COLUMN

භාෂණයේ නිදහස

Summary

“ආයතනික සංස්කෘතිය” කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ගැලැපෙන විදිහට තමයි ආයතනවල වැඩකරන අය හැසිරෙන්නේ. තමන්ට ඕන ඕන විදිහට ආයතන ඇතුළේ හැසිරෙන්න බෑ.

“ආයතනික සංස්කෘතිය” කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ගැලැපෙන විදිහට තමයි ආයතනවල වැඩකරන අය හැසිරෙන්නේ. තමන්ට ඕන ඕන විදිහට ආයතන ඇතුළේ හැසිරෙන්න බෑ.
මහ බැංකුව ගැන හිතන්න. එහෙම නැතිනම් ප්රාදේශීය ලේකම් කාර්යාලයක් ගැන හිතන්න. මේක මාධ්ය ආයතනවලටත් අදාළයි. සිරස ආයතනයේ වැඩ කරන අය ඒකට අදාළ විදිහකට හැසිරෙනවා. ඔය කොතැනත් (විශ්වවිද්යාලවල පවා) වැඩ කෙරෙන විදිහක්, වැඩ කරන්න ඕන විදිහක්, හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් කවුරු වුනත් එහෙම තමයි තමන්ගේ රාජකාරි ජීවිතය ගතකරන්නේ.
යම් ආයතනයක් ඇතුළේ හැසිරෙන්න ඕන විදිහ එකින් එක කියලා දෙන්නේ නෑ. හා හා පුරා තැනක වැඩට ගියාම අපි මුලින් ම කරන්නේ අනිත් අය වැඩකරන විදිහ අධ්යයනය කරන එක. එකට ඉඳලා, කතාබහ කරලා අපි ඒ ගැන තේරුම්ගන්නවා. ඒත් එක්කම අපිත් ක්රම ක්රමයෙන් ඒ සංස්කෘතියට හැඩගැහෙනවා.
ප්රසිද්ධ ඉංග්රීසි පත්තරේක (ආණ්ඩුවේ එකක් නෙවෙයි):වැඩකරන යාළුවෙක් මේකට අදාළ කතාවක් මට කිව්වා. “ලියන්න ඕන නැති දේවල් මොනවා ද කියලා අපිට කියන්නේ නෑ. ඒත් වැඩට ඇවිල්ලා ටික දවසක් යද්දී අපි හැම දෙයක් ම තේරුම්ගන්නවා. ඉතින් නොලියන්න ඕන දේවල් අපි ලියන්නේ නෑ. වවුලාගේ ගෙදර ගිහිල්ලා එල්ලිලා ඉන්නවා වගේ තමයි”.
ඊයේ පෙරේදා ඉස්සරහට ආපු “භාෂණයේ නිදහස” මාතෘකාව දැක්කාම තමයි මට මේ කාරණය සිහියට ආවේ. ආණ්ඩුවේ රූපවාහිනීයේ වැඩ කරපු නෝනා කෙනෙක් ආණ්ඩුව විවේචනය කළාලු.ඊට පස්සේ ඒ ආයතනය අර නෝනා පිටුවහල් කරලා.
ආණ්ඩුව විසින් මෙහෙයවන හුඟක් ආයතනවල අදහස් ප්රකාශනය වෙනස්වෙන්නේ බලය මාරුවෙන වෙලාවට. එතකොට පැරැදිච්ච පැත්තට සම්බන්ධ කට්ටිය යට ගිහිල්ලා දිනපු පැත්තේ අය ඉස්සරහට එනවා.
හැබැයි භාෂණයේ නිදහස මුළුමනින්ම හිතේ හැටියට පාවිච්චිකරන්න පුළුවන් දේකුත් තියෙනවා. ඒ තමයි, බුද්ධාගම සහ අපේ ස්වාමීන්වහන්සේලාව විවේචනය කරන වැඩේ. ඒක නම් උඩ පැන පැන කරන්න පුළුවන් වැඩක්. තැලෙන යකඩයක් අහුවුණාම පස්ස ගහන්න හොඳ නෑ.
හැබැයි අනිත් තැන්වල දී, ඒ තැන්වලට අදාළ විදිහට ඉන්න. ඒකට ගැලපෙන විදිහට හැසිරෙන්න.
Leave a Reply

Your email address will not be published.