Opinion සතරැස් නුවර පුවත්

මයික් වස්තුව

Summary

“මුන් මින් කලකට පෙර කැමරන් එපා යි හඩ කැගූහැ… දැන් මයික් එපායි බිනිති. මුන් අප පැමිනීම නුරුස්නාහුයැ…’

  • Save

එදින සතරැස් නුවර කොලොම්තොට මුවදොරට ආසන්න එක් වීදියෙක මහත් කහ පාන්නාවූ රක්ත වණ්න හස්තීන් පිරිසකි. වඩාත් කෝපාවිවිශ්ඨවැ නේක පරුශාවාදයෙන් උන් බිනුම් කෙරෙත්. උන් මයික් නවතනු … මයික් නවතිනූ …. ආදී වදනින් බිනිති. මෙලෙස බිනුම් කෙරෙන්නාවූ රක්ත හස්ති කැල අසලට පැමිණි රිපෝටරයන් මහත් වූ කුහුලින් වහා කැවතී උනුන් කතිකා කරන්නට වූහැ

“කිම සගය මුන් අප පැමිණීම වලකන්නේ නොවේද?….”

“ඉදින් මුන් අපහට කැදවුම් කලේ මන්ද”

“මුන් මින් කලකට පෙර කැමරන් එපා යි හඩ කැගූහැ… දැන් මයික්  එපායි බිනිති. මුන් අප පැමිනීම නුරුස්නාහුයැ…’

“ඉදින් අප එයම රිපෝට් කරන්නමෝ”යි කතිකා කලහ.

“මෙහි සිටිනා මයික් පිම්පියෝ” යි යලින් රක්ත හස්ති විජිත නම් දෙටු තෙමේ හඩ නැගූහැ.

“බලව…. මුන් අප මෙහි කැදවා ඇත්තේ අපහාස මුඛයෙන් බිනීමටය. මෙය රිපෝටර අප සියල්ලන්ට කල අපහාසයෙකි.. ඉදින් වහා පිට වන්නමෝයි” කතිකා කොට පිටවන්නට වූහැ. ඒ දුටු රක්ත හස්ති විජිතයෝ මවිතවියැ,
“කිමැ…. මේ රිපෝටරයින් අප මහැර යන්නහුය…. කිමෙක් වීද…” යි සිතා රිපෝටරයින් අභිමුවට ගොස් කරුණු විමැසීය.

“එම්බා රක්ත හස්ති දෙටුවානෙනි… අප වූ කලි තොපහට මහත් උපකාර කලෝ වම්හ… ඉදින් තොප අපහට මයික් එපා… මයික් පිම්පියෝ ආදී අවසන් වදනින් බිනිත්…. වරෙක තොප කැමරන් එපා යැයි ද පැවසීය. ඉදින් අප මයික් පමනදු නොවැ  කැමර ද රැගෙන පිටවෙමෝ” යි පිලිතුරු දුන්හැ.

“අහෝ …. රිපෝටර් සහෘදයෙනි අප ඉන් තොප අදහස් නොකලෙමු… මයික් පොම්පි නම් පිටදේසක්කාර රාජ්ජ ලේනෙකු ඇරබ අප හඩ නගමෝ යි,” රක්ත හස්තියානෝ මොනවට පැහැදිලි කලහ.

“අහෝ අප එය නොදන්නෙමු… ඉදින් එසේනම් නැවත විරෝධය අරඹන්නේනම් අප රිපෝට් කරන්නමෝ ” යි පවසා නැවත කැමරා සහ මයික රැගෙන පැමිණියහ.

නිසිලෙස උපකරණ පිහිටවූ රිපෝටරයින්, “කැමරා අරඹනු….. මයික් අල්ලනු… පටන්ගනු….” යි හඩ නැගූහ…

එකෙනෙයිම රක්ත හස්තීන් “මයික් එපා මයික් එපා…,” යි හඩ නැගූහ…

හුදී ජන සංවේගය උදෙසා කල මයික් පිංපි වස්තුව මින් නිමියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap