කිං බානට්

පෝර්ට් සිටි සීසන් එක

Summary

ඊළඟට විජේදාස අයියගේ නොම්මරේ දැන දැනම පොහොට්ටුවේ නොමිනේෂන් දුන්නා….
දැන් විජේදාස අයියා ආපහු ගහනවා….
මේවාට කියන්නේ ටැප් තියෙද්දි අතින් ඇදගෙන නානවා කියලයි….”

  • Save

සීනි සීසන් එක ඉවර වුණා.
ඇෆ්ලටොක්සික් සීසන් එකත් ඉවර වුණා.
ඊළඟට මිසිස් ශ්‍රී ලංකා සීසන් එකත් ඉවර වුණා.
ඔන්න දැන් අලුත්ම සීසන් එක පටන් ගත්තා.
ඒක තමයි පෝර්ට් සිටි සීසන් එක.
ගිහි පැවිදි දෙපාර්ශවයම මේක ගැන කතා කරනවා.
ලස්සනම වැඩේ යහපාලන ආණ්ඩුව කාලේ ඇමරිකාව එක්ක mcc ගිවිසුම ගහන්න ‍යනකොට කටයි පුකයි වහගෙන හිටපු අනුර කුමාර දිසානායකත් පෝස්ට් සිටි කේස් එකේදී ෆෝම් වෙලා.
පොරට ආපහු රටක් තියෙනවා කියලා මතක් වෙලා.
හම්බන්තොට වරාය ගෙඩි පිටින් චීනෙට දෙනකොට අඳන කඩේ දෙකට කපලා මුඹයෙයි, අධෝ මුඛයෙයි ඔබාගෙන හිටපු ඕමල්පේ උන්නාන්සේත් පොර ටෝක් දෙනවා.
විජේදාස අයියත් 2025 පොදු අපේක්ෂක හීනේ ඔලුවේ තියාගෙන හතර වටේ වනනවා.
මේ ගැන හොයාබලන්න කිංබානට්තුමා පාරට බැස්සා.
කිංබානට්තුමාට මාට්ටු වුණේ 69 යේ බයියන් ගෙන් එකෙක්.
කිංබානට්තුමා 69 පොරගෙන් විජේදාස අයියා ගැනයි, පෝර්ට් සිටිය ගැනයි ඇහුවා.
” ඕවා රාජපක්ෂලාගෙම වැරැදි …”
69 පොර කිව්වා.
” ඇයි එහෙම කියන්නේ ….?”
කිංබානට්තුමා ඇහුවා.
” ඔය විජේදාස අයියට නාවල බිල්ඩිමක් තිබ්බා…. ඕකට ඉන්කම්ටැක්ස් කේස් එකක් ආවා….ඒක බේරලා දුන්නේ රාජපක්ෂලා….
ඒක ෂේප් කරගත්තට පස්සේ විජේදාස අයියා අනිත් පැත්ත හැරිලා රාජපක්ෂලාට ගැහුවා ….
ඊළඟට විජේදාස අයියගේ නොම්මරේ දැන දැනම පොහොට්ටුවේ නොමිනේෂන් දුන්නා….
දැන් විජේදාස අයියා ආපහු ගහනවා….
මේවාට කියන්නේ ටැප් තියෙද්දි අතින් ඇදගෙන නානවා කියලයි….”
69 පොර දිගටම කියවගෙන ගියා.
” ඒ කියන්නේ වැරැදි ආණ්ඩුවක් ද අපි තෝරා ගත්තේ …?”
කිංබානට්තුමා ප්‍රශ්නයක් දැම්මා.
” නෑ..නෑ… හරි ආණ්ඩුවක් අපි තෝරා ගත්තේ …! …ඒත් ආණ්ඩුව මුල ඉඳලම තෝරා ගත්තේ වැරැදි මිනිසුන්ව…..මේ කෙළවිල්ලට හේතුව ඒකයි….!”
69 බයියා එහෙම කියාගෙනම මාරු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap