Opinion

පෞ ඕයි…

Summary

යාචකයෙක්ට දෙන බත් පතෙනුත් පුළුවන්නන් කොමිස් කෑල්ලක් ගහන්න බලන් ඉන්න අපේ අයියලා වැක්සීන් එක නිදැල්ලේ යන්න දෙනවා කියන්නෙ ඇන්ඩ්‍රේ රසල් ෆුල්ටොස් එකක් ලීව් කරා වගේ.

කොරෝනා වලට අඩු ගානකට වැක්සීන් එකක් එනකන් හරි කොහෙන් හරි නිකන් දෙනකන් හරි කොහොමත් ඔය අහසින් කඩාපාත් වෙන හෙළ වට්ටෝරු එනවා. දැනට ලෝකයේ බෙදාහරින වැක්සීන් කිහිපය සලකා බැලුවොත් Pfizer vaccine එක 95% ක සාර්ථකත්වයක් පෙන්වනවා, Moderna vaccine එන්නත 94.5%, Oxford-AstraZeneca එක 62% පමණ සාර්ථකත්වයක් පෙන්වනවා.

දැන් මේවා රටකට ලබා ගනිද්දි ප්‍රධාන බාධක දෙකක් තියෙනවා. එකක් මේවා ගන්න යන මුදල් ප්‍රමාණය, දෙවනියට මේවා ගබඩා කිරීමේ පහසුකම් නොමැති වීම. සාර්ථකත්වය අතින් ඉහලම එන්නත විදිහට යන Pfizer නැත්තන් BNT162b2 එන්නත ගබඩාකල යුතු උශ්ණත්වය – 70 සෙල්සියස් රේන්ජ් එකක තියෙන්නෙ. ලංකාව වගේ ඝර්ම කලාපීය රටවලට මේක කොහොමත් දැවැන්ත අභියෝගයක්.

මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා ගබඩාකරණය සාපේක්ෂව පහසු වුනත් ඒවා වුනත් තියෙන්නෙ ලංකාවට ටච් කරන්න අමාරු මට්ටමේ දැනට. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහත්තයා ඕක ගැන කෙලින්ම කියනවා.

ඉතින් දැන් බංකොලොත් වෙලා ඉන්න රටකට මුදල් ප්‍රශ්නෙට අමතරව ඔය ස්ටෝරින්ග් ප්‍රශ්නෙ ආවම මේ කියන ජාතිවල වැක්සීන් එකක් ⁣මෙහාට ගෙන්නගන්න එක උභතෝකෝටික ගැටලුවක්. ඊටත් එහා ගිය ප්‍රශ්නෙ තමයි කොහොමත් ගාන වැඩි, ගෙන්නගන්න අමාරු වැක්සීන් එකක මාස් ස්කේල් ඇණවුම් වලින් ගානක් කඩාගන්න එක.

යාචකයෙක්ට දෙන බත් පතෙනුත් පුළුවන්නන් කොමිස් කෑල්ලක් ගහන්න බලන් ඉන්න අපේ අයියලා වැක්සීන් එක නිදැල්ලේ යන්න දෙනවා කියන්නෙ ඇන්ඩ්‍රේ රසල් ෆුල්ටොස් එකක් ලීව් කරා වගේ.

ඉතින් මිත්‍රවරුනි දැන් තියෙන්නෙ චීනය දෙස බලා ඉන්න. එයැයිලා අඩු ගානකට හරි ණයට හරි මොනාහරි අටවලා දෙනකන් තෙල් බේත්, පැණි, කල්ක, අරිෂ්ඨ, ඉසකුඩිච්චි, නස්න, පත්තු වගේ අම්මටෞඩු වෙන්න කොරෝනා නසන දේවල් මේ රත්තරන් පොළවෙන් මතුවෙනවා. මතුවෙනවා ඉතරක් නෙමේ දෙරණ වගේ නාලිකාවලින් ඒවා ප්‍රමෝට් කරලත් දෙනවා,  සෞඛ්‍ය ඇමතිනීලා හෙම ගිහින් සොට් එකක් දාලා රසගුණ ගැනත් කියනවා.

Waiting game එකක් ප්ලේ වෙන්නෙ එහෙම. කල්මරනවා, කාලය ගන්න මිනිස්සුන්ට බයිලා කියනවා. විද්‍යාවට පයින් ගහලා මිථ්‍යාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැතිරවීමේ වාසි තමයි මේ. මේ වගේ සෙල්ලන් වලදි මිනිස්සුන්ගෙ ජාතිකත්වය කියන හැඟීම හරි ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලංකාවට එන එන්නත් ගැන කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි.

එන්නත හදපු එකා පෞ ඕයි..
එන්නතට ටෙස්ට් සබ්ජෙක්ට් වෙච්චි එවුනුත් පෞ ඕයි..
එතකොට අර ධම්මික පැණිය බොන්න යන එවුන්…උනුත් පෞ ඕයි.
හෙළ සුව දුම් හට්ටි අල්ලන එවුන්.. උනුත් පෞ ඕයි..
මම..? මාත් පෞ ඕයි…
තමුසෙත්..පෞ..රටේම එවුන් පෞ ඕයි…..!!!

Leave a Reply

Your email address will not be published.