COLUMN

“බරක් වෙච්ච රාජ්‍ය සේවය හැටපහ කිරීම”

Summary

“රාජ්‍ය සේවය රටට බරක්” ලු…
ඒ මුදල් ඇමතිතුමාම දාපු අයවැයේ කියනව
ඒ බරක් වෙච්ච රාජ්‍ය සේවකයටම
“අවුරුදු හැටපහ”වෙනකන් වැඩ කරන්නලු…
ගැලපෙන්නෙ නෑ නේද?

මුදල් ඇමතිතුමා කියනව
“රාජ්‍ය සේවය රටට බරක්” ලු…
ඒ මුදල් ඇමතිතුමාම දාපු අයවැයේ කියනව
ඒ බරක් වෙච්ච රාජ්‍ය සේවකයටම
“අවුරුදු හැටපහ”වෙනකන් වැඩ කරන්නලු…
ගැලපෙන්නෙ නෑ නේද?
මෙහෙම කියන්නෙ තමන්ගෙ සහෝදරය අවුරුදු දහයකුත් තමන්⁣ගෙ තව සහෝදරයෙක් අවුරුදු දෙකකුත් ජනාධිපතිකම් දරපු, තව සහෝදරවරු, පුතාල, බෑණල අසීමිත තනතුරු දරපු පවුලක තවත් සහෝදරයෙක්…
ගරු මුදල් ඇමතිතුමනි,
ඕක අමුතු සොයාගැනීමක් නෙවෙයි…
ලංකාවෙ කන්තෝරුවකට වැඩක් කරගන්න එක දවසක ගිය ඕන කෙනෙක් දන්න ඉතාම සරල සත්‍යයක්…
ලංකාවේ රාජ්‍ය සේවක ප්‍රමාණය වැඩියි. සැකයක් නෑ.
හැබැයි, ප්‍රධාන ප්‍රශ්නය ඒක නෙවෙයි…
ඒ ඉන්න සේවක ප්‍රමාණයෙන් හරියට වැඩ ගන්න ක්‍රමයක් නෑ.
වැඩ අධීක්ෂණය කරන ක්‍රමයක් නෑ.
වැඩ කරන එකාටත් නොකරන එකාටත් එකම පඩිය.
වැඩ කරන එක චොයිස් එකක්!
ඒකත් දන්නව කියමුකො,
ප්‍රශ්නය ඒ වෙනුවෙන් ඔබ තමුන්නැහැලා මොනවද කරල තියෙන්නෙ?
ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාව බලයට ගෙනාවෙ ඕව හරිගස්සන්න…
අමතක නම් ඒවත් මතක් කරගන්න…
ඒත් එතුමා ඒ වෙනුවෙන් මොකද කරේ?
රාජ්‍ය සේවයෙ ඉහළ තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කරපු එක…
රාජ්‍ය සේවා කොමිසමට තමන්ගෙ මිත්‍රයන් පත් කරපු එක…
දැන් ඒ පත්කරපු අය රාජ්‍ය සේවය හරිගස්සන්න මොනවද කරල තියෙන්නෙ?
ගරු ජනාධිපතිතුමනි, මුදල් ඇමතිතුමනි,
රාජ්‍ය සේවයෙ නියම වැඩ කාරයො ඉන්නව…
වැඩ කරවන්න පුලුවන් නිර්මාණශීලී මිනිස්සු ඉන්නව…
ඉන්න තැන් හදපු මිනිස්සු ඉන්නව…
රාජ්‍ය සේවයෙ ප්‍රශ්න ගැන දන්න ඒව විසඳන්න මිනිස්සු ඉන්නව…
අධ්‍යාපනයෙ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, කොළඹ හිටපු දිසාපති සුනිල් කන්නන්ගර, බදුල්ලෙ රෝහලේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය මාපා, අපේ හිටපු මැකො තුමා, ආගමන විගමන එකේ හිටපු අධ්‍යක්ෂකතුමා, රේගුවෙ මිසිස් චාල්ස් වගෙ සීනියර් මිනිස්සු වගේම දක්ෂ නිර්මාණශීලී ජවසම්පන්න තරුණ නිලධාරීන් රට පුරා හැංගිල ඉන්නව…
ඔවුන් වගේ අය ගැන හොයල බලන්න…
ඔවුන්ට බලය දෙන්න…
නිශ්චිත කාලයක් දෙන්න…
වැඩ පෙන්නන්න කියන්න…
Perfomance Based ගෙවන ක්‍රම හදන්න ⁣කියන්න…
සේවාලාභීන්ගෙන් feedback ගන්න ක්‍රම හදන්න…
ඒව මත උසස්වීම් දෙන්න…දිරිදීමනා දෙන්න…
වැඩ බැරි කම්මැලියො ගෙදර යවන්න…
හැටපහ නෙවෙයි හතලිස් පහ වුනත් කමක් නෑ.
ඊට පස්සෙ උදේ නවයට විතර වැඩක් කරගන්න අමාත්‍යාංශයකට කාව හරි යවන්න…
ඉස්පිරිතාලෙකට රෝගියෙක් යවන්න…
සරලයි…
රටට බරක් කියල හිතෙන රාජ්‍ය සේවය හරිගස්සන්නෙ එහෙමයි…
හොඳට මතක තියාගන්න, රාජ්‍ය සේවකයො ලක්ෂ දහතුනෙන් පවුල් ලක්ෂ දහතුනක් නඩත්තු වෙනව…
ඒත් ලංකාවෙ මිනිස්සු…
මං ඔය බරක් කතාවට සියයට සියයක් එකඟ නැත්තෙ ඒකයි…
ආදරණීය මිත්‍රවරුනි,
හැටපහ නෙවෙයි හැත්තැපහ වෙනකන් වුනත් රාජ්‍ය සේවයෙ හිටියට කමක් නැති නිලධාරීන් ඉන්නව…
ඒත්, වැඩි හරිය එහෙමද?
තම තමන්ගෙ ක්ෂේත්‍ර ගැන කල්පනා කරල බලන්න…
කොළඹට වෙලා වැජඹෙන ⁣අය ගැන කල්පනා කරල බලන්න…
මේ කතා දෙකම සංකල්පීයව හරි වෙන්න පුලුවන්…
හැබැයි ප්‍රායෝගිකව වෙනස් කරන එක වෙනම දෙයක්…
ලංකාවෙ ප්‍රශ්නය තියෙන්නෙ එතන…
මේව වෙනස් කරන්න බැරි නෑ…
හැබැයි මේ දක්වා කරල තියෙන හැටියට නම් වෙනස් කරන්න පුලුවන් කියල හිතෙන්නෙත් නෑ…
ඒ හින්ද රාජ්‍ය සේවය වගේම ඒක වෙනස් කරන්න දන්නෙ නැති ඔබ තමුන්නැහැලාත් රටට බරක්…
ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published.