කිං බානට් කොලම

බොඩිලයින් සොහොයුරියෝ සහ කිඩ්නියක් නැති සහෝදරවරු….!

Summary

” එතකොට මත්තල වී වනද්දී, වරාය විකුණද්දී අයර්ලන්තය නිල නොවන තානාපති ලප කුමාර හිටියද…? ”
” හිටියනෙ..! හාමුගේ ඔඩොක්කු කුක්කා වෙලා නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන බුදියන් හිටියා…”

  • Save

කිංබානට්තුමා කිච පීරිස් එක්ක පොඩි චැට් එකක් දැම්මා.
” කිචා උඹට මතකද යහපාලන කාලේ කෲඩියා සෙලනිකා දේවානි කෙනෙක් හිටියද…? “
” හිටියේ නෑනේ…”
කිච පීරිස් උත්තර දුන්නා.
” එතකොට මත්තල වී වනද්දී, වරාය විකුණද්දී අයර්ලන්තය නිල නොවන තානාපති ලප කුමාර හිටියද…? “
” හිටියනෙ..! හාමුගේ ඔඩොක්කු කුක්කා වෙලා නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන බුදියන් හිටියා…”
” එතකොට ජෝසප් ස්ටාලින් හිටියද…? “
” එහෙම එකෙක් මෙහේ නං හිටියේ නෑ.. හැබැයි රුසියාවේ නං නායකයයෙක් හිටියා… ඒ වෙනකොට එයත් මැරිලා…”
” මහින්ද ජයසිංහලා, නාමල් කරුණාරත්නලා …? “
” අහලාවත් තිබ්බේ නෑ එහෙම එවුන් සෙට් එකක් ගැන ….”
” බලපං යහපාලන කාලේ රටට කෙළවන කොට පොට්ටයෝ, බීරෝ වගෙ හිටපු එවුන් දැන් රටට කෙළවන්න පුදුම ජොහෝර් එකකින් සෙට් වෙලා….”
කිංබානට්තුමා පැහැදිලි කළා.
” එහෙම වෙන්නෙ ඇයි…? “
කිච පීරිස් ඇහුවා.
” ඔය එකෙකුටවත් කිඩ්නියක් නෑ බං…! ඒක තේරෙන්නේ ජීවිතේ අතේ තියාගෙන බොඩිලයින් එකේ මේ මිනිස්සු රට වෙනුවෙන් කරන කැපවීම දැක්කමයි…! “
එහෙම කියපු කිංබානට්තුමා බොඩිලයින් වීඩියෝ එක කිච පීරිස්ට පෙන්නුවා.

https://fb.watch/896hXzErzz/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap