Opinion සතරැස් නුවර පුවත්

බිජු පූප වස්තුව

Summary

“මා මිත්‍ර රාජපාක්ෂික මහේන්ද්‍රයානෙනි…. තවත් එක් බිජු පූපයක් වේනම් මාහට වලදුව මැනවැ”

  • Save

සතරැස් නුවර මෙත්පල් තෙම මහත් වූ උකටලීයෙන් කල්මරන සමයෙකි. වෙහෙසකර ආයාසයට සරිලන පඩුරක් පාක්කුඩමක් වරදානයෙක් නොවූයෙන් ඉවසීමට ඉටා නිහඩ වියැ.

එයින් මෙත්පල් හට කිසිදු අස්වැසිල්ලක් නොවීයැ. හේ රාජ්ජ විචාලූ සමයෙහි වූ නන් විද විපරීතයන් කරනයෙන් බෝ පිරිස් මෙත්පල්ලානන් හට නන් අයුරින් දොස් පැවරූහ. රජ පැමිණ එක් වස් ඇවෑමෙන් රාජගෝශ්ටයේ ප්‍රකෝටි ගනනින් කහවනු අතුරුදන් වීමයැ. විපරීත යොන් කැලක් සියගනන් ජනයා මරාලීමයැ. මේ සියල් විපරීතයන් නෑසූ සවන් ඇතිවැ අපරභාගයේ දසවන හෝරාවේ නිද්‍රාගත් වීමයැ. මෙකී නොකී නන්වැදෑරුම් නොකටයුතු සෙවීමේ සභාවන්හි ඔහු විලිවැසූ පිලි එකිනෙක ගිලිහී සෙලුව දර්ශනය වීම වැලකීමට අත්ල පමනෙක් ශේශ වියැ.

එකල එක් බලමුලු දෙරුවෙකු වූ සොදුරු ජය නම් නිලදරුවකු යැ. සතරැස රැකවල්ලූ එක් හම්මටසිරි නම් ලේනෙකි. තවද රාජ රාජ මහාහත්‍යාදීන් බොහෝවකි. මුන් සියල්ල මිත්පලුන් පිලිමල් කොට බිනිත්.

සියල්ල විසදාලමියි සිතා ආතර රජුගේ එක්ස්කැලිබරය පැරයූ ද රාවණයන්ගේ චන්ද්‍රහාස අසිපතපැරයූ ද උන් සතු වූ මහාර්ඝ  අසිපත සෙවීයැ. අහෝ එය දැන් ගොටු අභය උදෙසා මුවහත් කරන්නේයැ යි සිහිපත්වැ…

“මා හට ගැලවීමටනම් වරෙක මහේන්ද්‍රයානන්ගෙන් ගැලවීමට මා වැලදූ බිජු පූපයෙක් වැලදිය යුත්තේයැ” සිතා හැල්මේ මහේන්ද්‍රයානන් වෙත දුවන්නට වියැ.

“කිම මිත්‍රය…. කිමෙක් ඇරබ මෙහි දිව ආයේදැ” යි මෙත්පල් දුටු මහේන්ද්‍රයානන් මිමැසී.

තොරක් නැති වැ ස්වාස කරමින් මෙත්පල් තෙම මෙසේ පිලිවිසීයැ.
“මා මිත්‍ර රාජපාක්ෂික මහේන්ද්‍රයානෙනි…. තවත් එක් බිජු පූපයක් වේනම් මාහට වලදුව මැනවැ”

ඒ සවන් වැකි මහේන්ද්‍රයාන සිහිමුර්ජාවැ දෙරනප්‍රාප්ත වියැ.

හුදී ජන සංවේගය උදෙසා කල බිජු පූප වස්තුව වෙතෙකිකින් නිමියේයැ


1. දෙටු පිලිමල් වස්තුව

2. පලග වස්තුව

3. විසි (නො) වන කෙටුම්පත් වස්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap