කොලම

බක තපස් 2: මර්වින් සිල්වලාගේ කොළඹ පොත් ප්‍රදර්ශනය

Summary

”මා පවසන්නේ අපේ රටේ උගතුන්ගෙන් දේශපාලනඥයන්ගෙන් බුද්ධිමතුන්ගෙන් මහාචාර්යවරැන්ගෙන් සියයට සියයක් ‘බකතපස්’ බව නොවේ.

  • Save

සුබෝධ  විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව

මේ අන්දමින් සිතිවිල්ලෙන් ගුණසිංහපුරයේ සිටියත් මේ වන විට වැගන්ආර් එකෙන් ජයවීර සිටියේ තලවතුගොඩ හන්දියේය. සිතිවිලි මැද ම වැගන්ආරය ඔහුව කලල්ගොඩ පාරෙන් තලවතුගොඩ ප්‍රධාන මාර්ගයට ගෙනවිත් තිබිණි. කළල්ගොඩ පාර මෙන් නොව තලවතුගොඩ පාර එක් පැත්තකට ඉඩ ඇති ලේන් දෙකක් ඇති දෙපැත්තම ගත්තොත් ලේන් හතරක ප්‍රධාන පාරකි.

ඔහුට විජයන්ගේ කතාව කඩවත කතාව හදිසියේ මතක් වූයේ ඇයිදැයි කල්පනා කරන්නට මතක් වූයේ තලවතුගොඩ හරියේදීය. ඒ ගැන ආපස්සට කල්පනා කරද්දී මේ කල්පනාව ඔහුගේ සිතට එන්නට ඇති ආකාරය ජයවීරට සිහිවිය. ජයවීර දැන් කොට්ටාවට කිට්ටු හොරහේන ප්‍රදේශයේ පදිංචිව සිටියත් ජයවීරගේ ගම ගලේවෙලයි. ජීවිතයේ තරැණ අවධියේ කොළඹ එනවිට ඔහුට කොළඹ යැයි දැනුණේ කඩවත බස් ඩිපෝ වංගුව පසු කරන විටය. මේ කඩවත බස් ඩිපෝ වංගුවත් කළල්ගොඩ පාරෙන් තලවතුගොඩ පාරට දමා කන්දෙන් පහළ බහින විට ඇති වංගුවත් අතර යම් දෘශ්‍යමය සමානකමක් තම සිත තුළ ඒ අවස්ථාවේ දී මැවීම හදිසියේ මේ විජයන්ගේ කතාව මතක් වීමට හේතුවන්නට ඇති බව ඒත් සමගම ජයවීරට කල්පනා විය. ඒ අනුව හදිසියේ ඔපිස් එකේ විජයන්ගේ කතාව මතක් වීමේ සුලමුල ජයවීරගේ සිත තුළ නිරවුල් විය. ඒ නිසා ම වෙනත් කල්පනාවකට නිරවුල්ව මාරැවීමේ අවස්ථාව ඔහුට ලැබිණි.

ඒත් වෙනත් සිතිවිල්ලකට මාරැ වෙන්නට ඉඩ නොදී ඔහුගේ සිත ඩැහැගත්තේ ඒ වනවිට පැවැත්වෙමින් තිබුණ කොළඹ පොත් ප්‍රදර්ශනයයි. පාරේ අලවා තිබූ බැනර් එකක් ඔහුගේ සිත කොළඹ පොත් ප්‍රදර්ශනය වටා දැවටවූවේය.

කළ දුටු කළ වළ ඉහ ගැනීම දේශපාලනඥයන්ගේ පමණක් නොව ලේඛකයන්ගේ ද ප්‍රකාශකයන්ගේ ද සිරිත බව ඔහු තුළ පහළ වූ මුල් ම කල්පනාවයි. කෙසේවුවත් අසත්‍යය සමග අරගලයකට නොපැටලී සත්‍යය කතා කරන්නට යාම ධර්මපාල පිළිවෙත නොවන බව ද ඒ සමගම ජයවීරට කල්පනා විය. එනම් ජීවිත පරිත්‍යාගයෙන් සත්‍යය වෙනුවෙන් සටන් කරන ධර්මපාල වැනි වීරයන් වෙනුවට අද ඇත්තේ විවේකයට පාට් ටයිම් ඇත්ත කතා කරන තමා වැනි වීරයන් යැයි ජයවීරට සිතිණි. එසේ ද වුවත් කොළඹ පොත් ප්‍රදර්ශනය හා ස්වර්ණ පුස්තක ගැන සිතිවිලි හා විවේචන මවා ගැනීමෙන් වැළකීමට ජයවීරට නොහැකි විය.

ජයවීරගේ මිතුයෙක් කිව් කතාවක් ජයවීරට මතක් විය. එනම් දැන් සෑම නාට්‍ය විනිශ්චයක මණ්ඩලයකම සිටින්නේ එකම කට්ටියක් බවයි. එනම් පොත් විනිශ්චය කරන්නේ ද ටෙලිනාට්‍ය විනිශ්චය කරන්නේ ද චිත්‍රපට විනිශ්චය කරන්නේ ද නාට්‍ය විනිශ්චය කරන්නේ ද එකම කට්ටියක් බවයි. ලංකාවේ ජනාධිපති නම් අවුරැදු පහෙන් පහට වෙනස් වේ. සංස්කෘතික ඇමතිලා ද ඇතැම් විට ඊට කලින් වෙනස් වේ. එහෙත් අවුරැදු විස්සක සිට මේ විනිශ්චය මණ්ඩලවල සිටින්නේ එකම කට්ටියක් බව ඔහුට මතක් විය

