Opinion

බැකෝවාදය ඉදිරියටම

Summary

පින්තූරේ තියෙන්නෙ පහුගිය හත්වෙනිදා රථගාලක් හදන්න කියලා ඡේතවනාරාම දාගැබේ උතුරු දොරටුව ප්‍රදේශය බැකෝ දාලා හාරලා තියෙන හැටි. ප්‍රවෘත්තියට අනුව අඩි දෙකක් විතර ගැඹුරට හාරලා තියෙන උතුරු දොරටුව ප්‍රදේශයේ හෑරීම නිසා භුගත ස්මාරකවල කොටස් ගැලවිලා ගිහින් තියෙනවා කියලා වාර්තා වෙනවා.

පින්තූරේ තියෙන්නෙ පහුගිය හත්වෙනිදා රථගාලක් හදන්න කියලා ඡේතවනාරාම දාගැබේ උතුරු දොරටුව ප්‍රදේශය බැකෝ දාලා හාරලා තියෙන හැටි. ප්‍රවෘත්තියට අනුව අඩි දෙකක් විතර ගැඹුරට හාරලා තියෙන උතුරු දොරටුව ප්‍රදේශයේ හෑරීම නිසා භුගත ස්මාරකවල කොටස් ගැලවිලා ගිහින් තියෙනවා කියලා වාර්තා වෙනවා.

මේ තියෙන්නෙ ආචාර්ය මොහොන් අබේරත්න විසින් අදාල පෝස්ට් එකක දාලා තියෙන කමෙන්ට් එකක්. ආචාර්යතුමා තාපසංද්වීප්තතා කාළනීර්න ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ස්තූපය යටින් දිවෙන ඉදිකිරීම් ක්‍රි.පු 250 තෙක් දිවයන බව පර්යේෂණ මඟින් ඉදිරිපත් කරපු හැටි සහ මේ භූමිය මිහිඳු මහා රහතන් වහන්සේගේ අදාහන මළුව යැයි පැවසෙන භූමිය බවට තොරතුරු පවතින බවට සඳහන් කරනවා. මේ මිහිඳු හිමි අදාහන මළුව සහ ⁣ඡේතවනය අතර සබඳතාවත්, මහසෙන් රජදවස තෙක් නන්දන උයන එහෙම නැත්තන් ජෝති වන උද්‍යානය තුල ඡේතවනය නොහොත් බුදු රාජානන්ගෙ පටි ධාතුව තැන්පත් කල ගඩොලින් කල ලොව විශාලතම ගොඩනැගිල්ල ඉදිවු ආකාරයත් ගැන ආචාර්ය ගම්ලත් විසින් සිදුකල පර්යේෂණ සහ ශාස්ත්‍රීය ප්‍රකාශන ගනනාවක් පවතිනවා. මේවා යුනෙස්කෝවෙන් ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන්නෙ ඇඟේ අමාරුවට නෙවෙයි.. ලංකාවාසී අපිට වගේම සමස්ථ මානව වර්ගයාගේ උරුමයක් ලෙස සාක්ෂි දැරීමට තරම් සුවිශේෂීත්වයක්, ගාම්භීරත්වයක් ඡේතවනය සතු නිසා.

ආන් එහෙම තැන් තමයි මේ කියන විදියට බැකෝ දාලා හාරන්නෙ රථ ගාල් හදන්න.
දැන් නිකමට හිතන්නකො ඔය දැගබ අයිනෙ බැකෝ එකෙන් හාරලා තියෙන ආකාරයත්, පසෙකින් බැකෝ එකක් පේන පින්තූරයක් රජපක්ෂලාගෙ නොවන ආණ්ඩු සමයක එලිබැස්සා කියලා. හම්බෝ ඉතින් බයියො පස් කාලා, හෙන ඉල්ලලා, හොටු පෙරාගෙන අඬලා, පෙරපු හොටු වලටම ලිස්සලා වැටිලා අතපයත් කඩාගෙන, මිහිඳු හිමියන්ගෙ අදාහන මළුවෙම දර සෑයක් හදලා එකෙක් දෙන්නෙක් ගිනි තියාගෙන ආදාහනය වෙලා, කිරි කොරහා නටලා, මාගල්කන්දෙ සුදත්ත හාර්කෝස් පටාස් බීලා, ඉත්තැකන්දෙ සද්දාතිස්ස මිලිමීටර් නමයේ පිස්තෝලෙකින් අතට වෙඩි තියන්, අතුරලියේ රථන දින අනුවක් නිරාහාරව ඉඳලා ඕල්මොස්ට් නිවන් බලලා, මුරුත්තෙට්ටුවෙ ආනන්ද මුසල පාලකයො පත්වීමේ ආදීනව සුමධුර ධර්ම දේසනාවක් කරලා එක ගිනි විජ්ජුම්බරයක් වෙනවා.

වෙලාවට ඡේතවනාරාමය උතුරු දොරටුව හාරන වෙලාව එද්දි ඒ සියළු දෙනාම මහන වෙලා. ඒ නිසා ලොකු අවුලක් නෑ. බයියො වුනත් දැන් සෑහෙන්න හැදිලා. වෙනදා වගේ යෝධ සංවර්ධන ක්‍රියාවලි වලට අකුල් හෙලන්නෙ නෑ. ඇත්ත වසයෙන්ම කිව්වොත් මේ වෙලාවේ පාරට බැහැලා ඉන්නෙ අභයගිරිය ඉස්සරහා මුරගල්වලට බහිරව පිදේනි දීපු විලිසංගෙ නැති කුකුලො ටික ඉතරයි.

Leave a Reply

Your email address will not be published.