලු…

චීනා පොර්ට් සිටිය හැදුවේ අපේ මාතෘභූමියේ ගල්, වැලි, පස් වලින්…

බස්නාහිර පළාතේ කඳු බිමට සමතලා කරලා ඒවා ප්‍රවාහනය කළේ අපේ මහා මාර්ග වලින්…

කැළණි ගං මෝය හාරලා වැලි ගනිද්දී අපේ ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්නයි අහිමි වුණේ…

මුහුද ගොඩ කළාම දියවැල් වෙනස් වෙලා අනිත් පැත්තෙන් මීගමුවේ ඉඳලා අළුත්ගමට යන තෙක් වෙරළ ඛාදනය වෙනවා…

ඒ මදිවට හවසට ගෝල් ෆේස් එකට ගිහිං ඈත සිතිජයේ ඉර බහින හැටි බලාගෙන ගත්ත මානසික තෘප්තියත් අපිට සදාකාලිකව අහිමි වෙලා…

යන්ත්‍රෝපකරණ ගෙනැල්ලා චීනා පොර්ට් සිටිය හැදුවට පොර්ට් සිටිය හදන්න කැප කළේ අපේ ජාතික සම්පත්!

හැබැයි දැන් අපේ ජාතික සම්පත් ප්‍රාග්ධනය විදියට යොදවලා හදපු පොර්ට් සිටියට ඇතුලට යන්න වීසා ගන්නලු, වෙනම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්නලු, වෙනම නීතියක් ලු, වෙනම පාලනයක් ලු…

රට රකින විරුවා කියාගෙන, එක රටක් එක නීතියක් කියාගෙන, රුවන්වැලි සෑය අභියස දිවුරලා බලයට ආව ජනාධිපති ගෝඨාභය, අද ඒ අපේ ජාතික ප්‍රග්ධනයෙන් ගොඩ නගපු පොර්ට් සිටිය වෙනම පාලනයක්, වෙනම නීතියක් සහිත ප්‍රදේශයක් කරලා චීන කොළනියක් බවට පත්කරන්න ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 25ක් උල්ලංඝනය කරලා පණතක් ගෙනැල්ලා…!

දැන් ඒ වගන්ති ටික වචන හරඹයක් දාලා සංශෝධනය කළා කියලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න යන්නේ… කොහොම කළත් මේ පණතින් බිහි වන්නේ අපේ රජයට පාලනයක් නැති වෙනම චීන කොළනියක්!

ඒ පණතට අත උස්සන්න දේශප්‍රේමය, ජාති ආලය ගැන ගැන මහා ලොකු කතා කියපු, රටේ ස්වෛරීභාවය රකිනවා කියල දිවුරුම් දීපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද සැදී පැහැදී ඉන්නවා!!

මේ පණත සම්මත වුනොත් ඒ මෑත ඉතිහාසයේ අපේම චන්දෙන් බලයට ආපු මිනිස්සු කරන දැවැන්තම පාවාදීම වෙනවා!!!

ඒ පාපයට කරගහන්න එපා! අත උස්සන්න කලින් හර්දසාක්ෂියෙන් අහන්න “අපි මේ කරන වැඩෙන් අපේ දුවා දරුවන්ගේ අනාගතේ අනතුරේ වැටෙන්නේ නැද්ද?” කියලා…

Leave a Reply

Your email address will not be published.