එනම් දේශපාලනයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයවත් අවසාන වශයෙන් සාහිත්‍ය හා කලාව තුළ කොහෙත්ම නැති බව ජයවීරට සිහිවිය. එහෙත් ඒ සමගම රජයන් හා ප්‍රජාතන්ත්‍රවාදය විවේචනය කරන්නන්ගන් වැඩිපිරිසක් සිටින්නේ එවන් ඒකාධිපතිත්වයක් රජයන සාහිත්‍ය හා කලාව තුළ සිටින පිරිස අතර බව ද ජයවීරට කල්පනා විය. විනිශ්චයකරැවන් කරන්නේ ප්‍රකාශකයන් හා ඔවුන් අතර පවතින කොන්ත්‍රාත් එකක කොටසක් යැයි ජයවීරට සිතිණි. ඇත්තටම ඉතාම නිහීන දේශපාලනඥයන්ට ද වඩා මේ සාහිත්‍ය විනිශ්චය කරැවන් දීන යැයි ද ඔවුන් පොත් ප්‍රකාශකයන්ගේ කුලී විනිසුරැවන් යැයි ද ජයවීරට සිතිණ.

ටෙලිනාට්‍ය හා චිත්‍රපට විනිශ්චය මණ්ඩලවල ද සිටින්නේ මේ එකම පිරිසය. සම්පූර්ණ සාහිත්‍ය හා කලාවම ඔවුන්ගේ බූදලයක් වී ඇත. කෙසේවුවත් මේ විනිශ්චය මණ්ඩලවට සාමාන්‍ය ගතානුගතික සම්ප්‍රදාය වෙනස් කළ තීරණයක් මෑතක දී හදගම අසෝක විසින් රාජ්‍ය නාට්‍ය උත්සවයේ දී ලබා දී තිබූ බවක් ද ජයවීරට සිහිවිය. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ දී දිගු නාට්‍ය සම්බන්ධයෙන් හදගම අසෝකගේ තීන්දුව අවුරැදු විස්සක පමණ කාලය තුළ විනිශ්චය මණ්ඩලයකින් ලැබුණු එකම ප්‍රශස්ත හා නිර්භය තීරණය යැයි ජයවීරට සිතුණේය.

අද ස්වර්ණ පුස්තක නම් අච්චුව තුළ හිරකර සිංහල නවකතාව මරාදමා ඇති බව ද මෙය ප්‍රකාශකයන්ගේ හා මේ විනිශ්චය මණ්ඩලවල ධන හා බල තණ්හාවේ ප්‍රතිඵලයක් බවත් ජයවීර කල්පනා කළේය.

ජී. බී. සේනානායකලා කරැණාසේන ජයලත්ලා නොමැති ලෝකයක ප්‍රකාශකයන් රජ වී ඇති ලෝකයක නවකතාව හා සාහිත්‍යය පණ අදිමින් සිටින බවත් කොළඹ පොත් ප්‍රදර්ශනය එහි අවමංගල්‍ය උත්සවය බවත් ජයවීර තවදුරටත් සිතුවේය. සාහිත්‍යය ගැන කිසිදු හැගීමක් නැති එහෙත් සල්ලි ගණින හැටි හොදින්ම දැන සිටින ජයවීර දන්නා පොත් ප්‍රකාශකයන් කිහිප දෙනෙකුගේ මුහුණු ද ජයවීර ඉදිරියේ මැවී පෙණිනි.

ජී. බී. සේනානායකලා කරැණාසේන ජයලත්ලා නොමැති ලෝකයක ප්‍රකාශකයන් රජ වී ඇති ලෝකයක නවකතාව හා සාහිත්‍යය පණ අදිමින් සිටින බවත් කොළඹ පොත් ප්‍රදර්ශනය එහි අවමංගල්‍ය උත්සවය බවත් ජයවීර තවදුරටත් සිතුවේය. සාහිත්‍යය ගැන කිසිදු හැගීමක් නැති එහෙත් සල්ලි ගණින හැටි හොදින්ම දැන සිටින ජයවීර දන්නා පොත් ප්‍රකාශකයන් කිහිප දෙනෙකුගේ මුහුණු ද ජයවීර ඉදිරියේ මැවී පෙණිනි. මේ වකවානුව තුළ සාහිත්‍යය ගැන යම්තම් හෝ වගකීමක් ඇති බව පෙනෙන එකම ප්‍රකාශකයා මරදානේ ගොඩගේ මහතා යැයි සිතුණේ පැරණි වැදගත් සාහිත්‍ය කෘති යම් පමණකින් හෝ නැවත හදුන්වාදීමට ඒ මහතා දරන උත්සාහය ගැන සිහිවීමේදීය. දේශපාලනයට ද වඩා ව්‍යවසනයක සාහිත්‍යය හිර වී ඇති බව ද ඒත් එහි වගඋත්තරකරැවෙකු සිතාගැනීමට නොහැකි බව ද මේ විනිශ්චය මණ්ඩල මේ ප්‍රශ්නයේ වගඋත්තරකරැවන් නොව ප්‍රතිඵල පමණක් බව ද ජයවීර සිතුවේය. කොටින්ම අවසාන වශයෙන් ජයවීර සාහසිකව කල්පනා කළේ මර්වින් සිල්වලාට වඩා දැන් සිටින සාහිත්‍යකරැවන් පිස්සු කෙළින බවය. අපේ සාහිත්‍යය සතුව පවතින උතුම් යටගියාව හා සමග සැසදීමේ දී මේ හිතිවිල්ල සාහසික නොවේ යැයි ජයවීර සිතන විට වැගන්ආරය කොල්ලුපිටියට ළගාවී තිබිණි.

බක තපස් 1: වස්සා එක්ක විස්ස දාලා අනාගත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap